නුවරඑළියේ මරණ 4 ක්

31

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්හි පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ හතරක් හා අතුරුදන්වීම් තුනක් සමග පවුල් 426ක සමාජිකයන් 1570 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම අයහපත් කලගුණික තත්ත්වයන් මත එක් නිවසක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති බවත් තවත් නිවාස 287කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ, අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මෙම හානි සිදුව ඇති බවත් පවතින වැසි හේතුවෙන් හැටන් – නුවරඑළිය මාර්ගයේ බ්ලැක්පූල් ප්‍රදේශයේ හා මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගවල රථවාහන ධාවන කටයුතු ඇනහිට ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම පස් කඳු කඩා වැටීමෙන් අවහිර වූ හැටන් – කොළඹ හා දියගල – නෝර්ටන් මාර්ග මේ වන විට යථා තත්ත්වයන්ට පත් කර ඇති බවත් ඉන්දීය ආධාර යටතේ සහල් කිලෝ 25000ක් ලැබී ඇති බවත් එම සහල් අවතැන් වූ පිරිස් සඳහා බෙදා දීමට පියවර ගන්නා බවත් නන්දන ගලබඩ මහතා වැඩිදුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment