පක්ෂ පාට ජාතිභේද සහ සියලු මතවාද අමතක කොට රට ගොඩනගන්න එක්වන්න… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

123

පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසි ගැන්වීම දැන්වත් නතර කර දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළ නොනැවතී ක‍්‍රියාත්මක කිරීමෙන් රටේ තිරසාර අනාගතය ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් ඊයේ (18දා) පෙරවරුවේදී මේ බව කී ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

උදා වූ 2022 නව වසර, ඔබ සියලූ දෙනාටමත්, සියලූම රටවැසියන්ටත් සුබ නව වසරක් වේවා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය තුළ, මෙම ගෞරවනීය පාර්ලිමේන්තුවට පත් වී සිටින ඔබ, විවිධ දේශපාලන මතවාද හරහා නියෝජනය කරනු ලබන්නේ මේ රටේ මහජනතාවගේ හඬයි.

ඒ නිසා මෙම පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ඔබ සියලූ දෙනා රටට ජාතියට වගකියන සුවිශේෂී කණ්ඩායමක්.

ඔබ මෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය තුළ ජනතා වරමින් ජනාධිපති ධුරයට පත් වූ මා ද මේ රටේ සියලූම ජනතාවට වගකිව යුතු වෙනවා. මැතිවරණයේ දී මට ඡුන්දය ලබා දුන් ජනතාව මෙන්ම නොදුන් ජනතාව සම්බන්ධයෙනුත් ඒ වගකීමේ වෙනසක් නැහැ.

පක්ෂ පාට ජාතිභේද සහ සියලු මතවාද අමතක කොට රට ගොඩනගන්න එක්වන්න... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

ඒ නිසා පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වගකීම් නිසි ලෙස ඉටු කරමින් අද මේ රට මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීම සඳහා සහාය වන ලෙසට රටේ ජනාධිපතිවරයා ලෙස මා අද ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

පසුගිය වසර දෙක අපට අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයක් වුණා. මුළු ලෝකයටම එකවර බලපෑ කොවිඞ් – 19 ගෝලීය වසංගතයට අපටත් මුහුණ දෙන්නට සිදු වුණා. මෙම වසංගතය හේතුවෙන් ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින සෑම රටකටම වාගේ දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වුණා. කුඩා ආර්ථිකයක් ඇති ලංකාවටත් එහි පීඩාව තදින්ම දැනුණා. වාර ගණනාවක් රට වසා දැමීමට සිදු වීම නිසා රටේ ආර්ථික ක‍්‍රියාවලියට බොහෝ බාධා සිදු වුණා.

රටට විදේශ විනිමය ගෙන ආ සංචාරක කර්මාන්තය, විදේශ ශ‍්‍රමිකයන්, ඇඟලූම් කර්මාන්තය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර සියල්ලම මේ වසංගත තත්ත්වය නිසා අඩාල වුණා. ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා විවිධ සීමා පනවන්නට සිදු වීම බොහෝ ව්‍යාපාරවලට, ස්වයං රැුකියා කරන්නන් හට හා දෛනික ආදායම් උපයන්නන් හට බලපෑවා. සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම නිසා සමාජය තුළත් විශාල අසහනකාරී තත්ත්වයක් ඇති වුණා.

කොවිඞ් – 19 ගෝලීය වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්නට රජය විශාල වියදමක් දැරුවා. විටින් විට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායම අහිමි වන ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ගෝලීය වසංගතය නිසා ආදායම් අහිමි වූ හෝ ප‍්‍රමාණාත්මකව අඩු වූ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීම් කල් දමන්නට අප කටයුතු කළා. අඩු කරන ලද බදු කිසිවක් අප යළි ඉහළ දැමුවේ නැහැ. කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් හෝ දීමනා කප්පාදු කළේ නැහැ.

මොන තරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාවගේ සෞඛ්‍යය ප‍්‍රමුඛතාව ලෙස සලකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලූ පිරිවැය දරන්නට රජය කටයුතු කළා. රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන හා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පහසුකම් පිහිටු වූ අතර රෝහල් පද්ධතියට අලූතින් ඇඳන් 35,000ක් පමණ එකතු කරන්නට අප කටයුතු කළා. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ සෑම පවුලකටම රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දුන්නා.

කොවිඞ් – 19 ගෝලීය වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අප කල්වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව විශාල මුදලක් දරා හෝ අවශ්‍ය එන්නත් ප‍්‍රමාණය ගෙන්වාගෙන වයස අවුරුදු 16 ට වැඩි ජනතාව එන්නත්කරණය කිරීමට අප කටයුතු කළා. මේ වන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප‍්‍රශස්ථ මට්ටමක සිටිනවා.

ඉලක්කගත ජනගහනයෙන් 85%කට වැඩි ප‍්‍රමාණයකට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දී රෝග තත්ත්වය පාලනය කොට සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විට සියලූම ජනතාව ඉලක්ක කර ගනිමින් උත්පේ‍්‍රරක මාත‍්‍රාව ලබා දීම ද සාර්ථකව සිදු වෙමින් පවතිනවා.

පක්ෂ පාට ජාතිභේද සහ සියලු මතවාද අමතක කොට රට ගොඩනගන්න එක්වන්න... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා, ප‍්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අප සියලූ දෙනාම අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කරන්නේ රටේ යහපතයි. ගෝලීය ව්‍යසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේදී, රට ගොඩ

නගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සියලූ දෙනාටම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ ඔබ සියලූ දෙනාටම ආරාධනා කරනවා.

කෙටිකාලීන ගැටලූවලට සාර්ථකව මුහුණ දෙන අතරම අපේ මූලික

වගකීම වන්නේ අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළ නොනැවතී ක‍්‍රියාත්මක කිරීමයි. රටේ තිරසාර අනාගතය ගොඩනැගෙන්නේ ඒ මතයි. ඒ නිසා අප කිසිවිටකත් අපේ ප‍්‍රමුඛතා අමතක නොකළ යුතුයි.

අප ජනතාවට පොරොන්දු වුණා වසර පහක් තුළ යම් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරන්නට. ඉන් මුල් වසර දෙක තුළ ගෝලීය කොරෝනා වසංගතය නිසා අපට විශාල බාධාවන්ට මුහුණ දෙන්නට සිදු වුවත්, අපේ මූලික වගකීම් ඉටු කිරීම අප කිසිවිටක අමතක කළේ හෝ පැහැර හැරියේ නැහැ.

වර්ෂ 2019 දී මා ජනාධිපති ධුරයට පත්වන විට රටේ ජනතාවට තිබුණ මූලික ගැටලූව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වනවිට අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත‍්‍රස්තවාදය ගැන බියක් නැහැ.

පාතාල උවදුර එදා බරපතළ ලෙස ව්‍යාප්ත වී තිබුණා. බන්ධනාගාර බස් රථවලට වෙඩි තබා එහි ආරක්ෂකයින් සහ සිරකරුවන් මරා දැමූ යුගයක් අප දුටුවා. මහ පාරේ ගමන් කළ ජනතාව පාතාලකරුවන්ගේ සටන්වලට මැදි වී වෙඩි කා මිය ගිය යුගයක් අප පසු කළා. පසුගිය වසර දෙක තුළ මේ තත්ත්වය වෙනස් කරන්නට රජයට හැකි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරත් එදා ඉතා බරපතළ ප‍්‍රශ්නයක් බවට පත් වී තිබුණා. රටේ තරුණ ප‍්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් සිටියා. පිටරටවලට පවා මත්ද්‍රව්‍ය සපයන කල්ලි ලංකාව තුළ බිහි වී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. මෙය කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ ක‍්‍රියාකාරිත්වය නිසා අද මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙළ අප දිගටම ක‍්‍රියාත්මක කරනවා. අසල්වැසි රටවල බුද්ධි අංශත් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපට ලබා දෙනවා.

මහජන ආරක්ෂාව සැපයීමේ දී පොලීසියට විශාල වගකීමක් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමට නම් පොලීසිය නිරන්තරයෙන්ම මහජන ආරක්ෂාව ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා පසුගිය කාලයේ දී පොලීසිය තුළත් අප ප‍්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළා.

අප ජාත්‍යන්තර නීතිවලට, සම්මුතීන්ට ගරු කරන රටක්. පසුගිය කාලයේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරගන්නට අපට අවශ්‍යයි. මා වගකීමෙන් කියනවා, මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේ දී එවැනි ක‍්‍රියාවක් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක‍්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ සෑම ජන කොටසක්ම වාගේ ත‍්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත් වුණා. 2009 වසරේ දී, ත‍්‍රස්තවාදය පරාජය කොට යළි රටට සාමය ගෙන ඒමෙන්, මේ තත්ත්වය අවසන් කරන්නට අපට පුළුවන් වුණා. කෙසේ වෙතත්, දැන් අපට අවශ්‍ය වෙන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවත ලා සෑම ජන කොටසකටම, සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් විය හැකි, සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව අප සියලූ දෙනාම එක්විය යුතුයි.

යුද්ධයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ගැටලූව එක් පාර්ශ්වයකටම පමණක් විශේෂ වූවක් නොවෙයි. ඒ සියලූ දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටු කිරීමට අප කටයුතු කරනවා.

අප ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසි ගැන්වීම දැන්වත් නතර කරන ලෙස, මෙය තවදුරටත් කරන දේශපාලනඥයින්ගෙන් මම ඉල්ලා සිටිනවා.

අප නිදහස් ස්වෛරී රාජ්‍යයක්. බලවත් රටවල් අතර පවතින ගැටුම්වලට මැදිහත්වීමට අපට අවශ්‍යතාවක් නෑ. අප අපේ අසල්වැසියන්ට ගරු කරන අතර අපට අවශ්‍ය වන්නේ සෑම රාජ්‍යයක් සමඟම මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය හා විනිවිදභාවය සාක්ෂාත් කිරීම අත්‍යවශ්‍ය බව මා තරයේ විශ්වාස කරනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම ඉතා වැදගත්. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේත්, නීතිපති දෙපාර්තමේන්තුවේත් පත්වීම් කිසි විටෙක දේශපාලනීකරණය කළේ නැහැ. අධිකරණ සේවාවේ සිටින නිලධාරීන්ගේ කුසලතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය මත සියලූ පත් කිරීම් සිදු කරන්නට කටයුතු කළ අතර එමගින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මාගේ රජයෙහි කැපවීම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කර පෙන්වා තිබෙනවා.

1994 වර්ෂයේ සිට පත් වූ රජයන්, විවිධ අවස්ථාවල දී, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා විවිධ උත්සාහයන් දැරුවත්, ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මේ විෂයය පිළිබඳව ගැඹුරින් හදාරා පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා.

මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡුාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

වේගවත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අප හොඳින්ම වටහා ගෙන තිබෙනවා. ඒ නිසා ගෝලීය වසංගත තත්ත්වය යටතේත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලැබුවා. මාර්ග දස ලක්ෂයේ වැඩසටහන, නගර සංවර්ධන ව්‍යාපෘති, ග‍්‍රාමීය නිවාස හා නාගරික මහල් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, පාලම් පන්දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, වැව් 14,000ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති, දිවයිනේ සියලූම නිවාසවලට විදුලිය හා පානීය ජලය ලබා දීමේ වැඩසටහන්, අධිවේගී අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති, ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘති, තාක්ෂණික ගම්මාන හා කර්මාන්ත පුර ඉදිකිරීමේ ව්‍යාපෘති සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදු වෙමින් පවතිනවා. වසරින් වසර මේ ව්‍යාපෘති අවසන් වන විට අප ජනතාවට දුන් පොරොන්දුවල ප‍්‍රතිඵල බලා ගන්න පුළුවන්.

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පොරොන්දු වූ ආකාරයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම අප පසුගිය සතියේ ආරම්භ කළා. බටහිර පර්යන්තයේ ඉදිකිරීම් තව නොබෝ දිනකින් ආරම්භ වෙනවා. 2024 හා 2025 වසරවල මේ ව්‍යාපෘති අවසන් වූ විට කොළඹ වරායේ ධාරිතාව දෙගුණ වී ලෝකයේ කාර්ය බහුලතම වරායවල් 15 අතරට අපට එක් වන්නට පුළුවන්.

වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා අප හොඳින්ම වටහා ගෙන තිබෙනවා. ඒ නිසා 2022 වසර ආරම්භයේ දීම ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශාල ආර්ථික අභියෝග මැද්දේ වුණත් මේ සහන ලබා දෙන්නේ රජය ජනතාවගේ ප‍්‍රශ්න ගැන සංවේදී නිසායි.

අපේ රජය පසුගිය වසර දෙක තුළම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා. අප වීවලට රුපියල් 50ක සහතික මිලක් නියම කළා. රජයෙන් රුපියල් 50 ක් ගෙවන විට ඒ අනුව පුද්ගලික අංශයෙන් ඊටත් වඩා ඉහළ මිලක් ගොවියන්ට ගෙව්වා. සමහර විට රුපියල් 60 ට 70 ටත් කිලෝව විකුණා ගන්න පුළුවන් වුනේ රජය ගත් ඒ තීන්දුව නිසායි. අද ගොවි ජනතාවගෙන් කොටසකට එය අමතක වී තිබීම කනගාටුවට කරුණක්.

වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා අප ගත් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ දී අපට යම් ගැටලූවලට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරව සන්නිවේදනය නොවීම නිසාත්, වැඩපිළිවෙළ හඳුන්වා දීමේ දී ඇති වූ යම් යම් ප‍්‍රායෝගික

ගැටලූ දේශපාලනීකරණය වූ නිසාත් මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට

වගකිවයුත්තන් විසින් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයන් ජනගත වීමට හේතුවක් වුණා. ඒ අනුව සමහර තීන්දු මහජන දුෂ්කරතාවන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා.

ඒ කෙසේ වෙතත්, හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ.

2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ

රැුසක් ගන්නට සිදුවන වසරක්.අප විසින් ආරම්භ කළ ”වාරි සෞභාග්‍යා’’ වැඩසටහන යටතේ ජනතාවට පහසුකම් සැපයෙන මහා පරිමාණ ව්‍යාපෘති රැුසක් මේ වන විට ඉදි වෙමින් තිබෙනවා.

ගොවි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගත්, කෘෂිකර්මාන්තයට ඉහළ අගයක් දෙන රජයක් වශයෙන් දැනට ආරම්භ කොට ඇති මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති 20ක් ම මගේ ධුර කාලය තුළ නිම කිරීමට අපේක්ෂා කරනවා.

2019 දී මා රට භාර ගන්නා අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිත තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි. ඉනුත් කොටසක් කෙටි කාලීන ණය වශයෙන් ලබා ගත් මුදල්. ඒ වන විට ඉදිරි වසර දෙක තුළ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට වැඩි විදේශ ණය වාරිකයන් ගෙවන්නට තිබුණා. මේ දක්වා පැවති සියලූ රජයන් විසින් වරින් වර ලබා ගෙන තිබූ ණය තමා එසේ අපට ගෙවන්නට සිදු වී තිබුණේ.

පසුගිය වසර ගණනාවක් පුරා රටේ සාමාන්‍ය වාර්ෂික වෙළඳ පරතරය ඩොලර් බිලියන 8ක පමණ ඍණ අගයක් ගත්තා. මේ අඩුව පියවනු ලැබුවේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම සහ විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් ලද පේ‍්‍රෂණ හා විදේශ ආයෝජන හරහා හිමි වූ විදේශ විනිමය යොදා ගනිමිනුයි.

ඉන් අප වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුණේ සංචාරක ව්‍යාපාරය ගැනයි. සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම වසර කිහිපයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරගන්නට අප සැලසුම් කොට තිබුණා.

නමුත් 2019 දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ කොවිඞ් – 19 ගෝලීය වසංගතය නිසා මුළු ලෝකය පුරාම සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. මේ අනුව සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ගලා ආ වසරකට ඩොලර් බිලියන 4.5ක් පමණ වූ ආදායම 2020 හා 2021 වසරවල දී අපට අහිමි වුණා.

රැුකියා වියුක්තියට විසඳුම තිබෙන්නේ රැුකියා උත්පාදනය තුළයි. මේ වන විට රටේ රැුකියා අවශ්‍යතාවන්ගෙන් බහුතරයක් සපුරනු ලබන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර විසිනුයි. මේ නිසා විවිධ ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ශක්තිමත් කිරීමටත් අප හැම විටම ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි. ඒ නිසා ව්‍යාපාරික ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් නිවැරදිව තේරුම් ගෙන ඔවුන් දිරි ගැන්වීම සඳහා උපරිම සහාය ලබා දීමට අප කටයුතු කරනවා.

වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන් වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මාසයකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප‍්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප‍්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදු වෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා 21% පමණ වැය වෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ 4% ක් පමණයි.

ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන විට, විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප‍්‍රමුඛතාව ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

අපට අවශ්‍යව තිබෙන්නේ නව ලොවට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක්. ඒ සඳහා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය

ගැන අප විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. එතෙක් 379ක් ව පැවති ජාතික පාසල් ප‍්‍රමාණය තවත් පාසල් දහසකින් ඉහළ නංවන්නට අප ක‍්‍රියා කරනවා. පාසල් සංවර්ධනය සඳහා ප‍්‍රතිපාදන විශාල ප‍්‍රමාණයක් මෙවර අයවැයෙනුත් අප වෙන් කොට තිබෙනවා. පාසල් අතර ඇති පරතරය අවම කිරීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සෑම පාසලකටම අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට අප කටයුතු කරනවා.

නව ලොව තුළ තරුණ පරපුරට රැුකියා හා ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට තාක්ෂණ අධ්‍යාපනයේ ඇති වැදගත්කම අප හොඳින් හඳුනා ගෙන තිබෙනවා. එබැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත (ීඔෑඵ) විෂය ධාරා හදාරන සිසුන් ප‍්‍රමාණය වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ සෑම විශ්වවිද්‍යාලකටම ප‍්‍රතිපාදන වෙන් කොට වැඩ ආරම්භ කොට තිබෙනවා. මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන් කුමන විෂය ධාරාවක් හැදෑරුවත්, ඒ සියලූ දෙනාටම තොරතුරු තාක්ෂණය, ඉංග‍්‍රීසි හා ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබා දෙන පාඨමාලා හඳුන්වා දීම සඳහා වන ප‍්‍රතිසංස්කරණ දැනටමත් හඳුන්වා දී තිබෙනවා.

තාක්ෂණයෙන් බලගැන්වුණ ඩිජිටල් ආර්ථිකයක් සමඟ සුහුරු ශ‍්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ අප විශාල වැඩ කොටසක් සිදු කළා. මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කරනා රජයේ ආයතන සම්බන්ධීකරණය කරමින් ඒවාට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත්, ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීමටත් වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීමට අප කටයුතු කළා.

නිදහස් අධ්‍යාපන සංකල්පය ඩිජිටල් අවකාශයට ගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා අයිසීටීඒ ආයතනය එකතුව ගොඩනගන ලද

ඊ තක්සලාව පද්ධතිය සියලූ පාසල්වල නිල මාර්ගගත අධ්‍යාපන පද්ධතිය ලෙස ස්ථාපනය කොට තිබෙනවා. සම්පූර්ණයෙන්ම අන්තර්ජාල සේවා ගාස්තුවලින් නිදහස් කොට ඇති මේ පිවිසුම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටත් දැන් විවෘතයි.

අප ඉතිහාසය පුරා ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දුන් ජාතියක්. රටට නිසි නායකත්වයක් තිබුණු අවස්ථාවල අප ඒ අභියෝග සාර්ථකව ජය ගත්තා. මේ අවස්ථාවේත් අපට තියෙන අභියෝග ජය ගන්නට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම්. වර්තමාන අභියෝග ජය ගෙන ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ඉදි කිරීමට අවශ්‍ය කරන සැලසුම් අප ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.

අපේ ඉලක්කය ඉදිරි වසර කිහිපය තුළ කලාපයේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් බවට යළිත් ශ‍්‍රී ලංකාව පත් කිරීමයි. මේ සඳහා කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනෙහිම පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා. අපේ සැලසුම් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේත් ජනතාවගේත් සහාය අවශ්‍යයි. මේ රට අයිති මේ රටේ වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරනා ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලූ දෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි. ඒ නිසා රටට ආදරය කරන සියලූ දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තුව අද (19) පස්වරු 01 ට යළි රැස්වේ.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment