නෙස්ලේ ලංකා සමාගම 2024 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලබයි

19

නෙස්ලේ ලංකා සමාගම 2024 වසරේ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට සමත් විය.

එම සම්මාන උළෙලේ 2024 හොඳම ආයතනික පුරවැසි සම්මානයන්හි පළමු අනුශූරතාවය දිනාගත් නෙස්ලේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක් වීමටද සමත් විය.

එසේම පාරිසරික තිරසාරත්වය සඳහා වන Triple Bottom Line සම්මානය, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වන Sector සම්මානය, සැපයුම්කරුවන් සමඟ වන සම්බන්ධතාව සඳහා වන Category සම්මානය සහ පාරිසරික ඒකාබද්ධතාවය හා සේවක සබඳතා සඳහා අඛණ්ඩ කැපවීම හා ඉහළ නැංවීම සඳහා වන සම්මාන 2ක් ඇතුළු සම්මාන 7ක් තමන් සතු කර ගැනීමට නෙස්ලේ ලංකා මෙහිදී සමත් විය.

ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙල මෙරට ආයතනයන් වෙත ඉහළම ගෞරවය හිමිකර දෙන සම්මාන උළෙලකි. එහිදී මානව ප්‍රජාව, පරිසරය හා ලාභය පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන තිරසාර විශිෂ්ටයින් ඇගයීමට ලක් කරනු ලබයි.


advertistmentadvertistment