පනම් බඳින ගස් මුල් අදියර නිමයි

270

මහා සිනමාකරු අකිර කුරසෝවාගේ ඉකිරු සිනමාපටය පාදක කරගෙන ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තා විසින් ටෙලිවිෂනයට නිර්මාණය කරන “පනම් බඳින ගස්” ටෙලිනාට්‍යය විකාශය කිරීම සඳහා වන මුල් අධියරේ වැඩ නිමාකර ඇත. සනත් ගුණතිලක, දිල්හානී අශෝකමාලා, ආනන්ද කුමාරඋන්නැහේ, මිචෙල් දිල්හාරා, නිරෝෂන් ඉලේපෙරුම ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන පනම් බඳින ගස් රූගත කර තිබෙන්නේ පුත්තලම ප්‍රදේශයේ පසුබිම් දර්ශන යොදාගෙනය.

1952 අකිර තරසාවා විසින් ලෝක සිනමාවට දායාද කළ මෙම මහා සිනමා කෘතිය වර්තමානයේත් ලෝකය පුරා නැවත නැවත ප්‍රතිනිර්මාණය සිදුවන්නේ එහි මානව හරයන් හා විශ්වීය වටිනාකම් සදාකාලික වන නිසා බවත් එහෙයින් එම හර පද්ධතීන් අපේ සමාජයට ද දායද කිරීමේ අරමුණින් “පනම් බඳින ගස් ” නිර්මාණය කළ බවත් ස්වකීය කලා නිර්මාණය අදහස් දක්වමින් අධ්‍යක්ෂ සුනිල් කොස්තා පවසන්නේය.

“ඉකුරු” නිර්මාණයේදී කුරසාවා මතු කර දක්වන්නේ බුදු දහමේ ඉගැන්වෙන මූලික ගුණාංගයක් වන අත්හැරීම නැමති උසස් ගුණාංගය ගැනය. එය මෙරට ආගමික සංස්කෘතියට වඩාත් සමීප වන්නක් වන අතර “ පනම් බඳින ගස් ” තුළින් මෙරට සමාජ දේහයට විනයක්ව තිබෙන ගතානුගතික මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් සියුම්ව විවේචනය කර ඇත. පනම් බඳින ගස් නිෂ්පාදනය කර තිබෙන්නේ වසන්ත ජයවර්ධන විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment