නීති කඩා මගුල් කෑ මනාල ජෝඩුව ඇතුළු පිරිස නිරෝධායනයට 200 කට වැඩි පිරිසක් මංගල උත්සවයට ඇවිත්

197

පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප‍්‍රදේශයේ නීරෝධායන නීති නොතකමින් පැවති විවාහ මංගල උත්සවයක මනාලිය හා මනාලයා ඇතුළු මංගල ප‍්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා පැවසීය.

මුල්ලිපුරම් වෙට්ටාල ගම්මානයේ මෙම විවාහ මංගල උත්සවය පවත්වා තිබුණි.

මංගල උත්සවය ස`දහා 200 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාල නිවසට යන විටත් එම නිවසේ මංගල ප‍්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් සිට තිබේ.

මෙම මංගල උත්සවයට සහභාගි වු පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පුත්තලම මුලස්ථාන පොලිසිය එක්ව විමර්ශන සිදුකරයි.

පාලවිය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක පසිදු නිමන්ත හා පුත්තලම මුලස්ථාන පොලිසියේ කෝවිඞ් නිවාරණ ඒකකයේ ස්ථානාධිපති ඩබ්ලිව්.ඒ.එස්.විජේසිංහ ඇතුළු පිරිසක් මෙම වැටලීමට එක්ව සිටියහ.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment