නීති උල්ලංඝණය කළ පූජාවක් නිසා මුලතිව් දඩයම්කරුවන්ගේ කෝවිලට මුද්‍රා තබයි

577

දඩයම් කරුවන් විසින් වාර්ෂිකව පූජා පවත්වන මුලතිව් තුනුක්කායි උයිලන්කුලම් දඩයම් පිල්ලෙයාර් කෝවිල දින දාහතරක කාලයකට මුද්‍රා තැබීමටත් එම කෝවිලේ පූජාවකට සහභාගී වූ පනහකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරීමටත් මුලතිව් සෞඛ්‍ය බලධාරීන් හා පොලීසිය 21 දා පියවර ගෙන තිබේ.

නිරෝධායන ඇදිරි නීතිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පනවා ඇති නීති රීති උල්ලංඝණය කරමින් දඩයම්කරුවෝ හා ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ පිරිස් දේව පූජාවක් පවත්වා දානයක් පිරිනමමින් සිටියදී සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය එහි ගොස් කෝවිලට මුද්‍රා තබා ඇත.

දිනසේන රතුගමගේ

 


advertistmentadvertistment