පරිත්‍යාගශීලී සෙනෙහසට උදාවෙන නත්තල

123

අව්‍යාජ සෙනෙහසේ උල්පත වන දෙව්පියාණන් වහන්සේ මිනිසාට කොපමණ පේ‍්‍රම කළාද? සමස්ත මැවිලි අතර උත්තුංග මැවිල්ල වශයෙන් මැව්වේත්, එකිනෙකාට ආවේණික දක්‍ෂතා, හැඩහුරුකම් මිනිසාට ලබා දුන්නේත් උන්වහන්සේ මනුෂ්‍යයාට අසමසම ලෙස ආදරය කළ නිසාය. ලොව සියලූ දෙනා ඒ පිළිබඳව උන්වහන්සේට කෘතඥ විය යුතුය. එහෙත් මිනිසා විසින් එය අමතක ර ඇත. පාපයේ රැුහැනට හසුවී ඇත. එසේ වුවත් මිනිසා කෙරෙහි දෙවිඳුන් දක්වන සෙනෙහස අබමල් රේණුවක තරමින් හෝ අඩුවී නැත. එම යථාර්ථය තවත් ප‍්‍රායෝගික කරමින් උන්වහන්සේ විසින් සිය ඒකජාතක පුත්රුවන වූ කිතු සමිඳුන් මිනිසා පාපයෙන් ගලවා ගැනීමට එවන ලදී. එම අසමසම පරිත්‍යාගය, උන්වහන්සේට ආවේණික කොන්දේසි රහිත ආදරය විහිදුවා දක්වන්නක් වැන්න.

එම පරිත්‍යාගශීලී පේ‍්‍රමය, සජීවීව මෙලොවට ප‍්‍රත්‍යක්‍ෂ වූ දවස නත්තල බව අපට අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. කිතු හිමියන්ට ආවේණික දේවත්වය තමන් වෙතම බදා නොගෙන මිනිසා වෙනුවෙන් පරිත්‍යාග කළේය. දේවත්වයෙන් මිදී දුර්වල මිනිස් බවක් ගැනීම සුළුපටු පරිත්‍යාගයක් නොවන අතර එමගින් බිහිවන නත්තල අද සමරන්නේ හුදෙක් ලෞකික මංගල්‍යයක් වශයෙනි. කිතු සමිඳුන්ගේ සැබෑ කි‍්‍රයාත්මක බව එයින් තහවුරු වන්නේ නැත.

නත්තල සියලූ ලෝක සත්ත්වයාට විමුක්තිය රැුගෙන පැමිණි නිසා මුළු ලොව එය ඉමහත් උත්කර්ෂවත් ලෙස සමරයි. එය වරදක් නැත. එහෙත් නත්තල මගින් ඉස්මතු වන යථාර්ථය අමතක කොට හුදෙක් බාහිර ආටෝපයට පමණක් මූලිකත්වය ලබාදීම අපට අනුමත කළ නොහැකිය. කිතුණු ජනතාවක් ලෙස අපට නත්තල තුළ අන්තර්ගතවන හරය ලොවට බෙදාහැරීමේ වගකීම පැවරී ඇත. එය අප ඉටුකළ යුතු වන අතර එම සුවිශේෂී කාර්ය බාරය වෙනත් ආගමිකයන් වෙතින් අපේක්ෂා කළ නොහැකිය. එලෙස අපිට පැවරී තිබෙන කාර්ය නොපිරිහෙළා ඉටුකිරීමට මෙවර නත්තල තුළ පියවරක් තැබිය යුතුය.

බාහිර ආටෝපයන්ට ප‍්‍රමුඛත්වයක් දෙන අනවශ්‍ය දේවල්වලට වඩා වඩාත් හරවත් දේවලට යොමුවන්නට කාලය එළැඹී ඇත. එම පණිවිඩය සියලූ කිතුනුවන්ට අභියෝගයක් වැන්න. නත්තල හා සබැඳි ඉතා උසස් සිරිත් විරිත් රාශියක් තිබේ. එයින් එකමුතුකම, එක්සිත් බව වර්ධනය වේ. දෙමව්පියන්ට වැඳීම, තෑගි බෝග හුවමාරු කර ගැනීම, පැරණි සිත් රිදීම් වෛරයෙන් අමතක කොට සමගිවීම, සමාව ඉල්ලීම සමාව දීම, එකමුතුවී ආහාර වැළඳීම ඒ අතර සුවිශේෂ වන සිරිත් වේ. වර්තමානයේ අප වෙසෙන තරගකාර සමාජය තුළ වාණිජත්වයේ රැුල්ලට සියලූ දෙනාම හසුවී තිබේ. ඒ නිසා ඉහත සඳහන් කළ සිරිත් අඩු වෙමින් පවත්නා බව පෙනෙන්නට ඇත. එසේ වුවද අප එය ඈත් වන්නට ඉඩ නොදිය යුතුය.

අපගේ දෛනික ජීවිතය තුළ සියලූ අවස්ථාවලදී කිතු හිමියන්ට ප‍්‍රසන්න ලෙස ජීවත් විය යුතු අතර උන්වහන්සේ වෙතින් ඈත්ව යන්නට හේතු වන දේවලින් මිදීමට කි‍්‍රයා කළ යුතුය. එපමණක් නොව කිතු තුමාණන් පවා කි‍්‍රයාකරන්නේ ශුද්ධ වූ ති‍්‍රත්වය නමැති සංඝයා තුළය. පොදු ඒකකය තුළය. උන්වහන්සේද අප වෙතින් එය බලාපොරොත්තුවේ. එනම් සම්බන්ධතා ජීවිතයක් ගතකිරීම උන්වහන්සේගේ අභිමතයයි.

එකිනෙකාගේ යහගුණ දකිමින් ඔවුන් හා බද්ධ වන්නට කි‍්‍රයාකළ යුතුය. ඔවුන් තුළ ඇති දුබලතා නැතිර දෙන ලෙස නිබඳව දෙවිඳුන්ට ප‍්‍රකාශ කළ යුතුවේ. එසේම එකිනෙකා දෙස දයා කරුණාවෙන් බැලීමට, සහය වන්නට, යාච්ඤා කරන්නට නිතර වෑයම් කළ යුතු වන අතර ඒ සඳහා අපට ශුද්ධාත්ම අනුග‍්‍රහය ලබා දෙන ලෙස යාච්ඤා කළ යුතුය. ඔවුන්ට සංවේදී විය යුතුය.

මලින්ත බෝපේආරච්චි
දළුගම – කැලණිය

පරිත්‍යාගශීලී සෙනෙහසට උදාවෙන නත්තල
advertistmentadvertistment
advertistmentadvertistment