නේපාල චීන සංක්‍රමණ ගනුදෙනුවෙන් වසර හතක් කිසිදු නැව් ගත කිරීමක් සිදුව නැත

304

තුන්වන රට වෙළෙද කටයුතු සඳහා නේපාලය චීනය සමග වෙළෙද සහ සංක්‍රමණ ගිවිසුම් අත්සන් කර වසර හතක් ගතවී ඇතත් තවම කිසිදු නැව් ගත කිරීමක් හෝ නේපාලය සිදුකර නැතැයි කත්මන්ඩු පෝස්ට් මාධ්‍ය පවසයි.මෙම ගිවිසුම අනුව චීනයේ වරායන් හතකට ඇතුළු වී වෙළෙද කටයුතු සඳහා නේපාලයට අවසර හිමිව ඇත. ඒ අනුව චීනයේ ටියැන්ජින්,ෂෙන්සෙන්,ලියාන්යුංගැං සහ ෂැන්ජියැන්ග් හි වරායන් හතරකට සහ ලාන්ෂෝ,පාසා සහ ෂිගැට්සේ හි ගොඩබිම වරායන් තුනකට ප්‍රවේශ වීම සඳහා අවසර හිමිව තිබේ. 2016 වසරේ අප්‍රේල් මාසයේදී නේපාල අගමැති කේ.පී ෂර්මා ඔලි චීනයේ නිල සංචාරයක නිරත වෙමින් මෙම ගිවිසුමට අත්සන් තැබීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. ඉන්පසු 2019 වසරේ අප්‍රේල් මාසයේදී එවකට නේපාල ජනාධිපති බිද්යා දේවි භාන්දාරි මහත්මිය චීනයේ නිල සංචාරයක නිරත වෙමින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමග නියෝජිත මට්ටමේ සාකච්ඡා පැවැත්වීමෙන් පසු නේපාල විදේශ කටයුතු අමාත්‍ය ප්‍රදීප් ගයවාලි සහ චීන ප්‍රවාහන අමාත්‍ය ලී ෂියො පෙන්ග් මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

නේපාලයේ කර්මාන්ත වාණිජ හා සැපයුම් අමාත්‍යංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැවසූවේ වසර හතක් ගතවී ඇතත් දෙරට අතර එක් භාණ්ඩයක් හෝ ගමන් කර නොමැති බවය.අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමට රැස්වීමක් කැදවන ලෙස නේපාලය ඉල්ලා ඇත. ඊට චීනයෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටී. වෙළෙද ගිවිසුම සහ සංක්‍රමණ ගිවිසුම පිටුපස ඇති එක් අරමුණක් වූයේ චීනයේ නව මාර්ගයක් හරහා කසකස්ථානයේ සිට නේපාලයට ඛණිජ තෙල් නිෂ්පාදන ගෙන ඒමට.නමුත් කසකස්ථානයෙන් ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම පිළිබද කිසිදු සාකච්චාවක් වී නැත. ගිවිසුම් අත්සන් කළ පසු කොවිඩ් වසංගතයක් සමග චීනය සමග ඇති සියලු වෙළෙද අපේක්ෂාවන්ද බිද වැටුණු බව කර්මාන්ත, වානිජ හා සැපයුම් අමාත්‍යංශ නිලධාරියා පැවසීය. එසේම නේපාලය චීනය හරහා අපනයනය කරන්නේ මොනවාද සහ තුන්වන රටවලින් ආනයනය කරන්නේ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම චීනය හරහා ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය අපේක්ෂාවන්ද අඩුවී ඇත. වෙළෙද හා ප්‍රවාහන ගිවිසුම අත්සන් කිරීමට පෙර චීනය සමග ක්‍රියාකාරී සාකච්ඡාවලට එක්වූ නිලධාරීන් පවසන්නේ වසර හතක මන්දගාමී සංවර්ධනය අධෛර්යමත් කරන බවය. එසේම ඉදිරියට යාම සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් පවත්වා නැති බවය. ගිවිසුම ක්‍රියාත්මක කිරීමට රජයට බලපෑම් කිරීමට ද නොහැකි වූ බවත් පුද්ගලික අංශයේ විශ්වාසය ඉහළ නැංවීමට රජයට නොහැකි වූ බවත් එනිසා චීනයෙන් භාණ්ඩ ගෙන ඒමට පුද්ගලික අංශය සූදානම් නැතැයි හිටපු වානිජ ලේකම් පුරුෂෝත්තම් ඕජා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment