පරණ කෝන්තරය පිරිමසා ගැනීමට මිතුරාට කන්න බොන්න දී පොරවකින් ගෙළට හා අත්පාවලට පහරදී මරාදාලා

555

අසල්වැසි තම මිතුරා සමග මත්පැන් පානයකර ඔහුව පොරවකින් කපා කොටා පොල්ගහවෙල, වැලිකඩහේන ප්‍රදේශයේ දී ඝාතනය කර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනාම කලක පටන් ඉතා කුලුපඟ මිතුරන් වන අතර කලකට පෙර ඇති වූ කෝන්තරයක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබේ. එහිදී එක් පුද්ගලයෙක් තම මිතුරාට මත්පැන් හා ආහාරපාන ලබාදී ඉන් අනතුරුව නිවසේ තිබූ පොරවෙන් බෙල්ලට හා අත් පාවලට පහරදී ඝාතනය කර ඇත. මෙම සැකකරු පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

පොල්ගහවෙල – අනිල් සුදසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment