පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් ස්විස් තානාපති, කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේදී 08දා ලිඛිත මූලික විරෝධතා ගොනු කළේය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ගොනු කළ එම මූලික විරෝධතා සම්බන්ධයෙන් පැමිණිල්ලේ පිළිතුරු ලිඛිත දේශන ලබන ජනවාරි 11 වැනිදා හෝ ඊට පෙර තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට පැමිණිල්ලට නියම කළ විනිසුරු නාමල් බලල්ලේ ලබන ජනවාරි 11 වැනිදා යළි නඩුව කැඳවීමට දින නියම කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බව හඟවාගත් පිරිසක් 2019.11.25 වැනිදා වෑන් රථයකින් පැමිණ කුරුඳුවත්ත ශාන්ත, බි්‍රජට් කන්‍යාරාමය අසලදී තමාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයට යෑමට වීසා ලබාදීම සම්බන්ධයෙන් ගිනි අවියක් පෙන්වා තර්ජනය කරමින් ප්‍රශ්න කළ බවට හා ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගානියා ප්‍රැන්සිස් බැනිස්ටර් නමැත්තියට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක