පක්‍ෂ 7ක් එක් වී ‘සර්වජන බලය ’ නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ගනී

202

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීම සඳහා ඊයේ (27දා) පෙරවරුවේ මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තබනු ලැබීය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙසේ ගිවිසුම් ගතවිය.

පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පක්ෂයේ වාසුදේව නානායක්කාර මහතා වෙනුවෙන් පී.වී.ඩී.තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ, ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් දිලිත් ජයවීර යන මහත්වරු ඒ සඳහා අත්සන් ලැබූහ.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්‘ තේමා කරගනිමින් නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවනු ලැබීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment