නව වසරේදී අපේ ඉරණම කෙසේ වෙතත් ලොවේ අනාගත ඉරණම මීට වසර සිය ගණනකට පෙර ලියූ දෙදෙනෙක් ගැන සෑම නව වසරක් උදා වෙද්දීම කතා බහට ලක්වෙනවා. ඒ බාබා වැන්ගර්, නොස්ට්‍රඩාමස් යන දෙදෙනාය.

ප්‍රංශ ජාතික නොස්ට්‍රඩාමස් නැපෝලියන්ගේ සහ හිට්ලර්ගේ බලවත් වීම, කෙනඩි ඝාතනය, අමෙරිකාවේ 9/11 ප්‍රහාරය, ලෝක යුද්ධ, තාක්ෂණික දියුණුව ගැන පැවසූ අනාවැකි සත්‍ය වූවා සේම 2024 වසර උදා වෙද්දී ජපානයේ සිදු වූ භූමිකම්පාව පිළිබඳ ඔහු පළ කළ අනාවැකිය ද සැබෑ විය. දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය අකුරට ම නිවැරැදිව පවසා තිබීම නොස්ට්‍රඩාමස්ගේ ජනප්‍රියතාව වැඩි වීමට හේතු විය. ඔහු මේ සියල්ල පළකර තිබුණේ 1555 දී රචිත ද ස් ප්‍රොෆෙටිස් (Les Prophéties /The Prophecies) නම් කෘතියේය.

බාබා වැන්ගර් බල්ගේරියාවේ උපන් 1911 සිට 1996 දක්වා ජීවත්වූ අනාගතය දුටු අන්ධ කාන්තාවකි. අමෙරිකාවට එල්ලවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය ගැන අකුරටම බාබා කීවාය. මේ දෙදෙනා රටවල් දෙකක, යුග දෙකක ජීවත් වුව ද ඔවුන් පැවසූ ඇතැම් කරුණු සැබෑවෙමින් පවතියි.

එනිසාම ලෝ වාසීන් මේ දෙදෙනාගේ අනාවැකි දැන ගැනීමට වසරක් පාසා නොඉවසිල්ලෙන් පසුවේ.

කෘත්‍රිම බුද්ධියේ බලය පැතිරේ

නොස්ට්‍රඩාමස්ට අනුව 2025 වසර වෛද්‍ය විද්‍යාවේ, කෘත්‍රිම බුද්ධියේ, සෞඛ්‍ය සේවාවේ සහ වෙනත් බොහෝ ක්ෂේත්‍රවල පිබිදීමක් ඇති වන කාලයකි. ඩිමෙන්ෂියා, පිළිකා වැනි රෝගවලට නව ප්‍රතිකර්ම සොයාගත හැකිවනු ඇත.

නව වසරේ තවත් සුබ ආරංචියක් වන්නේ දිගු කාලීන යුද්ධයක් අවසන් වන බවය. ඒ අනුව 2022 වසරේ ඇරැඹි රුසියානු – යුක්‍රේන යුද්ධය 2025 දී අවසන් වීමට ඉඩ තිබේ. අමෙරිකාවේ නව ජනපති ලෙසින් ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමත් සමග මෙය සැබෑවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. ට්‍රම්ප් යුක්‍රේනයට සහාය නොදීම ඊට ප්‍රධාන වශයෙන් බලපායි. ප්‍රංශය සහ තුර්කිය දෙරටට සාමය උදා කිරීමේදී පෙරමුණ ගන්නා බවට ඉඟියක් නොස්ට්‍රඩාමස් විසින් සපයා තිබේ.

එවැනි සුබ ආරංචි තිබුණ ද මේ වසරේදී පොළොව වඩාත් වියළී ඉරි තලා යනු ඇත. එලෙසම ගංවතුරෙන් ජනතාව පීඩාවට පත්වනු ඇත.

බ්‍රිතාන්‍යයට අසුබ කාලයක්

උදාවූ නව වසර නොස්ට්‍රඩාමස්ට අනුව බ්‍රිතාන්‍යයට දෙආකාරයකින් අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි. යුද්ධ ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර පැරැණි වසංගතයක් යළි ඉස්මතු වීමට ද ඉඩ ඇත.

අලුතින් බලවත් රාජ්‍ය නිර්මාණය වේ

මහා බලවතුන්ගේ ගැටීම නිසා ගෝලීය දේශපාලන අර්බුද රැසක් මතු විය හැකිය. මේ අනුව 2025 වසරේදී රටවල් අතර ඇතිවූ මතභේද දුරදිග යෑමේ අවදානමක් පවතී. බටහිර රටවල ආධිපත්‍ය බිඳ වැටී නව ලෝක බලවතුන් බිහිවනු ඇත.

ග්‍රහක තර්ජන

ගතවූ වසර ගෙවී ගියේ ග්‍රහක දෙකක් පෘථිවියට සමීපව ගමන් කරමිනි. ඔහු පවසන පරිදි පෘථිවියේ මහා විනාශයක් සිදු වීමට යෝධ ග්‍රහකයක් හේතු වනු ඇත. එහෙත් ඒ අවදානම නම් අවම බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇමේසන් වනයට බරපතළ හානි

වසරින් වසර විවිධ ජාවාරම්කරුවන් විසින් ගිනි ගන්වමින් බිලි ගන්නා ඇමේසන් වනයට 2025 වසරේදී ද විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී යනු ඇත.

මුහුදෙන් නායකයෙක්

වෙරළාසන්න නගර ගංවතුරෙන් ගිලී යද්දී විශාල ගණනක් අවතැන් වෙති. ඔහු පවසන ආකාරයට අලුත් සමුද්‍ර අධිරාජයෙක් මහ මුහුදෙන් මතුවනු ඇත. මෙය සිනමා පටයක කතාවක් හා සමාන වන නමුත් මෙය නොස්ට්‍රඩාමස්ගේ කතාවක් නිසා සැබෑවීමට ද ඉඩ තිබේ.

බාබා වැන්ගර්ගේ 2025

නොස්ට්‍රඩාමස්, බාබා වැන්ගර් 2025 ගැන මොකද කියන්නේ?

බාබා 5079 වන තුරුම ලෝකයේ අනාගතය දැක තිබේ. ඇයගේත් නොස්ට්‍රඩාමස්ගේත් අනාවැකි එක හා සමානවූ අවස්ථා ඇති අතර මේ වසරේ ද එවැනි සමාන අනාවැකි ඇත. බාබා පවසන අන්දමට යුරෝපයේ ඇති වන මහා යුද්ධයකින් යුරෝපීය ජනගහනයෙන් සැලකිය යුතු තරම් ප්‍රතිශතයක් මිය යති. ඒ බව ඔහු ද දක්වා තිබිණි. බාබා සඳහන් කර ඇති අන්දමට එයින් යුරෝපයට දිගු කාලීන සමාජ හානියක් සිදුවේ. ඇය පිටසක්වල ජීවීන් සමග මානවයාගේ පළමු සබඳතාව ඇරැඹෙන බව සඳහන් කර ඇති අතර නොස්ට්‍රඩාමස් ද පිට ලෝකයක් සමග සබඳතාවක් ඇති වීමේ ඉඩකඩක් ගැන දක්වා තිබේ.

ගං වතුර ගැලීම් ගැන දෙදෙනාම එක හා සමානව සඳහන් කර ඇත.

රුසියාවේ ආධිපත්‍යය

ගෝලීය භූ දේශපාලනයේ හැඩතල වෙනස් කිරීමට තරම් ලෝක දේශපාලනයට රුසියාව බලපානු ඇත.

ගිනි කඳු පිපිරීම්

අක්‍රීය ගිනිකඳු සක්‍රීය වීමේ අත්දැකීම 2024 දී මෙන්ම මේ වසරේදී ද අත්දකින්න ලැබේ.

බාබා පවසන්නේ මානව ශිෂ්ටාචාරයේ අවසානයට 2025 දී මුල පිරෙන බවය.

විද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ පෙරළිකාර සොයා ගැනීම්

රසායනාගාරවල කෘත්‍රිම අවයව නිපදවීම, පිළිකා වැනි සුව කිරීමට අසීරු රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම නිසා වැඩි ආයු කාලයක් භුක්ති විඳීමට මිනිසුන්ට වරම් ලැබේ.

පරචිත්තඥානය අවදි වේ

බෞද්ධයන් වූ අප බුදුරජාණන් වහන්සේගේ පරචිත්ත විජානන ඥානය ගැන අසා ඇත. බාබා සඳහන් කර ඇති පරිදි මිනිසුන් දුරස්ථව සිටින පුද්ගලයන් සමග සිතිවිලි, අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට මුල පුරයි.

ලොවක් මවිත කරන බාබාගේ අනාගත අනාවැකි

2028 – ලොවෙන් කුසගින්න මුලිනුපුටා දැමීමට හැකිවේ.

2033- සාගර ජල මට්ටම ඉහළ නගී.

2043 – මුස්ලිම්වරුන් විසින් යුරෝපය සියතට ගනී.

2046 – කෘත්‍රිම අවයව විශාල වශයෙන් නිපදවේ.

2066 – අමෙරිකාව විසින් පාරිසරික කසළ වනසන ආයුධයක් නිපදවයි.

2076 – කොමියුනිස්ට්වාදය හිස ඔසවයි.

2084 – සොබා දහම විසින්ම සොබා දහම සුවපත් කරගනී.

2088 – වෛරසයක් නිසා වේගයෙන් වයස්ගත වීමට පටන් ගනී.

2097- වෛරසය මුලිනුපුටා දමයි.

2167 – නව ආගමක් ලොව පුරා ජනප්‍රියවේ.

2170 – පෘථිවිය වියළී, කාන්තාර බවට පත්වේ.

2183 – අඟහරු ලොවේ ජනපද ස්වයංපෝෂිත වේ.

2187 – ගිනිකඳු පිපිරීම් සාර්ථක ලෙස මර්දනය කරයි.

2201 – හිරු සිසිල් වේ.

2256 – අන්තර් ක්ෂීරපථ වෛරස රොකට්ටුවකින් පෘථිවියට පැමිණෙයි.

2288- කාලතරණය සොයා ගනී.

2291 – සිසිල් වන හිරු උණුසුම් කිරීමට මිනිසා උත්සාහ ගනී.

2299 – ප්‍රංශය ඉස්ලාමීය රාජ්‍යයන්ට එරෙහිව ගරිල්ලා සටන් දියත් කරයි.

2371 – සාගතය ගෝලීය ගැටලුවක් බවට පත්වේ.

3010 – සඳ සමග ග්‍රහකයක් ගැටී යෝධ දූලි වලාවක් සෑදෙයි.

3797 – සියලුම ජීවීන් අතුරුදන් වන අතර මිනිස් ජනාවාස නව සෞරග්‍රහ මණ්ඩලයක ස්ථාපිත වේ.

5079 – ලෝක විනාශය සිදුවේ.

අන්තර්ජාලයෙනි.

සී. ඩී. කුලසිංහ


advertistmentadvertistment