පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පැමිණි අයුරු

277

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම සමග පවත්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගි වීමට පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (06 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 17 දෙනකුගෙන් සමන්විත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළ තුළ සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර, මෙම පාකිස්තානු ක්‍රීඩකයන් පිළිගැනීමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

මේ අතර දිවයිනට පැමිණි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහුට දින 5ක කාලයක් හුදෙකලාවීමට සිදුව වන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment