පානදුර මහා සංඝරත්නය, ප්‍රදේශයේ රාජ්‍ය අංශ ප්‍රධානීන් සමග පන්සලෙන් පල්ලියට නෑ ගම් ගිය දර්ශනයක් ඊයේ නත්තල් දා පානදුර දී දැකගත හැකිවිය.
ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි, රෝහල් අධ්‍යක්ෂ, නාගරික කොමසාරිස්, සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි, ජල සම්පාදන කළමනාකරු සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක, යුද හමුදා කඳවුරේ නිලධාරින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි
වූහ. පානදුර එළුවිල ඉස්ලාම් දෙවස්ථානයේ මව්ලවිතුමා ද වැඩසටහනට එක්විය. රසකැවිලි සහ තෑ්‍යගිබෝග රැගෙන පානදුර වලාන වික්ෂෝප මාතා දෙව්මැදුරට පැමිණි පිරිස දේවස්ථානයේ මීසම් පාලක රංජන් ප්‍රියදර්ශන පියතුමා සහ යහපත් එf`ඩ්රාගේ කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය රේණුකා දි සිල්වා කන්‍යා සොයුරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අන්දමින් පිළිගනු ලැබූහ. පිරිස් සුහද කතාබහක නිරත වූහ.
පැමිණි මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන්පස සූදානම් කර තිබූ අතර, සෙසු පිරිස වෙනුවෙන් තේ පැන් සංග්‍රයක් පිරිනැමුණි. පසුව පරිස සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.
වාද්දුව සුමිත් පොතුපිටිය සහ පානදුර දීපිකා කාරියවසම්