පත්තර කලාව උඩු යටිකුරු කළ විශිෂ්ටයකුගේ නික්ම යාම

284

1971 යොවුන් කැරැල්ල පිළිබඳ ප්‍රධාන අධිකරණ නඩුවේ ඔහු ‘පොඩි අතුල’ ලෙස හැඳින්වූයේය. ඔහු එහි 7 වන විත්තිකරු විය. අපරාධ යුක්ති විනිසුරු මඬුල්ල හමුවේ ඔහු සියලු සැකකරුවන්ගෙන් වඩාත්ම වර්ණවත් චරිතය ලෙස කැපී පෙනෙන අයකු වූ අතර විමර්ශන අවසානයේදී ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම විය.

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාව උඩු යටිකුරු කර දැමූ අභීත පුවත්පත් කලාවේදියකු, ගත් කතුවරයකු, ගවේෂණාත්මක මාධ්‍යවේදියකු, දේශපාලන විචාරකයකු ලෙස අපේ වත්මන් විකල්ප පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ වික්ටර් අයිවන් මහතා සිය දිවිසැරිය නිම කළේය.

ඔහු එතෙක් මෙතෙක් අප දේශයේ මාධ්‍ය කලාව නව මානයකට ගෙනයෑමට කළ මෙහෙය සඳහා යොදාගත් සිය පෑන පෙරේදා උදෑසන නිහඬ වී තිබුණි. කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගත වී සිටි ඒ මහතා මියයන විට 76 වියේ පසුවිය. 1949 වසරේ ජුනි 26 වැනිදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු විය.

වික්ටර් අයිවන් මහතා ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ අතර ඔහු අපේ රටේ දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් දූෂණ නොබියව හෙළිකළ, ඔවුනට අභියෝගයක් වූ මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කළ, විප්ලවීය මෙරට ගවේෂණාත්මත මාධ්‍ය කලාව හඳුන්වා දුන් පුරෝගාමි මාධ්‍යවේදියකු විය. ඔහු රාවය පුවත්පත ආරම්භයේ සිටම අඛණ්ඩව වසර 25ක් එහි කර්තෘවරයා ලෙස කටයුතු කළේය. වික්ටර් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්, දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් සහ සිංහල හා ඉංග්‍රීසි පොත් කිහිපයක කතුවරයෙක්ද වේ.

1971 යොවුන් කැරැල්ල පිළිබඳ ප්‍රධාන අධිකරණ නඩුවේ ඔහු ‘පොඩි අතුල’ ලෙස හැඳින්වූයේය. ඔහු එහි 7 වන විත්තිකරු විය. අපරාධ යුක්ති විනිසුරු මඬුල්ල හමුවේ ඔහු සියලු සැකකරුවන්ගෙන් වඩාත්ම වර්ණවත් චරිතය ලෙස කැපී පෙනෙන අයකු වූ අතර විමර්ශන අවසානයේදී ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම විය. සිරගතව සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මූලධර්මය මෙන්ම මාක්ස්වාදයේ මූලධර්මයද අතහැර ප්‍රචණ්ඩත්වයේ මූලධර්මය ප්‍රතික්ෂේප කර දැමූ බව සඳහන් වේ. ඔහු මහත්මා ගාන්ධි විසින් පැහැදිලි කරන ලද අවිහිංසාවාදී දර්ශනය අනුගමනය කරමින් ඔහුගේ දැඩි අනුගාමිකයකු බවට පත්ව සිටි බවද කියවේ.

1977දී ඔහු ජයවර්ධන රජය විසින් ලබාදුන් කොන්දේසි විරහිත සමාවක් මත අනෙක් අය සමග නිදහස් කරන ලදී. පසුව ඔහු ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වී ගාල්ල අතුරු මැතිවරණයට අසාර්ථක ලෙස තරග කළේය. 1971 කැරැල්ල ‘මෝඩ සිහිනයක්’ බව ඔහු වරක් පවසා තිබුණි. සිරගෙදර සිටියදී වික්ටර් අයිවන් පොත් දෙකක් ලිවීය. පළමුවැන්න ‘කුලී නිවැසියන්ගේ අභියෝගය’ ලෙස නම් කරන ලදී. ‘ගොවිතැන’ අඳ ගොවිතැනේ අභියෝගය 1979දී ප්‍රකාශයට පත්කර තිබුණි. එය ශ්‍රී ලංකාවේ වගාවන් සඳහා බදු අය කිරීමේ වැඩවසම් ස්වභාවය සහ කුලී ගොවිතැන් ක්‍රමය සහ ඵලදායිතාවයට එහි අහිතකර බලපෑම ගවේෂණය කළේය.

කුලී ගොවිතැනේ අභියෝගය (සිංහල) 1979 – අඳ ගොවිතැනේ අභියෝගය 1979, 71 (සිංහල) කැරැල්ල 1979 – 71 කැරැල්ල 1979, ශ්‍රී ලංකාව අර්බුදයක (සිංහල සහ ඉංග්‍රීසි) 1989 – අර්බුදයේ ගමන්මග 1988, දෙමළ අභියෝගය (සිංහල) 1989 – දෙමළ අභියෝගය 1989, The social background of the young rebels of Sri Lanka (Sinhala) 1993 – ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993, සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා (සිංහල) 1993 – සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993, චෙස් මූලධර්ම සහ ශිල්පීය ක්‍රම (සිංහල) 1994 – චෙස් මූලධර්ම හා තාක්ෂණය 1994, ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව සහ විප්ලවය (සිංහල) 1999 – ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999, දේශපාලනයේ නිදහස, ජාතික ඒකාබද්ධතාවය සහ පවුල් අරගලය (සිංහල) 1999 – නිදහස, ජාතික ඒකාග්‍රතාව සහ දේශපාලනයේ පවුල් පොරය 1999, නිම නොකළ අරගලයක් (සිංහල සහ ඉංග්‍රීසි The social background of the younger rebels of Sri Lanka (Sinhala) 1993 – ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993, සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා (සිංහල) 1993 – සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993, චෙස් මූලධර්ම සහ ශිල්පීය ක්‍රම (සිංහල) 1994 – චෙස් මූලධර්ම හා තාක්ෂණය 1994, ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව සහ විප්ලවය (සිංහල) 1999 – ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999, දේශපාලනයේ නිදහස, ජාතික ඒකාබද්ධතාවය සහ පවුල් අරගලය (සිංහල) 1999 – නිදහස, ජාතික ඒකාග්‍රතාව සහ දේශපාලනයේ පවුල් පොරය 1999, නිම නොකළ අරගලයක් (සිංහල සහ ඉංග්‍රීසි) 2003 – නොනිමි අරගලය 2003, ශ්‍රී ලංකාව: අහිමි පාරාදීසයක් (සිංහල සහ ඉංග්‍රීසි) 2006 – කඳුළු සලන පාරාදීසය 2006, පන්සලේ විප්ලවය (සිංහල) 2006 – පන්සලේ විප්ලවය 2006. වංචාවේ රැජින (ඉංග්‍රීසි සහ සිංහල) 2006 – චෞර රැජින 2006

Innocence of the Pen Questioned (සිංහල සහ ඉංග්‍රීසි) 2010 – පෑන අහිංසකද? 2000, චෞර රාජ්‍යය 2010, ප්‍රභාකරන් පරාජය 2010, මට පෙනෙන හැටි 2010, දේශපාලනයේ පවුල හා කුලය 2011, ලංකාව ගලවා ගැනීම 2011, දෙමළ අභියෝගය 2012 අවසානය කුමක්ද?, 2012 ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013, අර්බුදයේ අන්දරය, 1815 – යටත් විජිත යුගයේ සිට 2009 – ඊලාම් යුද්ධයේ අවසාන අයිතිය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සහ අපරාධ අපහාස නීතියද ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

වික්ටර් අයිවන්ගේ අභාවය මෙරට තුළ ඇති වූ බලවත් හිඩැසක් බව ලංකාදීප පුවත්පතේ හිටපු කර්තෘ සිරි රණසිංහ බීබීසී සිංහල වෙත පවසා සිටි බව එහි පුවතක සඳහන් වේ. ‘එතුමා නූතන යුගයේ බිහි වූ කීර්තිමත් විප්ලවකාරි මාධ්‍යවේදියෙක්, කතුවරයෙක්, විචාරකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්’. නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, කර්තෘ සංසදයේ ක්‍රියාකළ ආකාරයද ලංකාදීප පුවත්පතේ හිටපු කතුවරයා සිහිපත් කළේය.

‘එතුමා කර්තෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක්. බොහෝ වෙලාවට උද්යෝගිමත්ව දේවල්වල හොඳ, නරක විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළ කෙනෙක්.’ ‘යුක්තිය සාධාරණය වෙනුවෙන් හැප්පෙන්න පුළුවන් කියන හයිය හැඳුවේ එයා’. ‘ලංකාවේ පත්තර කලාව උඩු යටිකුරු කරපු, එයට කශේරුකාවක් බද්ධ කරලා නව පෞර්ෂයක් හදපු කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි වික්ටර් අයිවන්’ යැයි ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ පෝද්දල ජයන්ත බීබීසී සිංහල වෙත කියා සිටි බවද එහි සඳහන් කර තිබුණි.

මට ඔහු බොහෝ අවස්ථාවලදී හමුවූ අයෙකි. මට ඔහු අවසන් වරට හමුවූයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්නට ලංකාවට ගිය විටකදීය. අපි බොහෝ වෙලාවක් පිළිසඳරේ සිටි හැටි මගේ සිහියට නැඟෙයි. ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට කළ අමිල සේවාව කාලාන්තරයක් අප හැම සිහිපත් කරනු නොඅනුමානය.

වික්ටර් අයිවන් අභීත මාධ්‍යවේදියාණෙනි ඔබට සුබ ගමන්.

වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම පරිදි ඊයේ (20දා) ගාල්ලේදී සිදුකෙරිණ.

ශාන්ත සේනාධීර
(ලංකා නිවුස් යූ.කේ. අනුග්‍රහයෙනි)


advertistmentadvertistment