නීති විද්‍යාලයේ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම සඳහා නීති රෙගුලාසි ගෙන ඒමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ගෙන තිබූ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී එම යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණි.පක්ෂව ලැබුනේ එක් ඡන්දයක් පමණි.ඒ අනුව එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් වීමත් සමග එය අහෝසිවේ.එසේ අහෝසිවීමත් සමග තවදුරටත් නීති විභාගය සිංහල සහ දෙමළ භාෂාවෙන් පැවැත්වේ.
|