ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
රනිල් – මෛත්‍රි – මහින්ද – සජිත් සිටින්නේ රටේ මුදල් නාස්තිකරන පැත්තෙයි
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොත වන විට මුළුමනින්ම උඩු යටිකුරු වෙලා ඉවර යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
පසුගියදා බදුල්ලේ පැවැති ජනහමුව අමතා ප්‍රකාශ කළේය. බදුල්ල සේනානායක පිටියේදී ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගන ජාතික ජන බලවේගය’ මැයෙන් එම ජනහමුව පැවැත්විණි.
ලංකාවේ ඉතිහාසයේ විශාලම වෙනස වෙලා ඇති බවත් රට ගොඩ ගන්න හොඳම කණ්ඩායම ඉන්නේ මාලිමාවට බව ජනතා දන්නා බවත් පැවැසු අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් මෙසේද පැවැසීය. ඡන්ද දිනය කියලා මාසයක් ගත වනවිට ලංකාවේ දේශපාලනයේ බොහෝ සිදුවීම් වෙනස්වී ඇති අතර පාඩම් ගොඩක් කියලාදී තිබෙනවා.
මේ රට ගොඩ ගන්න හොඳ වැඩපිළිවෙළක් ඕන. වංචාවෙන් දුෂණයෙන් තොර ආණ්ඩුවක් ඕන. නීතියේ ආධිපත්‍ය තහවුරු වෙච්ච රටක් ඕන. ඒක කරන්නේ මාලිමාව. ඒ කණ්ඩායම ඉන්නේ මාලිමාවේ.
මේ රට ගොඩ අරන් ලෝකය පිළිගත්ත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕන. ඒක කරන්නේ මාලිමාව. 2019 දී අපි සියයට තුනට අඩු වුණා. එතකොට කවුරුවත් හිතුවාද බලය ගන්න පුළුවන් ව්‍යාපාරයක් හැටියට වර්ධනය වෙයි කියලා. ඒගොල්ල හිතුවේ අපි එතනම රැඳෙයි කියලා. කතා කරකර ඉඳියි කියලා. ඡන්දය තියන්නේ නැත්තේ ඇයි? මෙච්චර ගැට ගහන්නේ වංගු ගහන්නේ ලංකාවේ දේශපාලනය 70 වසරකට පස්සේ අලුත් දිසාවකට මාරුවෙන්න පටන් අරන් තියෙනවා. බදුල්ලේ රැස්වීම දැක්කාම අද රෑත් රනිල් වික්‍රමසිංහ ගැටයක් ගහන්න බලනවා. එ.ජා. පක්ෂය රැස්වීමක් තිබ්බාද? මහින්ද රාජපක්ෂ රැස්වීමක් තිබ්බාද? ජනතාව හමු වුනාද?
මං දැක්කා පුටු 22 ක් තියා ගෙන පුටු 18ක වාඩිකර ගෙන නාමල් රාජපක්ෂ
රැස්වීමක් කරනවා. කොළ පාටින් ආණ්ඩු හදන කොට විරුද්ධ පැත්ත තමයි නිල් පාට ඉන්නේ කියලා. නිල් පාටින් ආණ්ඩු හදන කොට ඒකට විරුද්ධ පැත්තට කොළ පාට ඉන්නේ කියලා. දැන් වෙලා තියෙන්නේ කොළ පාට නියෝජනය කරන රනිල් වික්‍රමසිංහලා නිල්පාට නියෝජනය කරන මෛත්‍රීපාල සිරිසේනලා එක පැත්තකට ඇවිත් අනිත් පැත්තට මාළිමාව ඇවිත් තියෙනවා.
ඒ වාගේම පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුව ආණ්ඩු පැත්තේ වාඩි වී ඉන්නවා. සජිත් ප්‍රේමදාස අපි විපක්ෂය පැත්තේ ඉන්නවා. ජනතාව හිතුවා මේක තමයි බෙදීම කියලා. අරගොල්ල ආණ්ඩුවේ. මේ ගොල්ල විපක්ෂයේ. ඒක නොවෙයි බෙදීම.
දැන් ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාර දෙකක් තියෙනවා. එකක් ජාතික ජන බලවේගයේ අපි විසින් රට ගොඩ නගන විදිහ, මේ විපතින් රට මුදවා ගන්න විදිහ ජනතාව එක්ක කරන කතා බහ. අනිත් පැත්තෙන් ඇවිත් සජිත් ප්‍රේමදාස අපිට ඡන්ද හදනවා. අපේ බී ටීම් එක සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් තිබුණා මෙතන. අනිත් පැත්තෙන් ඇවිත් අපිට ඡන්ද හදනවා. අපිට කියන්න දේකුත් නැහැ.
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපාර්ශවය වෙලා ඉන්නේ රනිල් ද? නැහැ. රනිල් වික්‍රමසිංහගේ නමවත් තාම කියලා නැහැ. දැන් මහින්දටයි ගෝඨාභයටයි බැසිල් රාජපක්ෂටයි ඇඟ උඩ නැගලා තඩිබානවා. ඇයි ඇඳ යට ඒ ගොල්ල ඉන්නේ. ඒ කාලේ මහින්දගේ නම නැහැ. ගෝඨාභයගේ නම නැහැ. බැසිල්ගේ නම නැහැ. දැන් ගෝඨාභයට බැසිල්ට පාරේ යන සාමාන්‍ය වැසියොත් බනිනවා. දැන් එයත් බනිනවා.
දැන් බලන්න රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තිබ්බා. දේපළ හානිය විසිකෝටි පනස් ලක්ෂයයි. ගෙට වුණු හානිය ලක්ෂ අනුවයි. කාර් එකට හානිය 19 කෝටි 60 ලක්ෂයයි. දැන් රටේ දරුවන්ට කිරි පැකට් එකක් නැහැ. ගැබිනි මව්වරුන්ට හරිහමන් ආහාර වේලක් නැහැ. රෝහලේ ඉන්න
රෝගියාට බෙහෙත් ටිකක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකම නිමා වුණාම එයාට ඉන්න කැබිනට් මණ්ඩලය ලවා ලියා ගත්ත නිවසේ වටිනාකම කෝටි 800 යි. නඩුවකින් තමයි පිස්කල් ඇවිල්ලා ගෙයින් එළියට දැම්මේ.
ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු ජනාධිපති විදියට කොළඹ කොබ්බෑකඩුව මාවතේ නිවස අළුත් වැඩියා කරන්න වියදම කෝටි 35 යි. විපක්ෂනායක මේ වසරේ වියදම රුපියල් කෝටි 23 යි. මේ අවුරුද්දේ එයාගේ මෑණියන් බලා ගැනීමේ වියදම ලක්ෂ 82 යි. රනිල් ඉන්නේ මෛත්‍රී ඉන්නේ මහින්ද ඉන්නේ නාස්ති කරන පැත්තේ. සජිත් එයත් එහෙමයි. හැබැයි මාළිමාව ඉන්නේ මේ නාස්තිකාර වියදම් නතර කරන අනිත් පැත්තේ.
නීතිඥ හර්ෂණ නානායක්කාර සබරගමුව වි.විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක,ඌව වෙල්ලස්ස වි.විද්‍යාලයේ මහාචාර්ය රුවන් රණසිංහ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුල යන මහත්වරුද ජනහමුව ඇමතූහ.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර