නොදන්වා සේවයට නාවොත් නෙරපීමට අයිතියක් තිබෙනවා – ජා.සේ.ස ගොනු කළ පෙත්සම උසාවිය ඉවත දමයි

1055

පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට නොපැමිණෙන යම් සේවකයකු සේවය හැරගිය අයකු සේ සලකා සේවයෙන් ඉවත් කිරීමේ සාධාරණ අයිතියක් සේවාදායකයකුට ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

ජාතික සේවක සංගමය විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් ප‍්‍රතික්‍ෂේප කරමින් එස්. තුරෙයිරාජා ඒ. එච්. එම්. ඞී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එලෙස නිගමනය කළේය.

නිවාඩු ලබා ගැනීමකින් තොරව හා නිසි දැනුම් දීමකින් තොරව දින 21 ක් සේවයට වාර්තා නොකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ මාර්ග පරික්‍ෂකවරයෙකු ස්වෙච්ඡුාවෙන් සේවය හැරගිය අයකු ලෙස සලකා සේවයෙන් ඉවත් කිරීමට ගිරිඋල්ල ලංගම ඩිපෝ පාලනාධිකාරිය විසින් ගෙන තිබූ තීරණයක් අත්හිටුවා ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසට කුරුණෑගල සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ලබාදී තිබු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවනු ලැබීය.

ටී.ටයිටස් ජයන්ත නමැති ඩිපෝ මාර්ග පරික්‍ෂකවරයා 2004.8.17 දින සිට 2004.9.6 දක්වා නිසි දැනුවත් කිරීමකින් තොරව හා නිවාඩු අනුමත කරගැනීමකින් තොරව සේවයට වාර්තා නොකිරීම නිසා ඔහු සේවය හැරගිය අයකුසේ සලකා කටයුතු කිරීමට ඩිපෝ පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment