හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ යන මහත්වරුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
2011.08.10 වැනිදා හා 2012.12.03 වැනිදා කාලය අතරතුරදී පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නොතිබූ තනතුරක් එනම් සම්බන්ධීකරණ ලේකම් තනතුර ඇතිකර එම තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයාව පත්කිරීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි එමගින් චෝදනා නඟා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙර කී විත්තිකරුවන් දෙදෙනා සැකකරුවන් ලෙස නම්කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙයට වසර හතරකට පමණ පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
කෙසේ නමුත් එම නඩු පැවරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා අනුව, චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම පියවර ගැනීම නිසා, පුර්වගාමි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා 2023.07.11 වැනිදා එම සැකකරුවන් නිදහස් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක