පතියාලා ප‍්‍රතිඵල මත තීරණය වන ඔලිම්පික් ගමන

283

සටහන – කුෂාන්

ඉන්දියාවේ පතියාලා නුවරදී දැන් පැවැත්වෙන අන්තර් පළාත් මලල කී‍්‍රඩා තරගාවලිය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර ඔලිම්පික් පරිසාධන මට්ටම සලකා බැලෙන අවසන් තරගාවලිය වේ. තරගාවලිය නිමා වෙන ලබන 29 වැනිදා ඔලිම්පික් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තෝරා ගැනෙන අවසාන දිනය ද වේ. ශී‍්‍ර ලංකාවෙන් පතියාලා නුවර බලා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනෙක් පසුගිය දා පිටත් වූහ. දැන් මේ ගෙවෙමින් පවතින්නේ පතියාලා නුවරදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් උරගා බැලෙන කාලයයි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකා නිමාලි ලියනආරච්චි අද (27දා) පතියාලා නුවරදී මීටර් 800 කාන්තා තරගයට සහභාගි වන්නීය. මීටර් 800 ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි පසුගියදා කොළඹ සුගතදාස පිටියේදී පැවැති ජාතික මලල කී‍්‍රඩා ශුරතාවලියේදී එම ඉසව්වෙන් ජයග‍්‍රහණය කළාය.

පතියාලා ප‍්‍රතිඵල මත තීරණය වන ඔලිම්පික් ගමන


මීටර් 400 ඉසව්වේ බලාපොරොත්තු දෙකක් වන කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක හෙට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පතියාලා නුවරදී තරග වදිනු ඇත. මීටර් 400 පිරිමි ජාතික ශූරයා වන කාලිංග කුමාරගේ ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී නැවතත් ජාතික ශූරයා බවට පත් වෙමින් තරගය තත්පර 46.12 කට නිම කළේය. ඒ සඳහා තේරීමේ තරගයේදී ඔහු ඊට වඩා හොඳ කාලයක් එනම් තත්පර 45.99 ක් වාර්තා කළ අතර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අවමය තත්පර 44.90 ක් වේ.

නදිෂා රාමනායකගේ මීටර් 400 දක්ෂතාවය තත්පර 53.32 ක් වන අතර ඇය එය ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී දක්වන ලද දක්ෂතාවයයි. කෙසේ වෙතත් එම ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් සනාථ කිරීමේ අවම කාලය තත්පර 51.35 ක් ලෙස සටහන් වේ.

මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරින් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා බලාපොරොත්තුවේ ඉහළින්ම සිටින්නේ නිලානි රත්නායකයි. මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් තරග වදින නිලානි ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී එම ඉසව්ව විනාඩි 9 යි තත්පර 52.96 කට නිම කරමින් ටෝකියො ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශිත ප‍්‍රසාද ලකුණු ගණන වැඩි කර ගැනීමට සමත් වූවාය. එම ඉසව්වේ කී‍්‍රඩිකාවන් අතරින් 41 වැනි තැනට නිලානි ශ්‍රේණිගතව සිටින අතර ඔලිම්පික් පරිසාදන මට්ටම අසාන්නයේම සිටින කී‍්‍රඩිකාව නිලානි වන්නීය. නිලානි අනිද්දා (29 වැනිදා) රාතී‍්‍ර තරග බිමට පිවිසෙන අතර හෙල්ල විසිකිරීමේ පිරිමි තරගය ද එදින පැවැත්වීමට නියමිතය.

හෙල්ල විසිකිරීමේ ජාතික ශූරයා වන සුමේධ රණසිංහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එහිදී තරග වදින අතර ඔලිම්පික් සඳහා සියුම් හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකි තවත් කී‍්‍රඩකයකු ලෙස ඔහු සැලකේ. ශී‍්‍ර ලංකාවෙන් එම තරගාවලිය සඳහා සහභාගි වූ 100*4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එහි පූර්ව තරගයට පෙරේදා (25 වැනිදා) සහභාගිවීමට නියමිතව සිටියාය.


advertistmentadvertistment