ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
එසේ ඇප මුදල් තැන්පත්කර ඇත්තේ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි.ඒ අනුව ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 34 දෙනෙක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.