නීති විරෝධී භාණ්ඩ අල්ලන්න නාවික හමුදාවට පහසුකම්

132

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාවට අද ලැබුණි. යුරෝපා සංගම හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය එක්ව මෙම උපකරණ පදානය කරනු ලැබීය.නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත මෙම උපකරණ ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ්සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.


advertistmentadvertistment