නීල ආර්ථිකයට මානව සම්පත අපෙන්

147

(ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ තුන්වන උපාධි ප‍්‍රදානෝත්ස්වය වෙනුවෙනි)

 සාගර විශ්වවිද්‍යාලයේ සුවිශේෂත්වය වනුයේ විශ්වවිද්‍යාලය තුළ උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වශයෙන් අංශ 02ක් ඔස්සේ පාඨමාලා පැවැත්වීමයි. ඒ අනුව අප විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන අංශය මඟින් සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාව, ධීවර හා සමුද්‍රීය විද්‍යාව, වෙරළ සම්පත් සම්පත් කළමනාකරණය, නාවික ප‍්‍රවාහනය හා සැපයුම් කළමනාකරණය, සාගර විද්‍යාව හා ජලජීවී වගාව සහ මුහුදු ආහාර තාක්ෂණවේදය යන විෂය ක්ෂේත‍්‍ර යටතේ උපාධි පාඨමාලා 06ක් පවත්වන අතර අපොස උසස් පෙළ සමතුන්ගෙන් ‘අගය’ මත හා අප විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන තරග විභාගයකින් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමක් සිදුකෙරේ. ජාතික විශ්වවිද්‍යාල සඳහා වන ප‍්‍රවේශය හා සමගාමීව අපගේ විශ්වවිද්‍යාලයෙන්ද අයැදුම්පත් කැඳවන අතර ඒ සඳහා උසස් පෙළ සමත් දරු දැරියන්ට පසුගිය වර්ෂයේ පමණක් අයැදුම්පත් දොළොස් දහසක් පැමිණි අතර වසරකට සිසුන් 350ක් පමණ බඳවා ගනු ලැබේ. තවද එක් එක් උපාධි විෂය ධාරාව අනුව අවැසි කෙරෙන උසස් පෙළ විෂය ධාරාව වෙනස් වේ. මේ අනුව දැනට අප විශ්වවිද්‍යාලය තුළ උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් සංඛ්‍යාව 1200ක් පමණවේ.

 විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර 07ක පමණ කෙටි කාලය තුළ සිසුසිසුවියන් 350ක් පමණ උපාධිධාරීන් ලෙස සමාජගත කර ඇති අතර හෙට (23) දිනට යෙදී ඇති තුන්වන උපාධි ප‍්‍රධානෝත්ස්වයේදී සිසුන් 200ක් පමණ සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාව, ධීවර හා සමුද්‍රීය විද්‍යාව, වෙරළ සම්පත් සම්පත් කළමනාකරණය, නාවික ප‍්‍රවාහනය හා සැපයුම් කළමනාකරණය යන ක්ෂේත‍්‍රයන්හි උපාධිධාරීන් බවට පත්වනු ඇත.

 අප විශ්වවිද්‍යාලය විසින් පවත්වා ගෙන යනු ලබන උපාධි පාඨමාලා සඳහා දේශීය මෙන්ම විදේශීය පිළිගැනීමක් ඇත. එනිසාම උපාධියක් ලැබීමෙන් පසු රැුකියාවක් ලබාගැනීමට ඔවුන්ට රජය සමඟ අරගල කිරීමට අවැසි නොවන අතර අපගේ සමීක්ෂණයන්ට අනුව උපාධියක් ලැබීමෙන් පසු මාස 02ක කාලය තුළ රැුකියාවක් ලැබීමේ අනුපාතය සියයට අනූපහකට (95%) වඩා වැඩිය. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරීන් සඳහා රැුකියා විශේෂයෙන් විවෘතවන්නේ වෙරළෙන් ඔබ්බට පවත්නා යටකී ක්ෂේත‍්‍රයන් වෙනුවෙනි. ඔවුන් දායකවන්නේ අප රටේ නීල ආර්ථිකය ගොඩනැ`ගීමටයි. රට ආර්ථිකය වෙනුවෙන් ඩොලර් උපදවීමටයි.

 උපාධි පාඨමාලාවන්හි දේශකයන් වන්නේ අදාළ ක්ෂේත‍්‍රයන්හි අත්දැකීම් බහුල අධ්‍යාපනික සුදුකම් සහිත නිපුණතාවයකින් යුතු පිරිසකි. ඉගැන්වීම් කටයුතු සඳහා ස්ථිර කථිකාචාර්ය මඩුල්ලට අමතරව ජාතික විශ්වවිද්‍යාල, වෘත්තීයමය ආයතන හා අනෙකුත් විශ්වවිද්‍යාලවල සේවයේ නියුතු හා සේවයේ නියුක්තව සිට විශ‍්‍රාම ලැබූ බාහිර කථිකාචාර්යවරුන් මෙන්ම කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගන්නා ලද උපදේශකයන්ද වේ. සියලූ පිරිවැය රජය විසින් දරණු ලබන අතර එක් උපාධිධරයකු බිහිකරවනු වස් එම මුදල රුපියල් ලක්ෂ ගණනකි.

 සෞභාග්‍යයේ දැක්ම හා අපගේ ගමන් මඟ

 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්තුවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරවනු වස් ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සාගරය පදනම් කරගත් නීල ආර්ථිකයක් ගොඩනඟනු වස් විශේෂ කාර්යභාරයක නියැළී සිටී. 2021-2030 නිපුණතා දශකය ලෙස නම් කර ඇති අතර නිපුණතාවයෙන් යුතු ශ‍්‍රම බළකායක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අප විශ්වවිද්‍යාලය විසින් මැනවින් අවබෝධ කරගෙන ඇත. ඒ අනුව වසරින් වසර ශීෂ්‍ය සංඛ්‍යාව වැඩි කරමින් රටට සහ මුළු ලෝකයටම අවැසි ශ‍්‍රම බළකාය නිර්මාණය කිරීමෙහිලා අප විශ්වවිද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයම නියැළී සිටියි.

 විශේෂයෙන්ම ජාතික සුදුසුකම් සහතිකය (NVQ 5 හා 6) හරහා උපාධියක් ලබාගැනීමට අවැසි මාවත අප විසින් දැනටමත් සකස් කර ඇත. ඒ අනුව අප විශ්වවිද්‍යාලය විසින් ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය හදාරණ ඩිප්ලෝමා හැදෑරූ දරුවන්ට ජලජීවී වගාව හා ජෛව තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව උදා කරදී ඇත. තවද ධීවර දරුවන්ට උපාධියක් ලබා ගැනීමේ සිහිනය අප විසින් සාක්ෂාත් කර ඇත. ඉතාම කෙටි කාලයක් තුළ සැපයුම් කළමනාකරණය (supply chain management) උපාධි පාඨමාලාව හැදෑරීමට නාවික භාණ්ඩ ප‍්‍රවාහන කළමනාකරණ ඩිප්ලෝමා හැදෑරූ සිසුසිසුවියන්ට අවස්ථාව උදාවනු ඇත. ඒ තුළින් NVQ  මට්ටම හා උපාධිය අතර සබඳතාවය ඇති කෙරෙනු ඇත. මේ සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ අමාත්‍යතුමියගේ හා ලේකම්තුමියගේ සහයෝගය නිරතුරුවම අප විශ්වවිද්‍යාලය වෙත ලැබෙයි.

 පර්යේෂණ හා පශ්චාද් උපාධි

 ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සමුද්‍රීය, නාවික හා ධීවර යන ක්ෂේත‍්‍රයන්ට අදාළව අවැසි නව දැනුම සොයාගත යුතු අතර එම දැනුම පර්යේෂණ හා අධ්‍යයන ක්ෂේත‍්‍ර ඔස්සේ අප සමාජයට දායාද කළ යුතුය. නාවික හා සංචාරක ව්‍යාපාරය වැනි සාම්ප‍්‍රදායික සාගර ක‍්‍රියාකාරකම්වලට අමතරව, නිල් ආර්ථිකය වර්ධනයට වෙරළෙන් පිටත බලශක්ති උත්පාදනය, සමුද්‍ර ජලජීවී වගාව, උප සමුද්‍ර කැණීම්, ජෛව තාක්ෂණය, ජෛව නිරීක්ෂණ, සමුද්‍ර සංචාරක ව්‍යාපාරය යනාදී කාබන් තිර කිරීම, වෙරළ ආරක්ෂාව, ජෛව විවිධත්වය වැනි වෙළෙඳපොළට හසු නොවන සේවාවන්ට අදාළව පර්යේෂණ කිරීම, ඉගැන්වීම හා එම ක්ෂේත‍්‍රවල නියැළීමට අවැසි මානව සම්පත දියුණු කිරීම කාලීන අවශ්‍යතාවයකි. ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් මෙම මෙහෙවර මනාව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා මෙරට තරුණ පරපුර දැනුමෙන් හා කුසලතාවයෙන් සවි බල ගැන්වීමට අප ක‍්‍රියාත්මක වී ඇත. ඒ අනුව ධීවර හා සමුද්‍ර විද්‍යාව, සමුද්‍ර ඉංජිනේරු සහ කළමනාකරණය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කරමින්, සාගර විශ්වවිද්‍යාලය අනාගත තීරණ ගන්නන් සහ කළමනාකරුවන් පුහුණු කිරීමට භාරගෙන ඇති අතර, පශ්චාත් උපාධි වැඩසටහන් හරහා ප‍්‍රමාණවත් ඉගෙනුම් සහ පර්යේෂණ අවස්ථා ලබා දීමද ආරම්භ කර ඇත.

 මේ වනවිට ගොඩනඟමින් පවතින හා ගොඩනැෙ`ගමින් පවතින අප විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි කේන්ද්‍රය මෑතකදී ආරම්භ කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ත‍්‍රිත්වයක්, ඔස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාල දෙකක් හා එක්ව සහයෝගිතාවයෙන් පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක් ආරම්භවී ඇති අතර දර්ශනපති උපාධි හා දර්ශන විශාරද උපාධි පාඨමාලාද ඔවුන් සමඟ ආරම්භ කර ඇත. සමුද්‍රීය ආර්ථික කලමනාකරණය හා සමුද්‍රීය සම්පත් කළමනාකරණය යන ක්ෂේත‍්‍ර ඔස්සේ ලෝක සංරක්ෂණ සංගමය හා එක්ව විද්‍යාපති උපාධියක් මේ වනවිට සම්පාදනය වෙමින් පවතී. ඒ හරහා වෘත්තීය සුදුසුකම් (NVQ ) සහතිකය හරහා කැපවීමක් හා උනන්දුවක් දක්වන අයෙකුට වුවද ධීවර, සාගර හා සමුද්‍රීය ක්ෂේත‍්‍රයන්හි තමන්ගේ උසස් අධ්‍යාපන හා පශ්චාද් උපාධි සහිනය සම්පූර්ණ කරගැනීමට මඟ විවරවනු ඇත. ඔවුන්ගේ පර්යේෂණ ප‍්‍රතිඵලයන්ට අනුව රටේ සංවර්ධනය උදෙසා සාගර හා සමුද්‍රීය සම්පත් උකහා ගැනීමට තීන්දු තීරණ ගැනීමටත් මාර්ගෝපදේශ ලබා ගැනීමටත් මඟ එළිපෙහෙළි වනු ඇත.

 ජාත්‍යන්තරව පිළිගත් සමුද්‍රීය විශ්වවිද්‍යාලයක්

 අපගේ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගනු ලබන සාගර හා සමුද්‍රීය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට අප මේ වනවිට වෙරදරමින් සිටිමු. සියලූම උපාධි පාඨමාලාවන්හි ගුණාත්මක භාවය ඉහළ නංවනුවස් දේශීය හා විදේශීය අධ්‍යාපනික කොමිෂන් සභාවල හා වෘත්තීයමය ආයතනවල ප‍්‍රතීතනය හා පිළිගැනීම ලබා ගැනීම මේ අතර ප‍්‍රමුඛවේ. මේ හැර හෙට ලෝකයට ගැලපෙන පරිදි තාක්ෂණයෙන් සපිරි දේශණ ශාලා, රසායනාගාර පහසුකම්, හා ශිෂ්‍ය හා කාර්ය මණ්ඩලයට අවැසි පහසුකම් සහිත නව විශ්වවිද්‍යාල සංකීර්ණයක් පිහිටුවීමේ අවශ්‍යතාව අප විසින් හඳුනා ගෙන ඇත. ඒවෙනුවෙන් අප ක‍්‍රියාත්මක වෙමින්ද සිටිමු. මෙම නව විශ්වවිද්‍යාලයේ කාර්ය භාරයට උචිතවන පරිදි පරිපාලනමය ව්‍යුහයක් සකස් කර සුදුසු අනධ්‍යයන හා අධ්‍යයන සේවක කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර දේශීය හා විදේශීය වශයෙන් ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම හා පර්යේෂණ සංස්කෘතිය වැඩි කිරීම තුළින් අපට ජාත්‍යන්තරය හා තරග කළ හැකි සාගර විශ්වවිද්‍යාලයක් බිහිකරගත හැකිවනු ඇත.

 මහාචාර්ය වසන්ත රත්නායක
 උපකුලපති, ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment