නීතිරීති කඩකරමින් පොලිස් ජීප් රියක් යාල සෆාරි කරලා

414

තදබල නීති පද්ධතියක් යටතේ යාල ජාතික වනෝද්‍යානයේ සතුන් නැරඹීමට සංචාරකයින් සඳහා ඉඩ ලබා දෙන පසුබිමක 4 දෙනෙකුගෙන් සමන්විත පොලිස් ජීප් රථයක් කොටි බලමින් යාල ජාතික වනෝද්‍යානය තුළ සැරිසරණ වීඩියෝ දර්ශන පෙන්වමින් ජීප් රථ හිමියන් සඳහන් කළේය. එම ජීප් රථය තුළ යාල ටිකට් කවුන්ටරය විසින් ලබාදෙන සංචාරක මගපෙන්වන්නකු ද සිටින අතර ඇතැම් අවස්ථාවලදී ඔහු ජීප් රථයෙන් බැස සපාරි ජීප් රථ ඉවත්කර පොලිස් ජීප් රථයට දිවියන් නැරඹීම සඳහා ඉඩ ලබා දෙන අයුරුඑම වීඩියෝ දර්ශන වල දැක්වේ.

එම ජීප් රථය තුළ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් නිරීක්ෂණය වන බව ජීප් රථ හිමියන් විසින් පැවසූ බැවින් ඒ පිළිබඳ යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාර මනෝජ් විද්‍යාරත්නගෙන් කළ විමසීමකදී සඳහන් කළේ යම් පරීක්ෂණයට තිස්සමහාරාමයට පැමිණි පොලිසියේ තිදෙනෙකුට යාල බංගලාවක දිනක් නවාතැන් ගැනීමට ලබා දුන් බවය. කෙසේ වෙතත් සෆාරි කිරීම සඳහා එම ජීප් රථයට අවසර හිමි නොවන අතර බංගලාවට යන අතරතුර එවැන්නක් සිදු වුණාද යන්න පිළිබඳ සොයා බලන බව උද්‍යාන භාරකරු සඳහන් කළේය.

මෙම වීඩියෝ දර්ශන ලබාදුන් ජීප් රථ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මේ මස 18 වන දින සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් යාල ප්‍රධානීන් දැනුවත් කළේ නම් පසුව ඔවුන්ට එම නිලධාරීන්ගෙන් හිරිහැර ඇතිවන බවය.
තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment