පන්දුව අතින් අල්ලා රහීම් දැවී යයි

500

පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද නිසා ටෙස්ට් ඉතිහාසයේ දී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට පත් වීමට මුෂ්ෆිකර් රහීම්ට ඊයේ (06 වැනිදා) සිදු වූයේය.

බංග්ලාදේශයේ මීර්පූර්හි දී නවසීලන්තය සමග ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී කයිල් ජැමේශන් යැවූ පන්දුවකට පහර දී එය අතින් ඇල්ලීමේ වරද මත ඔහු එලෙස ලෙස දැවී ගියේය.

පන්දුවට පහර එල්ල කිරීමත් සමගම පිත්ත රඳවා ගෙන නොසිටින අතින් ඔහු පන්දුව ස්පර්ශ කළ අතර එය පන්දුවේ ගමන් මග සිතාමතාම වෙනස් කිරීමක් ලෙස සලකා පන්දු රකින්නන් කළ ඉල්ලීමකින් පසුව තෙවැනි විනිසුරුවරයා එය දැවී යෑමක් බවට සටහන් කළේය.

පන්දු රැකීමට බාධා කිරීමේ (obstructing the field) දැවී යෑමේ නීති කාණ්ඩය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් 13 දෙනෙකු මීට පෙර දැවී ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ධනුෂ්ක ගුණතිලක ද මීට පෙර ඒ ආකාරයෙන් දැවී ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment