නොරොච්චෝලේ අක්‍රිය වී ඩීසල්වලින් දිව්වොත් කෝටි 9500 ක වියදමක්

62

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

නොරොච්චෝල බලාගාරය ගල්අඟුරු නොමැතිව සම්පූර්ණයෙන් අක්‍රියවී ඉන් වෙනදාට නිපදවන විදුලි ඒකක ප්‍රමාණය ඩීසල් බලාගාරවලින් ලබා ගැනීමට කටයුතු කළහොත් දින අටකට රුපියල් බිලියන නමයයි දශම පහක් (කෝටි නවදහස් පන්සියයක්) වැයවන බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. ගල් අඟුරු මෙටි්‍රක් ටොන් හැටදහසක නැවක් අහිමිවීමේ පාඩුව මෙසේ කෝටි 9500 ක් වන බවද ඔහු කීවේය.

එම විදුලි ඒකක ප්‍රමාණය (මෙගාවොට් 810 ක්) දැවිතෙල්වලින් ලබා ගැනීමට සිදුවුවහොත් රුපියල් බිලියන තුනයි දශම අටක් පමණ වැයවන බවද ධම්මික මහතා කීය.

බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ත්‍රිකුණාමලයට රැගෙනවිත් පුත්තලම බලාගාරයට ගෙන යෑමට අදහස් කරන බවට බලධාරීන් ප්‍රකාශ කළත් එවැනි දෙයක් සිදුකිරීමට ගියහොත් තවත් අමතර ඩොලර් මිලියන 30 ක් මෙටි්‍රක් ටොන් හැටදහසක් රැගෙන යෑමට වැයවන බවත් ඒ මහතා කීය.

පසුගිය වකවානුවේ පොහොර ප්‍රශ්නයක් ඇතිකර කෘෂිකර්ම ඇමැතිවරයා ඉවත්ව ගිය බවත් ඒ ආකාරයෙන් විදුලි අර්බුදයක් ඇති කිරීමට කටයුතු කළහොත් විදුලිබල ඇමැතිවරයාට ද තම අමාත්‍ය ධුරය රැකගෙන සිටීමට ජනතාව අවස්ථාව ලබාදෙයිද යන්න සිතෙන බවත් ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment