පන්සලේ සල්පිලේ මල්වට්ටිය රු.දෙලක්‍ෂ එකොළොස් දහසකට විකිණෙයි

604

මහරගම ආනන්ද මෛත්‍රීය මාවතේ ශ්‍රී චන්ද්‍රශේකරාරාම විහාරයේ ආවාස අරමුදල වෙනුවෙන් පෙරේදා (23දා) රාත්‍රියේ සල්පිලක් පැවැත්විණි. අනඳමෙත් පොදුසේවා සමිතිය විසින්…

සංවිධානය කළ එම සල්පිලේදී මල් වට්ටිය රුපියල් දෙලක්ෂ එකොළොස් දහසකට වෙන්දේසි වීම විශේෂත්වයකි.

අවසන් වෙන්දේසියේදී මල් වට්ටය හිමිකරගත් අචිනි ජයසේකර මහත්මිය විහාරස්ථානයේ බුදු ගෙට ගොස් එය පූජාකරන අයුරු මෙලෙස සේයාරුවට ලක්විය. ශ්‍රී චන්ද්‍රශේකරාරාම අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් වැඩ සිටි විහාරස්ථානයකි.

චතුර පමුණුව


advertistmentadvertistment