නීල ආර්ථිකය දිනවන්න  අපි සූදානම්

97

මහාචාර්ය වසන්ත රත්නායක
 උපකුලපති, ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

 (ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය වෙනුවෙනි)

 ශ‍්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය රඳා පවතින්නේ අප විසින් මුහුදු කේන්ද්‍රස්ථානයක් ලෙස අපගේ භූගෝලීය පිහිටීම කෙතරම් හොඳින් පාලනය කරනවාද යන්න සහ අවට මුහුදේ ඇති සාගර සම්පත් ඵලදායී ලෙස භාවිතා කරනවාද යන්න මතය. ඉන්දියන් සාගරයේ අපගේ පිහිටීම දිගු කාලයක් පුරා අපගේ ඉතිහාසය හැඩගස්වා ඇති අතර අනාගතයේදීද එය එසේම වනු ඇත. ආසියාව පුරා නව පාරිභෝගික වෙළෙඳපොළවල් මතුවෙමින් පවතින අතර චීනය, ජපානය සහ ඉන්දියාව යන රටවල් අප රටේ සිට නාවික සැතපුම් කිහිපයක් දකුණින් පිහිටි කාර්ය බහුල නැගෙනහිර – බටහිර නාවික මාර්ගයේ සමුද්‍රීය ක‍්‍රියාකාරකම්වල වර්ධනයට වැඩි දායකත්වයක් ලබාදෙයි. මෙම මාර්ගයේ, වාර්ෂිකව නැව් 150,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ධාවනය කෙරෙන අතර ලෝකයේ තෙල් සැපයුමෙන් තුනෙන් දෙකක් සහ මුළු සාගර භාණ්ඩ ප‍්‍රවාහනයෙන් අඩක් ඒවා මඟින් රැුගෙන යයි. තවද, ශ‍්‍රී ලංකාවට නාවික සැතපුම් 200ක් දක්වා එහි මුහුදු පත්ලේ සම්පත් සඳහා නීතමය බලය ලැබී ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යටතේ අපි නාවික සැතපුම් 200කට ඔබ්බට හිමිකම් කියමු.

 මේ අනුව, නැගෙනහිර සහ බටහිර අතර නාවික කොරිඩෝවේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සහ අවට මුහුදේ ඇති ස්වභාවික සම්පත් රටේ අනාගත සංවර්ධනය සඳහා වැදගත් වී ඇත. මෙම වාසි උපරිම කර ගැනීම සඳහා අප ජාතියක් ලෙස අපේ රට නැවත ස්ථානගත කළ යුතුයි. මෙම විභවය සම්පූර්ණයෙන් ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සිය මානව සම්පත් සංවර්ධනය කළ යුතු අතර ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මෙම වැදගත් කාර්ය ඉටු කිරීමට සන්නද්ධ වෙමින් සිටියි.

 විශ්වවිද්‍යාලය ආරම්භය

 ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මකවූ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය එවකට ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව 2014 අංක 31 දරන පාර්ලිමේන්තු ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතින් ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපනය කරන ලදී. එමඟින් 1999 අංක 36 දරන ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතන පනත අවලංගු කරණු ලැබීය.

 විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අරමුණු

 සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණු වූයේ ධීවර, සාගර සහ සමුද්‍රීය ක්ෂේත‍්‍රවල මිනිස් බල අවශ්‍යතා සපුරාලීම, ධීවර, සාගර විද්‍යාත්මක, සමුද්‍රීය තාක්ෂණය හා සමගාමී ක්ෂේත‍්‍රවල නියැළී සිටින විද්‍යාත්මක, තාක්ෂණික සහ කළමනාකරණ නිපුණතා වැඩිදියුණු කිරීමේ කාර්ය සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව, ඉහත කී ක්ෂේත‍්‍රවල අධ්‍යයන පාඨමාලා හදාරණ තැනැත්තන් විසින් ලබා ගන්නා උසස් අධ්‍යාපන සුදුසුකම් ශ‍්‍රී ලංකාව ඇතුළත සහ ඉන් පිටත පිළිගන්නා බවට සහතික වීම අවශ්‍යතාව හා මෙම ක්ෂේත‍්‍රවල නියැළී සිටින තැනැත්තන් විසින් අත්කර ගන්නා දැනුම රටේ සංවර්ධනය උදෙසා ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ඉහත කී ක්ෂේත‍්‍රවල ඉහළ දැනුමක් ලබාදීම පෙරදැරි කරගෙනය. අප රට මෙන් අපට හිමි අට ගුණයක් විශාල සාගරයේ ජෛවීය, රසායනික හා භෞතික සම්පත් මැනවින් උපයෝගි කරගැනීමක් සිදුකර දකුණු ආසියාවේ ප‍්‍රමුඛයකු වීමට එයින් අදහස් කෙරේ. මත්ස්‍ය අස්වැන්න වැඩි කර රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් රැුකීරක්ෂා පුළුල් කර ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් එයම රුකුලක් වනු ඇත. එසේම සම්ප‍්‍රදායික ධීවර කර්මාන්තයේ නියැළී සිටින අයවලූන්ගේ දරු දැරියන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමත් අපේක්ෂා කරන ලදී.

 අධ්‍යයන පාඨමාලා

 ශ‍්‍රී සාගර විශ්වවිද්‍යාලය රජය පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර දිවයිනේ අනෙකුත් සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල මෙන් නොව සාගර විශ්වවිද්‍යාලය විසින් ධීවර, සාගර සහ සමුද්‍රීය හා ඊට අදාළ අනෙකුත් ක්ෂේත‍්‍රවලට සෘජුවම සම්බන්ධ උසස් අධ්‍යාපනය (higher education) හා වෘත්තීය අධ්‍යාපනය (vocational education) යන දෙඅංශයෙන්ම පාඨමාලා පවත්වනු ලබයි. ඒ අනුව සාගරය පදනම් කරගත් නීල ආර්ථිකයක් පුළුල් කිරීමේ අරමුණින් එම අධ්‍යයන සහ වෘත්තීය පාඨමාලා සකස් කර ක‍්‍රියාවට නංවා ඇති අතර එමඟින් නීල ආර්ථිකයට අවැසි විශේෂිත වූ මානව සම්පත් අවශ්‍යතාවය සපුරාලමින් සිටියි.

 උසස් අධ්‍යාපනය

 අප විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන අංශය මඟින් සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාව, ධීවර හා සමුද්‍රීය විද්‍යාව, වෙරළ සම්පත් සම්පත් කළමනාකරණය, නාවික ප‍්‍රවාහනය හා සැපයුම් කළමනාකරණය, සාගර විද්‍යාව හා ජලජීවී වගාව සහ මුහුදු ආහාර තාක්ෂණවේදය යන විෂය ක්ෂේත‍්‍ර යටතේ උපාධි පාඨමාලා 06ක් පවත්වන අතර අපොස උසස් පෙළ සමතුන්ගෙන්ගේ අගය මත හා අප විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන තරග විභාගයකින් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමක් සිදුකෙරේ. පසුගිය

 වර්ෂයේ පමණක් අයැදුම්පත් දොළොස් දහසක් පැමිණි අතර වසරකට සිසුන් 350ක් පමණ බඳවා ගනු ලැබේ. තවද එක් එක් උපාධි විෂය ධාරාව අනුව අවැසි කෙරෙන උසස් පෙළ විෂය ධාරාව වෙනස් වේ. මේ අනුව දැනට අප විශ්වවිද්‍යාලය තුළ උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් සංඛ්‍යාව 1200ක් පමණවේ.

 වෘත්තීය පුහුණු පාඨමාලා

 මීට අමතරව වෘත්තීය පුහුණු අංශය යටතේ ජාතික නිපුණතා සහතික පත‍්‍ර (NVQ Certificates) ප‍්‍රදානය කෙරෙන ඩිප්ලෝමාවන් 06ක් යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, තංගල්ල, ගාල්ල, මට්ටක්කුලිය, පානදුර සහ මීගමුව යන ප‍්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන අටකදී පැවැත්වේ. ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය, සමුද්‍රීය යන්ත‍්‍ර නඩත්තු තාක්ෂණය හා නාවික භාණ්ඩ ප‍්‍රවාහන කළමනාකරණය යන ක්ෂේත‍්‍රයන්හි NVQ 5 හා NVQ 6 යන මට්මමේ ජාත්‍යන්තරව පිළිගන්නා ඩිප්ලෝමාවන් ලබා දෙනු ලැබේ. NVQ 3 හා NVQ 4 මට්මමේ සහතික පත‍්‍ර පාඨමාලා 13ක් ක‍්‍රියාත්මක වේ. ඇතැම් වෘත්තීය පාඨමාලාවලදී නැව් නැඟීමේ සහතිකයද (CDC) ලබාදීමක් කෙරේ. මේ හැර අප විශ්වවිද්‍යාලය මඟින් සති කිහිපයකදී හෝ දින කිහිපයකදී නිම කෙරෙන සහතික පත‍්‍ර පාඨමාලාද පවත්වනු ලැබේ. ධීවර ප‍්‍රජාව වෙත ගොස් ධීවරයන්ගේ හා ධීවර වෘත්තියට ඍජු සම්බන්ධතාවයක් දක්වන පිරිස් වෙත ජංගම පුහුණු පාඨමාලාද අප විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලැබේ.

 මේ අනුව උසස් අධ්‍යාපන අංශය හා වෘත්තීය පුහුණු අංශය හා එක්ව වසරකට මෙරට නීල ආර්ථිකය නඟාසිටුවනු වස් සමාජයට එක් කරන මානව සම්පත 2500කට වඩා වැඩිවනු ඇත. නැව් නැඟීමේ සහතිකය ප‍්‍රදානය කෙරෙන හා ISO සහතිකය ලබා දෙන පාඨමාලාද මේ අතර වේ.

 වෘත්තීය පාඨමාලාවන් සඳහා අවැසි කෙරෙන අධ්‍යාපන සුදුසුකම්, පාඨමාලාවන් අනුව වෙනස්වේ. අයැදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයන් මඟින් සිසුන් තෝරා ගනු ලබයි. මෙහිදී සුදුසුකම් පරීක්ෂාකර අවම සුදුසුකම් මත තෝරා ගනු ලබන අතර සමහර පාඨමාලා සඳහා ප‍්‍රායෝගික පරීක්ෂණ මඟින් ද සුදුසුකම් පරීක්ෂා කරනු ලබයි (උදා – මුහුදු කිමිදුම්/ දියයට කැපුම් හා පෑස්සුම් පාඨමාලාව*. ඉහත කී ඩිප්ලෝමා පාඨමාලාවන්ට අමතරව ජලජීවී වගා තාක්ෂණය, පාවෙන යාත‍්‍රා ශිල්පය, පිටත සවි කෙරෙන එන්ජින් තාක්ෂණ ශිල්පය, වාප්පු ලිපිකරු, ධීවර යාත‍්‍රා නියමු, ජීවිතාරක්ෂක පාඨමාලාව, විසිතුරු මසුන් වගාව, කිමිදුකරණය ආදී වශයෙන්ද ජාතික නිපුණතා සහතික පත‍්‍ර ලබා දෙන පාඨමාලාවන් ක‍්‍රියාත්මක වේ.

 පාඨමාලා සඳහා වන පිළිගැනීම

 සාගර විශ්වවිද්‍යාලය විසින් ලබා දෙන බොහොමයක් පුහුණු පාඨමාලා සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇත. විශේෂයෙන්ම ඔවුන්ට ලැබෙන NVQ හා CDC සහතික හරහා මෙන්ම ඇතැම් පාඨමාලා සඳහා ISO තත්ත්ව සහතිකය හරහා මෙම  පිළිගැනීම තවදුරටත් තහවුරු වී ඇත. ඔවුන්ට පහසුවෙන්ම සමුද්‍රීය, නාවික, ධීවර හා ඒ ආශ‍්‍රිත ක්ෂේත‍්‍රවල රැුකියාවක් ලබා ගැනීම පහසු කාර්යක් වී ඇත. විශ්වවිද්‍යාල විසින් ලබා දෙනු ලබන වෙනත් ජංගම පාඨමාලා තුළින් දැනටමත් ධීවර ක්ෂේත‍්‍රයේ නියුතු ධීවරයන් තම වෘත්තීය නිසියාකාරව කරගෙන යනු ලබයි. ඔවුන් දායක වන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීමටයි. මෙරට ආර්ථිකය වෙනුවෙන් ඩොලර් ඉපදවීමට ඔවුන්ගේ දායකත්වය ලැබී ඇත.

 උපාධි පාඨමාලාවන් ඇතුළු සියලූම පාඨමාලාවන් සඳහා මුදල් අයකිරීමක් නොකෙරෙන අතර ඉතාම සුළු මුදලක් ඇතුළත්වීමේ ගාස්තුවක් ලෙස අය කෙරේ. මෙම පාඨමාලාවන්හි දේශකයන් වන්නේ අදාළ ක්ෂේත‍්‍රයන්හි අත්දැකීම් බහුල අධ්‍යාපනික සුදුකම් සහිත නිපුණතාවයකින් යුතු පිරිසකි. ඉගැන්වීම් කටයුතු සඳහා ස්ථිර කථිකාචාර්ය ම`ඩුල්ලට අමතරව බාහිර කථිකාචාර්යවරුන් මෙන්ම කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගන්නා ලද උපදේශකයන්ද වේ. සියලූ පිරිවැය රජය විසින් දරණු ඇත. ගරු විෂය භාර අමාත්‍යතුමියගේ හා ලේකම්වරියගේ මඟපෙන්වීමට අනුව ඩිප්ලෝමා හදාරණ ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන සිසු දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය සාර්ථක කරගැනුමට විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට මෙන් ශිෂ්‍යාධාර ක‍්‍රමයක් වර්තමානයේදී ක‍්‍රියාත්මකවේ.

 ඩිප්ලෝමා ප‍්‍රදානෝත්ස්වය

 අප විශ්වවිද්‍යාලය විසින් දැනට උපාධි ප‍්‍රදානෝත්සව දෙකක් පැවැත්වුවද 2022 පෙබරවාරි 17 දින සාගර විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම ඩිප්ලෝමා ප‍්‍රධානෝත්ස්වය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට අප විසින් කටයුතු සම්පාදනය කර ඇත. එහිදී සිසු සිසුවියන් 218 දෙනකු ඩිප්ලෝමාලාධාරීන් බවට පත්වනු ඇත. එසේම 2022 මාර්තු 23 දින අප විශ්වවිද්‍යාලයේ තෙවන උපාධි ප‍්‍රධානෝත්සවය පැවැත්වීමටද කටයුතු සම්පාදනය කර ඇත. මෙම විශ්වවිද්‍යාලයෙන් පිටවන ඩිප්ලෝමාධාරීන්ගේ හා උපාධිධාරීන්ගේ රැුකියා සොයා ගැනීමේ අනුපාතය (Employability rate) සියයට 90කට වඩා වැඩිය. ඇතැම් උපාධි පාඨමාලාවල එය සියයට සියයකි.

 සෞභාග්‍යයේ දැක්ම හා අපගේ ගමන් මඟ

 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම යථාර්ථයක් කරවනු වස් ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සාගරය පදනම් කරගත් නීල ආර්ථිකයක් ගොඩනඟනු වස් විශේෂ කාර්යභාරයක නියැළී සිටී. 2021-2030 නිපුණතා දශකය ලෙස නම් කර ඇති අතර නිපුණතාවයෙන් යුතු ශ‍්‍රම බළකායක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අප විශ්වවිද්‍යාලය විසින් මැනවින් අවබෝධ කරගෙන ඇත. ඒ අනුව වසරින් වසර ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරමින් රටට සහ පුළු ලෝකයටම අවැසි ශ‍්‍රම බළකාය නිර්මාණය කිරීමෙහිලා අප විශ්වවිද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයම නියැළී සිටියි.

 ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සමුද්‍රීය, නාවික හා ධීවර යන ක්ෂේත‍්‍රයන්ට අදාළව අවැසි නව දැනුම සොයා ගත යුතු අතර එම දැනුම පර්යේෂණ හා අධ්‍යයන ක්ෂේත‍්‍ර ඔස්සේ අප සමාජයට දායාද කළ යුතුය. නාවික හා සංචාරක ව්‍යාපාරය වැනි සාම්ප‍්‍රදායික සාගර ක‍්‍රියාකාරකම්වලට අමතරව, නිල් ආර්ථිකය වර්ධනයට වෙරළෙන් පිටත බලශක්ති උත්පාදනය, සමුද්‍ර ජලජීවී වගාව, උප සමුද්‍ර කැණීම්, ජෛව තාක්ෂණය, ජෛව නිරීක්ෂණ, සමුද්‍ර සංචාරක ව්‍යාපාරය යනාදී කාබන් තිර කිරීම, වෙරළ ආරක්ෂාව, ජෛව විවිධත්වය වැනි වෙළෙඳපොළට හසු නොවන සේවාවන්ට අදාළව පර්යේෂණ කිරීම, ඉගැන්වීම හා එම ක්ෂේත‍්‍රවල නියැළීමට අවැසි මානව සම්පත දියුණු කිරීම කාලීන අවශ්‍යතාවයකි. ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් මෙම මෙහෙවර මනාව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා මෙරට තරුණ පරපුර දැනුමෙන් හා කුසලතාවයෙන් සවිබල ගැන්වීමට අප ක‍්‍රියාත්මක වී ඇත. ඒ අනුව ධීවර හා සමුද්‍ර විද්‍යාව, සමුද්‍ර ඉංජිනේරු සහ කළමනාකරණය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කරමින්, සාගර විශ්වවිද්‍යාලය අනාගත තීරණ ගන්නන් සහ කළමනාකරුවන් පුහුණු කිරීමට භාරගෙන ඇති අතර, පශ්චාත් උපාධි වැඩසටහන් හරහා ප‍්‍රමාණවත් ඉගෙනුම් සහ පර්යේෂණ අවස්ථා ලබා දීමද ආරම්භ කර ඇත.

 ජාත්‍යන්තර සබඳතා

 තවද දැනටමත් දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරණු ලදුව සමුද්‍රීය, නාවික හා ධීවර ක්ෂේත‍්‍රයන්හි සංවර්ධනයට අවැසි මානව සම්පත බිහි කරමින් සිටිමු. පර්යේෂණ පාදක කරගත් පශ්චාද් උපාධි හා විද්‍යාපති උපාධි ප‍්‍රදානයටද අප විසින් කටයුතු කරමින් පවතී. තවදුරටත් මෙම සම්බන්ධතා වැඩිදියුණු කිරීම හා ඵලදායී ලෙස අවබෝධතා ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමත් අවශ්‍යතාවයකි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කරලනු වස් ගුණාත්මක භාවය වැඩි දියුණු කෙරෙන අභ්‍යන්තර ඒකකය, පශ්චාද් උපාධි කේන්ද්‍රය, කුඩා පරිමාණ ධීවරයන් සමඟ කටයුතු කිරීමට අවැසි කේන්ද්‍රයන්, ජාත්‍යන්තර සබඳතා සංවර්ධනයට අවැසි කේන්ද්‍රයන් හා උපදේශණ කමිටු විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කර අප විශ්වවිද්‍යාලය ඉහළ නැංවීමේ කාර්ය භාරයක අප විශ්වවිද්‍යාලයේ සියලූ දෙනාම නිරතවී ඇත.

