සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ට අද (12දා) සිට තමාට හිමි නොවැම්බර් මස ප්‍රතිලාභ මුදල ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.
ඒ අනුව ඔවුන්ට තම අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණමෙන් මුදල් ලබාගත හැකිවේ.
නොවැම්බර් මාසයට අදාළ රු. කෝටි 1093.98ක මුදලක් ප්‍රතිලාභි පවුල් 1,692,431ක් අතරේ බෙදාදීම සඳහා මේ මුදල් ඊයේ (11දා) ප්‍රතිලාභි බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බවද එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත