නොවැ.27 සිට දෙසැම්බර් 17 තෙක්
බුද්ධිමතුන්ට, පාසල් සිසුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට,
විපක්ෂයේ කණ්ඩායම්වලට ප්‍රබල බලපෑම්
2024.06.29 සිට දින 139 ක් හෙවත් 2024.11.16 තෙක් වක්‍ර චලිතයේ ගමන් කර දුකට අධිපති ග්‍රහයෙක් මෙන්ම, පීඩිත කම්කරු ජනයා නියෝජනය කරන ග්‍රහයකු වූ ශනි ග්‍රහයා මෙතෙක් කලක් චක්‍ර චලිතය තුළ ගමන් කර තිබූ අතර නොවැ. 16 න් පසු ශනි නිවෘත වීමක් හෙවත් යළි ඉදිරිය බලා ගමන් කිරීමක් සිදු වේ. යළි දින 135 කට පසු එනම් 2025.03.30 මීන රාශියට ශනි ගෝචර වේ. ශනිගේ නිවෘත වීම හේතුවෙන් යම් යම් දූෂණ චෝදනාවලට ලක් වූ අයට දැඩි දඬුවම් හිමි වන බවක්ද පෙනේ.
දැනට බුධ ග්‍රහයා වෘශ්චික රාශිය තුළ ගමන් කරන හෙයින් යම් යම් රහස් තොරතුරු හෙළි වන බවක්ද පෙන්නුම් කරයි. ඒ අතරම නොවැ.27 සිට දෙසැම්බර් 17 තෙක් වක්‍ර චලිතයේ බුධ ගමන් කිරීම හේතුවෙන් බුද්ධිමතුන්ට, පාසල් සිසුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, විපක්ෂයේ කණ්ඩායම්වලට ප්‍රබල බලපෑම් ඇති කරයි. වගා හානි මෙන්ම සමහර දිස්ත්‍රික්කවලට ජලයෙන්ද හානි ඇති කරන බවක්ද පෙනේ.
ගුරු ග්‍රහයා ද පෙබරවාරි මස 05 තෙක් වක්‍ර චලිතයේ ගමන් කිරීම හේතු කොට ගෙන නව බදු වර්ග හඳුන්වා දීම ද පෙන්නුම් කරන අතරම යම් යම් භාණ්ඩවල මිල උච්චාවචනය වීමක්ද පෙනේ. නොවැ. 16 න් පසු රජය බලවත් වීමක් ද පෙනෙන්නට තිබේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ඉහත සඳහන් දිනයේ 10 වැන්නේ රවි, බුධ යෝගය පවතී. කූට බුද්ධිය ක්‍රියාත්මක වන බවක්ද පෙනේ. වසර පුරාම සෙන්පති කුජ දුර්වලව සිටීම එහි කූටප්‍රාප්තිය දෙසැම්බර් 08 සිට ජනවාරි 22 දක්වා කටක රාශියේම වක්‍ර චලිතයේ ගමන් කිරීම ආරක්ෂක අංශයන්ට යහපත් නැත, හදකම්පා කරවන සිදුවීම්, පිපිරීම්, වෙඩි තැබීම් ගැනද අසන්නට ලැබේ.
එසේම සෞඛ්‍ය අංශයේ ගැටලු ද නොවැ.16 න් පසු ප්රබලව ඇති කරනු ලබයි. ශනිගේ නිවෘතවීම වයෝවෘද්ධ දේශපාලනඥයන්ට යහපත් නොමැති බවක්ද පෙනේ. අතහැර දැමූ බොහෝ ව්‍යාපෘති සහ සංවර්ධන කටයුතු යළි ආරම්භ වන බවක්ද පෙනෙන්නට තිබේ. එමෙන්ම නොවැ. 16 න් පසු යළි උද්ඝෝෂණ ප්රබලව පෙන්නුම් කරයි.
රජය මහජනතාව කෙරෙහි පැහැදීමෙන් දාන, සීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව අන්‍යොන්‍ය විශ්වාසයෙන් බෝධි පූජා කිරීමෙන් ඉහත කී කරුණුවලින් මිදී යහපත උදා කර ගැනීමට හැකි වනු බව පෙනේ.