නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කළ නුවරඑලිය ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුට එරෙහිව ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
දේශපාලන රැකවරණ ඇති එම කොන්ත්‍රාත්කරු ඉකුත් 13දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් නුවරඑලිය ප්‍රදේශයේ රජයේ සියලුම ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත් තමන්ට ලබාදිය යුතු බවත්, වෙනත් පුද්ගලයන්ට කිසිදු හේතුවක් මත රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා නොදෙන ලෙසත් තර්ජනය කරමින් නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි එම කොන්ත්‍රාත්කරු විසින් තේරිම්භාර නිලධාරිවරයාට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරින්ගෙන් නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි වෙළෙඳ සංකිර්ණය නවීකරණය කිරීමට අදාළ කොන්ත්‍රාත්කරුට ලබානොදීම සම්බන්ධයෙන් උරණ වූ කොන්ත්‍රාත්කරු මෙසේ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කරන බවට පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි එම කොන්ත්‍රාත්කරු කාර්යාලය තුළ ඉතා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ට අපහසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් එක් කර ඇති බවත්, මෙම පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුරා ගොස් විඩියෝගත කිරීම නිසා මේ දිනවල මැතිවරණ රාජකාරි කටයුතු සිදු කරන නිලධාරීන්ද දැඩි අසීරුතාවට පත් වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
නුවරඑලිය – නාලක රත්නායක