 එසේම විවිධ ව්‍යාපෘතීන් හරහා අප විශ්වවිද්‍යාලයට අවැසි යටිතල පහසුකම් සංවර්ධන කර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය කළ යුතු අතර එමඟින් වැඩි සිසුන් ප‍්‍රමාණයක් අප විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන හා පුහුණු පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමටත් රටේ ආර්ථිකය ගොඩනැ`ගුමට අවැසි කෙරෙන දැනටමත් අප විසින් අත නොතැබූ ඇතැම් ක්ෂේත‍්‍රවලට අවැසි මානව සම්පත උපදවීමටත් අපට හැකිවනු ඇත.

 ආයතනික කාර්ය භාරය සාක්ෂාත් කරවනු වස් සේවක ගැටළු විසඳීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම, නව උපාධි පාඨමාලා හා වෘත්තීය පාඨමාලා හඳුන්වාදීම හා පාඨමාලා නවීකරණය කිරීම, යටිතල පහසුකම් වැඩි දියුණු මේ අතර සුවිශේෂී වනු ඇත.

 NVQ මට්ටම හා උපාධි අතර සබඳතාවය ගොඩනැඟීම

 දැනටමත් අප විශ්වවිද්‍යාලය විසින් ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය හදාරණ ඩිප්ලෝමා හැදෑරූ දරුවන්ට ජලජීවී වගාව හා ජෛව තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව උදා කරදී ඇත. ඒ අනුව ධීවර දරුවන්ට උපාධියක් ලබා ගැනීමේ සිහිනය අප විසින් සාක්ෂාත් කර ඇත. ඉතාම කෙටි කාලයක් තුළ සැපයුම් කළමනාකරණය (supply chain management) උපාධි පාඨමාලාව හැදෑරීමට නාවික භාණ්ඩ ප‍්‍රවාහන කළමනාකරණ ඩිප්ලෝමා හැදෑරූ සිසු සිසුවියන්ට අවස්ථාව උදාවනු ඇත. ඒ තුළින් NVQ මට්ටම හා උපාධිය අතර සබඳතාවය ඇති කෙරෙනු ඇත. මේ සඳහා අප අමාත්‍යාංශයේ අනුග‍්‍රහය හා මඟ පෙන්වීම නිරතුරුවම අප වෙත ලැබෙයි.

 තිරසාර සංවර්ධනය

 අපගේ පාඨමාලා හරහා තිරසාර පරිසරයක් පවත්වා ගනිමින් විශේෂයෙන්ම ධීවර, ජලජීවී වගා සංවර්ධනය සහ අගය එකතු කිරීමක්ද සිදුවනු ඇත. සපයනු ලබන පුහුණුව සමඟ, සම්පත් හායනය, තිරසාර නොවන ධීවර පුරුදු වැනි විවිධ සාගර ගැටලූ විසඳීම සඳහා දක්ෂ හා දක්ෂ මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සාගර විශ්වවිද්‍යාලය විසින් බිහි කරනු ඇත. පරිසර ¥ෂණය සහ තිරසාර සාගර පරිසර පද්ධතියක් සුරක්ෂිත කිරීම සඳහා ද ඔවුන් කටයුතු කරන අතර, කුඩා පරිමාණ ධීවර කර්මාන්තය කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීමට ද හැකිවනු ඇත.

 ඡායාරූපය – සමන් අබේසිරිවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment