මේෂ – මිත්‍ර සම්බන්ධකම් වැඩිවේ
සමාජවාදී අදහස් දරන කාටත් එක සේ සලකන යුක්තිගරුක කෙනෙක් ලෙස මෙම සතිය ගත කිරීමට හැකියාව ඇත. පිරිසිදු අදහස් ඇතිවේ. තමාගේ පිරිසට ඇල්ම දක්වන කාලයක් වේ. අදහස් සෘජුවම පවතින සතියකි. දුක් විඳින අය වෙනුවෙන් උදව් කරන සතියක් වේ. මහා පින්කම්වලට සහභාගි වන සතියක් වේ. උත්සාහවන්ත දක්ෂ ලෙස කාලය ගත කිරීමේ හැකියාව පවතී. යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් හිමිවීමේ වාසනාවක් ඇතිවේ. පාරම්පරික දේපළවලට උරුමකම් කියනු ලබයි. මෙම සතිය තමාගේ අදහසට ගැලපෙන හොඳ අදහස් ඇති අයගේ ආශ්‍රය මිත්‍ර සම්බන්ධකම් ඇතිවීමට හේතු වෙයි. විවාහ දිවියට වාසනාව උදාවේ. මෙම සතිය කය වෙහෙසා වැඩ කිරීමට සිදුවේ. ව්‍යාපාරයන්ට ශුභ වනු ඇත. කරන කියන රැකී රක්ෂාවන්ටත් ශුභ වේ. මෙම සතිය
ශුභ අංකය 4/ශුභ දවස සිකුරාදා
වෘෂභ – ධර්ම ශාස්ත්‍රයට නැඹුරු වීම
ගැඹුරු දේ ඉගෙනීමට ආශා කරන සතියක් වනු ඇත. හොඳ ධාරණ ශක්තියක් ඇතිවන කාලයක්. ධර්ම ශාස්ත්‍රය ගැඹුරින් ඉගෙනීමට ආශාව ඇති වේ. යහපත් පරිසරය ඇලුම් කරන සතියක් වේ. මෝටර් රථ යන්ත්‍ර සූත්‍රය ඉගෙනීමට රුචියක් දක්වයි. සති මැද වන විට මානසික සුවයට බාධා ඇතිවන කරුණු ගෙන දෙනු ලබයි. කරන කියන දෙයින් පාඩු ඇතිවීමට බලපායි. එහෙත් සති අග යහපත් වනු ඇත. දියුණුව උදෙසා ගමන් බිමන් යෙදෙන කාලයකි. මංගල ගමන් බිමන් යෙදේ. විවාහ ස්ථිරවීම් සිදුවේ. කරන කියන රැකී රක්ෂාව ව්‍යාපාරවලට දියුණුව ලැබෙන සතියක් වේ. තම කට වචනය ප්‍රවේසම් කර ගත යුතු වනු ඇත. නැතිනම් බොහෝ පාඩු මෙම සතිය තුළ ඇතිවීමට හේතුවේ. ඉගෙන ගන්න හා දූ දරුවන්ට යහපත් වන සතියකි. නිවසේ වගකීම් වැඩිවන සතියක් වනු ඇත. කරන කියන දේ සාර්ථක කර ගැනීමට නිතර ආගම දහමට නැඹුරුව කටයුතු කිරීම වැදගත් වේ. මෙම සතියේ සෙම් රෝග බහුලව ඇතිවීමට ඉඩ ඇත.
ශුභ අංකය 2/ශුභ දවස බදාදා
මිථුන – සෞඛ්‍යයට අහිතකර සතියකි
මෙම සතිය ආවේගශීලී ගති පැවතුම් ඇතිවන සතියක් වනු ඇත. කරන කියන දේ නොඉවසිලිවන්තකමින් සිදු කරනු ඇත. ගන්නා ලබන තීන්දු තීරණ නිවැරදි නොවේ. සතිය ඉතා කලබලකාරී ලෙස ගතකිරීමට කටයුතු කරයි. ශරීර සෞඛ්‍යයට යහපත් නොවන සතියක් වේ. නිතර ආමාශගත රෝග, ආහාර නොදිරවීමේ, රෝග හදිසි වැටීම්, ඇතිවීමට බලපායි. මෙම සතිය ගෘහ ජීවිත කටයුතු පිළිබඳ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකරනු ලබයි. කලබලකාරී වී තීන්දු තීරණ නොගන්න එවිට යහපත් සතියක් ලෙස මෙම සතිය ගත කිරීමේ හැකියාව ඇත. දෛනික කටයුතු කිරීමේදී නිතර සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපනය සිදුකරන දූ දරුවන්ට අධ්‍යාපනයට තරමක් බාධා ඇතිවන සතියක් වේ. මෙම සතිය මිථුන ලග්න හිමියනි ඔබට නිදන්ගත රෝග පවතිනවා නම් ගන්නා කියන ආහාර පාන ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. කරන කියන රැකී රක්ෂාවලට ව්‍යාපාරවලට පාඩු ඇතිවිය හැකි සතියක් වනු ඇත.
ශුභ අංකය 5/ශුභ දවස බ්‍රහස්පතින්දා
කටක – පවුලේ සමගිය වැඩිවේ
මෙම සතිය දරුවන් මුනුපුරන් සමග කාලය ගත කිරීමට හැකිවන සතියක් වේ. කරන කියන දේ ඉතා ප්‍රීතිමත් වේ. නෑදෑ හිත මිතුරන් ළං වන සතියකි. අතීත වගතුග ආවර්ජනය කොට සතුටු ළං කර ගන්නා සතියක් වේ. මහා පින්කම් කිරීමට සිත් දෙන සතියක් වනු ඇත. අඩුපාඩුවක් නොදැනෙන සතියක් වනු ඇත. විනෝද ගමන්බිමන් ඇතිවන සතියක් වේ. දිව පිනවන ආහාර ලැබෙන සතියකි. මෙම සතිය කටක ලග්න හිමි ඔබට පෙර පින් පල දෙන සතියක් වනු ඇත. ගෘහයේ දියුණු උදෙසා ගමන් බිමන් යෙදේ. කරන රැකී රක්ෂා ව්‍යාපාර සාර්ථක වනු ඇත. විවාහ සහකරු සහකාරිය සමග සමගිය වැඩි වන සතියකි. අධ්‍යාපන ලබන දරුවන්ට ද මෙම සතිය යහපත් වනු ඇත. දරුවන්ගේ දියුණුව දැක සතුටු වන සතියක් වේ. සමිති සමාගම් වලින් ලාභ ලැබෙන සතියක් වනු ඇත. කාගේත් ආදරය කරුණාව ලබන සතියක් නිසා කටක ලග්න හිමියනි ඔබට මෙම සතිය ඉතා යහපත්ය.
ශුභ අංකය 1/ශුභ දවස බදාදා
සිංහ – සමාජයේ කැපී පෙනේ
සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදුකරනු ලබයි. උත්සහ කොට ජයගැනීමට වෙර දරන සතියක් වනු ඇත. උත්සවවලට සහභාගි වීමක් සිදුවේ. විවාහ මංගල යෝජනා ඇතිවන සතියක් වනු ඇත. සමිති සමාගම්වලින් තනතුරු නම්බු නාම ලැබෙන සතියක් වනු ඇත. මෙම සතිය ධන වාසනාවන්තවලට හේතු වනු ඇත. සතිය මැද වන විට ශරීර සෞඛ්‍යයට යහපත් නොවනු ඇත. හදිසි රෝග මතුවීමට ඉඩ පවතී. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ තිබෙන ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කර ගැනීමට යහපත් සතියකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ වෙනසක් ඇතිවන සතියක් වනු ඇත. රැකියාවේ වගකීම් බහුල කරන සතියකි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට මෙම සතිය එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගන්නා කියන තීන්දු තීරණ දෙවරක් සිතා බලා ගන්න.
ශුභ අංකය 6/ශුභ දවස සඳුදා
කන්‍යා – දුර ගමන් බිමන් යෙදෙනු ඇත
මෙම සතියේ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට හැකිවන සතියකි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලැබේ. නෑදෑ හිත මිතුරන් සමග එක්ව කටයුතු කිරීමට හැකිවන සතියකි. විනෝද ගමන් බිමන් ඇතිවන සතියක් වන නිසා හිතට සැහැල්ලුව සතුට සන්තෝෂය ලබා දෙනු ඇත. දරුවන් සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා අතර දූ දරුවන්ට යහපත් සතියක් වේ. විවාහ ස්ථීර වන කාලයක් වනු ඇත. රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යෑමට හැකිවන සතියක් වේ. අන් අයගේ ආදරය කරුණාව විශ්වාසය තමාට ලැබෙන සතියක් වනු ඇත. තම සාර්ථකත්වය උදෙසා උපදෙස් ලැබෙන සතියක් වනු ඇත. උසස් අයගේ ආශ්‍රය ලැබෙන සතියකි. කරන කියන දෙයින් ලාභ ඇතිවීමට ඉඩ පවතී. මෙම සතිය ඔබට ධන වාසනා තිබේ. බුද්ධිමත්ව තීරණ ගන්නා සතියක් වනු ඇත. සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් මෙම සතිය ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න.
ශුභ අංකය 5/ශුභ දවස සිකුරාදා
තුලා – සිත් තැවුල්වලට හේතු
තුලා ලග්න හිමියන් හට මෙම සතිය මානසික කරදර මානසික ගැටලු ඇතිවන සතියක් වනු ඇත. නොසිතූ දේ සිදුවන සතියකි. තමාගේ විශ්වාසවන්ත හිත මිතුරන් තමාට දොස් පවරන සතියක් වනු ඇත. එබැවින් මෙම සතිය තම හිතවතුන් සමග ආශ්‍රය කිරීමේදී කරන කියන දේ ප්‍රවේසම් විය යුතුය. තම නොසැලකිලිමත්කම නිසා පාඩු ඇතිවීමට ඉඩ ඇත. සති අග මෙම තත්ත්වයන් නැති වනු ඇත. දෛනික කටයුතු පෙරසේ ගෙන යෑමට හැකියාව ලැබෙනු ඇත. ඉගෙන ගන්නා දරුවන් උනන්දු වී වැඩ කර ගැනීමෙන් ප්‍රතිඵල ලබා
ගැනීමට හැකියාවක් ඇති සතියක් වේ. විදේශ ගමන් බිමන්වලට මුල පුරන සතියක් වනු ඇත. ගනුදෙනුවලින් ප්‍රවේසම් වන්න.
ශුභ අංකය 3/ශුභ දවස සඳුදා
වෘශ්චික – ආර්ථික මට්ටම ඉහළට
මෙම සතිය කරන කියන ව්‍යාපාරවලින් ලාභ රැකී රක්ෂාවලින් උසස් වීම් මෙන්ම තනතුරු ලාභ ඇතිවන සතියක් වේ. කරන කියන දෙයින් ලාභ ඇතිවේ. ධන වාසනාවන්වලට හේතුවන සතියක් වනු ඇත. මෙම සතිය සතුටට යෙදෙනු ඇත. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවන්ට උනන්දුව වැඩිවන සතියක් වනු ඇත. සැලකිය යුතුයි මුත්‍රා රෝග වකුගඩු අසනීප වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ පවතියි. ගනුදෙනු යහපත් වේ. මෙම සතිය උසස් අයගේ ආශ්‍රය තම දියුණුවට ආධාර උපකාර ලැබෙන සතියක් වනු ඇත. උනන්දුව වැඩිවන සතියකි. ධාරණ ශක්තිය වැඩි වේ. බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා කාලයකි. නැති නෑදෑයෝ ඇතිවන සතියක් වනු ඇත. ගෘහයේ සමගියට කරුණු ගෙනදේ. ගෘහයේ දියුණුවට කටයුතු කිරීමට සිත් දෙන සතියක් වනු ඇත.
ශුභ අංකය 8/ශුභ දවස බ්‍රහස්පතින්දා
ධනු – උසස් අධ්‍යාපන වරම්
කරන කියන දෙයින් ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපනයක් සඳහා කටයුතු කරන්නේ නම් සුබ කාලය වේ. විදේශ ගමන් බිමන්වලට ද සුභය. මෙම සතිය දියුණුවේ දොර විවර වන සතියක් වේ. කරන කියන දේ ඉතා සාර්ථක වන සතියක් වනු ඇත. නෑදෑ හිත මිතුරන්ගේ ආදරය කරුණාව ලබන සතියක් වේ. පිනට දහමට ලැදිව කටයුතු කිරීමට සිත් දෙන සතියකි. ගෘහය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය එකසේ ලබාදෙන සතියක් වනු ඇත. දූ දරුවන්ගේ සතුට දකියි. දිව පිනවන ආහාර පාන ලැබෙන සතියක් වනු ඇත. කරන කියන රැකීරක්ෂාවල දියුණුව ලැබේ. ප්‍රධානීන් අතර පැසසුමකට ලක්වන සතියක් වේ. සැලකිය යුතුයි මෙම සතිය තද හිසේ කැක්කුම් වාත රෝගවලට හේතු වේ.
ශුභ අංකය 2/ශුභ දවස සෙනසුරාදා
මකර – කලබලකාරීත්වය සුදුසු නැත
මෙම සතිය කුම්භ ලග්න හිමි ඔබට යහපත් සතියක් වනු ඇත. කරන කියන දෙයින් ලාභ ලැබේ. දරුවන් වෙනුවෙන් කැපවන සතියකි. අඹුසැමි සබඳතාව වැඩි වන සතියක් වනු ඇත. රැකී රක්ෂාවලින් තනතුරු ලාභ ඇතිවීම පෙන්නුම් කරනු ලබයි. නව අදහස් යෝජනා ඇතිවන සතියක් වනු ඇත. උසස් අධ්‍යාපනයට මුලපුරන සතියක් වේ. ආර්ථික මට්ටම ඉහළ යන සතියක් වේ. සහෝදර සහෝදරියන් තම දියුණුව දැක සතුටු වෙන සතියකි. විදේශ ගමන් බිමන්වලට ශුභයි. අනුකම්පා සහගත සිත් පහළ වන සතියක් වේ. ගෘහ ජීවිතයේ වාසනාවන්ත කර ගැනීමට හැකිවන සතියක් වේ.
ශුභ අංකය 5/ශුභ දවස සෙනසුරාදා
කුම්භ – රැකීරක්ෂා දියුණුව
සිතිවිලි නිහඬ කරවන කාලයක් වෙයි. වාණිජ වෙළෙඳ බැංකු කටයුතුවලදී ගනුදෙනු ප්රවේසම්වීම යහපත් වේ. මිල මුදල් නිකරුණේ වියදම් විය හැක. අලංකරණය විනෝදයට යහපත්ය නොවන සතියක් වේ. ගෘහස්ථයට තරමක් අයහපත් සතියක් වන නිසා නොසිතන කරදර වලට මුහුණ පෑමට සිදුවේ. හදිසි අනතුරු පෙන්නුම් කර. දානමාන සඳහා සහභාගී වීමක් පෙන්නුම් කරයි. සති මැද කරන කියන දෙයින් ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. අස්ථි රෝග ඇත්නම් ප්රවේසන්වීම යහපති. යන එන ගමන් වැඩිවන සතියකි. ගත්ත සිත වෙහෙසා කටයුතුවලින් ලාභ ලැබීමට හේතු වේ. තමාට විශ්වාස ඇති අයගේ විශ්වාසය පලදු විම් ඇතිවන සතියකි. විදෙස් ගත විම් ප්‍රමාද වනු ඇත. නොසිතු දේ සඳහා මුහුණපෑමට සිදුවන සතියකි. විශ්වාස කඩ කිරීම් ඇතිවේ. මෙම සතිය අන් අය කෙරෙහි විශ්වාසය නොතබා වැඩකටයුතු කිරීමෙන් දියුණුව ලබාගත හැක.
ශුභ අංකය 2/ශුභ දවස සඳුදා
මීන – අලුත් හිතවත්කම් ඇතිවේ
ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයක් වනු ඇත නිතර අසරණ අයට පිහිටවීමට කැමැත්තක් දක්වන කාලයක් වේ. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසයි වෙහෙසයි. ගේදොර අලුත්වැඩියාවක් සිදුවිය හැකි කාලයක් වේ. අලුත් හිතවත්කම්වලට මඟ සලසන කාලයක් වේ. ශරීර සෞඛ්‍යය ගැන පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වන්න හදිසි වැටීම් තැලීම් සීරීම් වැනි සුළු අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත. මෙම සතියේ ගෘහ ජීවිතය කටයුතු පිළිබඳ යම් යම් වෙනස්කම් කීපයක් සිදුවී වනු ඇත. වෙනදාට වඩා ගෘහයේ දියුණුව වෙනුවෙන් ඇප කැපවෙන සතියක් වනු ඇත. කරන කියන ව්‍යාපාරවල මෙන්ම රැකීරක්ෂාවල දියුණුව පවතී.
ශුභ අංකය 7/ශුභ දවස සිකුරාදා
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී, විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. එන්. ඌෂාන්ත්‍රි
071 248 2323