පදියතලාවේ පොලිස් ස්ථානාධිපතිට මෝල්ගස් පහර දුන් ලාන්ස් කෝප්‍රල්ට ඇප ලැබුණත් – දවස් 5ක් රිමාන්ඩ් එකේ

59

පදියතලාව පොලිසියේ ස්ථානාධිපති තම විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වද්දී මෝල්ගහෙන් පහර දී බන්ධනාගාරගතව සිටි පසුගිය 22 වැනිදා ඇප නියම වුවත් ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත්ව තවත් අමතර දින පහක් බන්ධනාගාරගත වීමට සිදුව තිබේ.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප ලබාදීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් එච්.එම්. ප්‍රියන්ත බණ්ඩාර හල්යාල මහතා නියෝග කළත් ඇප ලබා දෙන ඇපකරුවන්ගේ පොලිස් වාර්තා එදිනම ලබාදීමට අපොහොසත් වීම නිසා මෙලෙස ඊයේ (27දා) දින තෙක් යළිත් බන්ධනාගාරගත වීමට ලාන්ස් කෝප්‍රල්ට සිදුව ඇත.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment