පද්ම ශ‍්‍රී සම්මානයෙන් වජිරා චිත‍්‍රසේන පිදුම් ලබයි

515


ඉන්දීය ජනාධිපතිවරයා විසින් වාර්ෂිකව පිරිනමන ඉහළම සිවිල් ගෞරව සම්මානය වන පද්ම ශ‍්‍රී සම්මානයෙන් 2020 වසරේදී මෙරට ප‍්‍රවීනතම නර්තන ශිල්පිනියක් වන වජිරා චිත‍්‍රසේන මහත්මිය පිදුම් ලැබුවාය.මෙම සම්මාන උළෙල ඉකුත් 08 වැනිදා නවදිල්ලි නුවර පිහිටි රාෂ්ඨපති බවන්හිදී ඉන්දීය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.වජිරා චිත‍්‍රසේන මහත්මියට හිමි සම්මානය අද අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ගේ මහතා විසින් ඇයට පිරිනමන ලදි.


advertistmentadvertistment