නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ඉන්ධන සපයන සමාගමකින් මිලදී ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙය සිදු කිරීමට උත්සාහ දරන බවටද පැවසේ.
මේ වන විට මේ වසර සඳහා ගල්අඟුරු මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයට එරෙහිව අධිකරණයට යෑම නිසා එය අත්හිටුවා ඇත. ඉන් පසු අමාත්‍යාංශය යෝජනා කැඳවීම් කර එයට කැබිනට් අනුමැතිය ලබාගෙන ගල් අඟුරු මිලදී ගැනීම ඉන්ධන ගෙන්වන සමාගමටම දීමට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග පැවසීය.
බලාගාරය තුළ යන්ත්‍ර 03 ක් පැවතියත් ඉන් යන්ත්‍ර දෙකක නිපදවන විදුලිය මේ වන විට ජාතික පද්ධතියට එක්කර තිබේ. අඛණ්ඩව ලබන වසරේ මැද පමණ වන තෙක් විදුලිය නිපදවීම සඳහා නැව් 38 ක් පමණ අවශ්‍යව ඇතත් මේ වන විට මුදල් (ඩොලර්) නොමැතිවීම නිසා එම ගල් අඟුරු නැව් මිලදී ගැනීමේ අපහසුතාවට පත්ව සිටී.
චමින්ද සිල්වා