රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් ඇන්තූරියම් පැළ තොගයක් තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට රැුගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඇන්තූරියම් පැළ තොගය වැඩිදුර විමර්ශන සඳහා රේගු නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ ශාක නිරෝධන ඒකකය වෙත බාරදෙන ලදී.