පටන් ගත්ත ගමන් ‘පොල් පැටවූ’ බස් 9ක් අත්අඩංගුවට

240

රට විවෘත කළ ඊයේ (01 දා) සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් වැඩිපුර පටවාගෙන ධාවනය වූ පෞද්ගලික බස්රථ 9ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.

මෙලෙස මගීන් අධික ලෙස පටවාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩකරමින් පැමිණ තිබුණේ කළුතර, අලූත්ගම, මතුගම සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ බස්රථ බව ද හෙතෙම කීය. එසේම, ඊයේ දිනයේ බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 748ක් ධාවනය වූ බව ද සභාපතිවරයා කියා සිටියේය.

ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බස්රථ 352ක් ද, ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් බස් රථ 217ක් ද, කළුතර දිස්ති‍්‍රක්කයෙන් බස් රථ 179ක් ද ධාවනය වූ බව ද හේ කීය. මගීන් වැඩිපුර රැුගෙන ගිය බස්රථවල සේවකයින්ට තරයේ අවවාද කර මුදාහැරි බවත්, මෙම වරද යළි කළහොත් ඔවුන්ව පොලිසියට භාරදී නීතිය කි‍්‍රයාත්මක කරන බවත් හෙතෙම කීය.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment