‘නුවරඑළිය වසන්ත උදානය’ මෙවරත් හෙට සිට නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානයට පුංචි කෝච්චියක්

293

නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ ළමා ක්‍රීඩාංගණයේ වටා ඊයේ (30 දා) දින සිට පුංචි කෝච්චියක් ධාවනය කිරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බොධිමාන්න මහත්මිය විසින් ආරම්භ කරනු ලැබීය. නගර සභාව විසින් මීට ප්‍රථම මෙම උද්‍යානයේ දුම්රිය ධාවනය කළත්, පසුව එහි නඩත්තු කටයුත්තක් හේතුවෙන් දීර්ඝ කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබුණි. එසේ ධාවනයෙන් ඉවත් කර තිබූ පුංචි කෝච්චිය නාගරික කොමසාරිස්වරියගේ මැදිහත් වීම මත යළි අලුත්වැඩියා කර එම දුම්රිය 2023 නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව ධාවනය කිරීමට මෙසේ පියවර ගැණින.

නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දූ දරුවන්ට මෙම දුම්රියෙන් ළමා උද්‍යානය පුරා කිලෝමීටර් 1 ක පමණ දුර ගමන් කිරීමට හැකි අතර ඒ සඳහා රු. 100 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි. දුම්රියේ පරීක්ෂණ චාරිකාවකට යන නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බොධිමාන්න මහත්මිය ඇතුළු පිරිස ඡායාරූපයේ දැක්වේ. ‘නුවරඑළිය වසන්ත උදානය’ මෙවරත් අප්‍රේල් මස 01 දා සිට 30 දා දක්වා පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment