පත්තරයක් වයස්ගත වන්නේ නැත

116

මීට අවුරුදු හතළිහකට පෙර උපාලි පුවත්පත් සමාගමේ Flagship පත්තර දෙකෙන් එකක් වූ ඉරිදා දිවයින (අනෙක Sunday Island ය.) ආරම්භ කරන ලද අවස්ථාවේදී මාධ්‍යවේදියා යන වචනය මේ රටේ තිබුණේ නැත. එකල සිටියෝ පත්තරකාරයොත් ගුවන්විදුලි ශිල්පීහුත් පමණි‘ රූපවාහිනිය ආරම්භක අවධියේ තිබූ උපකරණයක් වූ බැවින් ඒ ගැන කුහුලක් මිස එයින් කළ හැකි බලපෑම ගැන කා තුළවත් උනන්දුවක් නොවීය. මේ කාලයේදී ශ‍්‍රී ලංකාව නමැති රටේ Topography ය හෙවත් මතුපිට පෙනුම මෙසේය. රට ඒ වනවිටත් අර්ධ ගැමි රාජ්‍යයකි. 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව රට තුළ දක්ෂිණාංශික පාලනයක් තහවුරු කරමින් තිබුණත් රටේ වාමාංශික දේශපාලනය සම්පූර්ණයෙන්ම බිම ඇද වැටී නැත. වර්ගවාදී යුද්ධය සංවිධානාත්මක ලෙස පටන් ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබිණ. ඒ වූකලී මේ රටේ ජනතාව ඉතා තදින් පත්තරවලට ඇබ්බැහි වූ යුගයකි. උදේට රස්සාවට යන අයගෙන් අවම වශයෙන් 50% කගේ අතේ කවර හෝ පත්තරයක් තිබිණ. මිනිස්සු සවස් කාලයේදී වේලාසනින් ගෙවල්වලට ගොස් ගුවන්විදුලියේ ප‍්‍රවෘත්ති අසා මුවන්පැලැස්ස හෝ ගුවන්විදුලි රඟමඬල මහත් ආසාවෙන් ශ‍්‍රවණය කර නින්දට ගියහ. මෙකල තිබුණු අයි.ටී.එන්. රූපවාහිනී සේවය පෙනුනේ කොළඹට පමණි‘ 1981 දී ගෙවල් 5000 ට එකක්වත් රූපවාහිනී තිබුණේ නැත. මේ නිසා ආණ්ඩුවේ ගුවන්විදුලියටත් ආණ්ඩුවේ පත්තරවලටත් වැඩි බලයක් පුද්ගලික අංශයේ අලූත් පුවත්පතකට හිමිවීම ස්වභාවික විය.

100% ක් පරිගණක තාක්ෂණයෙන් මීට හතළිස් අවුරුද්දකට පෙර එළිදැක්වූ ලංකාවේ මුල්ම පුවත්පත වන දිවයින ආරම්භ වන්නේ ම ප‍්‍රගතිශීලී කාලතුවක්කුවක් ලෙස ය. පුවත්පතේ ආරම්භක ප‍්‍රතිපත්තිය වූයේ රාජ්‍ය නායකයා හැර සෙසු හැම දෙනෙක්ම විවේචනය කිරීමය. එහෙත් ගෝලයන් විවේචනය කරන විට ගෝලයන් ට ඉගැන්වූ ගුරුතුමා ද විවේචනයවීම ස්වභාවික තත්ත්වයක් වූ බැවින් දිවයිනේ පළවූ ලිපිවලින් 75% කින්ම ජනාධිපති ජේ. ආර්. ට රිදිණ. අර්ධ ගැමි රාජ්‍යයක් වුවද ශ‍්‍රී ලංකාව තුළ එදත් රටට දැරිය හැකි ප‍්‍රමාණයට වඩා ප‍්‍රශ්න තිබිණ. එකල තිබූ ප‍්‍රමුඛ සමාජ සහ ආර්ථික ප‍්‍රශ්නයක් වූයේ 80 ජූලි වර්ජකයන් දහස් ගණනක් රැකියා අහිමි කර මහා පාරට ඇද දමා තිබීමය. මේ නිසා ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව ශ‍්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ දැඩි ද්වේශයට ලක්ව තිබුණි‘ 80 ජූලි වර්ජනයෙන් මහා පාරට වැටුණු දෙතුන් දෙනෙක් දිවයින කර්තෘ මණ්ඩලයට ද බඳවා ගෙන තිබූ බැවින් වර්ජනයෙන් රැකියා අහිමි කරනු ලැබූවන්ගේ ඉරණමේ විභවය දිවයිනට ඉතා හොඳින් දැනී තිබිණ. වර්ජකයන්ගේ පැත්ත ගෙන කතා කිරීම නිසා දිවයින කෙරෙහි ආණ්ඩුව තුළ මහත් වෛරයක් තිබිණ. ඒ අතර ලංකා ඉතිහාසයේ දරුණුම බෝම්බය පත්තු විය. ඒ වූකලී 83 ජූලි කලබලයයි. මේ කලබලයේ දිගුව වූයේ වර්ගවාදී යුද්ධයයි. එය වියදම් අධික” සොරකම් වංචා අධික” කොමිස් බහුල යුද්ධයකි. යුද බිමට පිවිසි තරුණ අවංක සෙබළු ම්ලේච්ඡ වර්ගවාදී නායකයාගේ ත‍්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. උණ්ඩවලට සහ බට්ටා බෝම්බවලට හසුවෙමින් ජීවිත සහ පාද අහිමි කරගත්හ. වර්ගවාදී තිරිසන් එල්.ටී.ටී.ඊ. නායකයා කියා තිබුණේ කොටි ත‍්‍රස්තවාදීන් දහදෙනකු මියයන විට ආණ්ඩුවේ හමුදාවේ එක් සෙබළෙක් වුව මියයෑම ප‍්‍රමාණවත්ය යනුවෙනි. ඇත්තම කතාව වනුයේ මුලදී තිබූ ඇත්තම තත්ත්වයත් එය වීමය. එහෙත් ක‍්‍රමයෙන් යුද්ධය උච්චස්ථානයට පත්වන විට තත්ත්වය අනෙක් පැත්ත හැරුණු අතර අපේ දහයක් මැරෙද්දි කොටින්ගෙන් එකෙක් මියයන ස්වභාවයක් මතු විය. මේ වෙලාවේදී කළ යුතුව තිබුණේ ජාතික නායකත්වය මාරු කිරීමත් යුද සෙබළුන්ගේ ආත්ම ධෛර්යය නැංවෙන පරිදි රටේ ජනතාව හැසිරවීමත්ය. මේ දෙකේදීම දිවයින මහත් සේ දායක විය. කොටින් සමග කළ යුද්ධය අතිශයින්ම පාඩු පිට කළ යුද්ධයකි. ලෝකයේ කිසිම යුද්ධයක් ලාභ පිට නොකෙරේ. යුද්ධයෙන් ලාභ ලබන්නේ ආයුධ වෙළෙන්දා සහ එම වෙළෙන්දාගෙන් කොමිස් ගහන දේශපාලනඥයා පමණි‘ අපේ රටේ තිබූ යුද්ධය අතිශයින් පාඩු යුද්ධයක් වන්නේ එමගින් මිනිස් ජීවිත අහිමිවීමත් සමස්ත ආර්ථිකය ගිලා බැසීමත් ජනතාවගේ හදවත ඉරි තැලීමත් හේතුවෙනි. මේ කොටස් තුනෙන් Recover කරගත හැක්කේ නොඑසේ නම් නැවත අයකර ගත හැකිව තිබුණේ ආර්ථිකයේ ගිලා බැසීම පමණි‘ නැතිවුණු ජීවිත යළි ලබාගත නොහැක. බිඳුණු හදවත කිසිවිටකත් ඇලවිය නොහැකිය. යුද්ධයේ අවසන් කොටස වනවිට යුද්ධ කිරීම සඳහා ඉතිරිව සිටියේ දිවයිනත්” ශ‍්‍රී ලංකා යුද හමුදාවත්” ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂත් පමණි‘ වැඩිදෙනාගේ මතය වූයේ ත‍්‍රස්තවාදීන් දිනන බවය. අන්තිමේදී මේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයාගේ මළ සිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවිය. ඔහු සිටියේ අමුඩය පිටිනි. එක්කෝ මිය යෑමට පෙර ඔහු අමුඩයට බැස්සේය. නොඑසේ නම් මිය යෑමෙන් පසු කට්ටියක් ඔහු අමුඩයට බැස්සවීය. දෙකෙන් කොයික වුණත් ඒ ඕනෑම ක‍්‍රියාවකින් නිරූපණය වුණේ රට දැය සමයේ ජයග‍්‍රහණයයි.

හතළිස් අවුරුද්දක් යනු කෙනකු මැදිවියට එළැඹීමයි. එහෙත් අපගේ විශ්වාසය අනුව පත්තරයක් යනු සර්වකාලීන සදාහරිත මහා චරිතයකි. එය කිසිකලෙකත් මහලූව අබල දුබල වන්නේ නැත. දිවයින ඉදිරි හතළිස් අවුරුද්දත් මේ ආකාරයෙන්ම රට දැය සමය වෙනුවෙන් කැපවෙනවා ඇත. ඒ හතළිස් අවුරුද්දෙන් පසුත් දිවයිනේ අරමුණ වෙනස් වන්නේ නැත. සමහරවිට ඒ වනවිට දිවයින තිබෙනු ඇත්තේ කඩදාසිවල නොව වෙනත් සන්නිවේදන ස්වරූපයක් ලෙසිනි. ඒ ස්වරූපය කුමක් විය හැකි දැයි අපි නොදනිමු. ස්වරූපය කුමක් වේවා දිවයින ජනතාව සමගය. ජනතාව දිවයින සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment