ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 21 වැනි සංශෝධනය සඳහා පක්ෂ නායකයින් සමඟ විශේෂ රැුස්වීමක් ලබන 28 වනදා පෙරවරු 10 ට පැවැත්වීමට නියමිත බව
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටී.
හෙතෙම මේ බව කියා සිටින්නේ විපක්ෂනායක විසින් ඔහු වෙත යවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනි. එහි වැඩිදුරටත් මෙසේධ සඳහන් කර ඇත.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යන උක්ත මැයෙන් මා වෙත යොමු කරන ලද ලිපිය මේ මොහොතේ මා අතට පත් විය. රටේ ජනතාව ඉල්ලා සිටින ප්‍රධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අරමුණු කර ගෙන ඔබතුමා නායකත්වය දරණ සමගි ජන බලවේගයත් මැතක දී රජයෙන් ස්වාධීන වූ විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු මන්ත්රීවරන් 40 දෙනා ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපි පසුගිය පක්ෂ නායකවරුන්ගේ රැුස්වීමේ දී සාකචඡුා කොට ඒ අනුව ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමට තීරණය කළෙමු.
එම රැුස්වීමට නීතිපතිවරයා ප්රමුඛ නීතීඥ මණ්ඩලයක් ද සහභාගී වූ බව ඔබතුමා ද දන්නා කරුණකි. එම සාකච්ඡුා ප්‍රකාරව මා වෙත භාර දී තිබූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා එදින ම ගරු අග්රාමාත්යතුමාටත්, කැබිනට් මණ්ඩලයේ ලේකම්තුමාටත්, නීතිපතිවරයාටත් වැඩිදුර කටයුතු සඳහා වහාම ඉදිරිපත් කළෙමි.
ඒ අනුව එම යෝජනා අද දින පවත්වනු ලබන කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී සාකච්ඡුා සඳහා ගැනීමට නියමිත බව මට දැනගන්නට ලැබී ඇත.
එම සාකච්ඡුාවෙන් පසුව කැබිනට් මණ්ඩලය තීරණය කරන පරිදි එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට කැබිනට් ලේකම්වරයාගේ නීත්‍යානුකූල වගකීම වේ. මෙම ක්‍රියා පිළිවෙත අද පවත්නා රටේ නීතිය අනුව ගත හැකි වේගවත්ම ක්‍රියාදාමය බව අවධාරණය කරනු කැමැත්තෙමි. මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ පිළිවෙත වඩා කල්ගතවන පියවරක් බව ඔබතුමා පිළිගන්නවා ඇතැයි මම විශ්වාස කරමි.
මෙය ජාතික වැදගත්කමකින් යුතු වහා ක්‍රියා කළ යුතු කාර්යයක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී රාජකාරි භාරගත් මට කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය විය හැකි කිසිම පියවරකට ඉදිරිපත් විය නොහැකි බව තවදුරටත් කාරුණිකව දන්වනු කැමැත්තෙමි.
කෙසේ වුව ද පක්ෂ නායකයින් සමඟ සාකච්ඡුා කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැුස්වීමක් අපේ‍්‍රල් මස 28 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 ට නියම කර ඇති බව ද දන්වනු කැමැත්තෙමි.