නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇත.
රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් තිබේ.
මියගිය අය අතර කථිකාචාර්යවරයකු ද වන අතර කාන්තාවක් සහ ඇයගේ දියණිය ද වෙඩි වැදීමෙන් මියගොස් ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බව විදෙස් මාධ්‍ය පවසයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.