පවරපු ජැටියෙන් සල්ලි හොයන්න පුළුවන්ද?

519

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

දියර පොහොර හදිසි මිලදී ගැනීමක් ලෙස පළමුවරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම ඉතිහාස ගතවිය. පොහොර සහ පළිබෝධනාශක නොමැති වීම නිසා වර්ධනය වෙමින් පවතින ගොවි විරෝධතා රැල්ලට පිළිතුරක් ලෙස රජය දියර පොහොර ලීටර් මිලියන 3.1 ක් ඉන්දියාවෙන් මිලදී ගත්තේය.

පසුගිය බදාදා අළුයම ගොඩබෑවේ මිලදී ගත් තොගයෙන් පළමුවන කොටසයි. ලක් සතොසේ පාලනාධිකාරිය විසින් සිදු කල මහා සුදුලූනු වංචාව සම්බන්ධයෙන් මාධ්‍යයට එරෙහිව රහස් පොලිසියට පැමිණි කල වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂින්ද්‍ර රාජපක්ෂ සහ ඞී. වී. චානක දියර පොහොර තොගය භාර ගැනීමට ගුවන්තොටුපොළට යෑම ගොවි ජනතාවට අපූරු පුවතක් වන්නට ඇත. නමුත් කෘෂිකර්මාන්ත ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සිටියේ නැත.

විදේශීය සහ පෞද්ගලික ආයෝජන ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. කොවිඞ් ව්‍යසනය ජාතික ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්කර ඇති මෙම අවස්ථාවේදී” විදේශීය ආයෝජනවල අවශ්‍යතාවය රටට දැඩි ලෙස දැනේ. කොවිඞ් පහර දුන්නේ දූෂණය” නාස්තිය” අක‍්‍රමිකතා සහ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය හේතුවෙන් දුර්වල වූ ජාතික ආර්ථිකයටය.

මෑතකදී 2020 මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ විවාදයේදී කොමිනියුස්ට් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන වීරසුමන වීරසිංහ මන්ත‍්‍රීවරයා වර්තමාන තත්ත්වය අවධාරණය කළේය. 1977 දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය” දළ දේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 24%. රාජ්‍ය ආදායම නොනවත්වා හීනවී 2019 දී ආදායම් ප‍්‍රතිශතය 9% දක්වා අඩුවූවා. මෙම කොවිඞ් තත්ත්වයත් එක්ක අදවන විට රාජ්‍ය ආදායම 0% බැහැලා ඇති කියලා තමන් සිතන බව පැවසූ එම මන්ත‍්‍රීවරයා අවධාරණය කළේ රටේ ආදායම වැඩිකර ගන්නා ක‍්‍රියාදාමයක අවශ්‍යතාවයයි. රටේ ආදායම වැඩිකර ගැනීමට මූලිකව වගකිව යුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව” රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව තම වගකීම පැහැර හැර ඇති බව පෙන්වා දුන් මන්ත‍්‍රීවරයා බරපතළ චෝදනාවක් කළේය. එම ආයතන තුන ශ‍්‍රී ලංකාවේ දූෂිත ආයතන ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන චෝදනාව පාර්ලිමේන්තුවේ අවධානයට යොමුවිය යුතුය. අවාසනාවකට වීරසිංහ මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශයට මාධ්‍ය දියයුතු තරමේ ඉඩකඩක් ලබා දුන්නේ නැත.

එම කනගාටුදායක තත්ත්වයට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතුය” වගවිය යුතුය.

රටේ මර්මස්ථානවලට සුදුසු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ කිසිදු වරදක් නැත. නමුත් පිටස්තර ආයෝජන ලබා ගැනීම ඉතාමත් කල්පනාකාරීව කළ යුතුය. දුර්වල ජාතික ආර්ථිකය දේශීය සහ විදේශීය බලවේග ආකර්ෂණය කර ගනී. එම බලවේග ගිජුලිහිණියන් මෙන් අක‍්‍රමණශීලිය.

මුදල් ලේකම් එස්. ආර්. ආටිගල යුගදනවි බලාගාරය සම්බන්ධව නිව් ෆෝට්රස් නමැති ඇමෙරිකානු සමාගම සමග අත්සන් කළ ගිවිසුමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළේ එම ‘ගිවිසුම‘ දූෂිත ගනුදෙනුවක් බව ප‍්‍රකාශ කරමිනි. නිව් ෆෝට්රස් සමඟ ඇතිකරගත් ගිවිසුම ශ‍්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද? එම ඇමෙරිකානු – ශ‍්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ සමස්ත විදේශීය ආයෝජන ක‍්‍රියාත්මක ආකාරය අවධානයට ලක් කිරීමෙනි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ගිවිසුමට එරෙහිව රටේ ඉහළම උසාවියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීම ද සමස්ත ජනතාවගේ අවධානයට යොමුවිය. ජාතික සංවිධාන එකමුතුව ද යුගදනවි බලාගාර ගිවිසුම අවලංගු කිරීම සඳහා රිට් ආඥාවක් ලබාගැනීමට අභියාචනාධිකරණයට ගියේය. එම නඩු කටයුත්තට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි” ආචාර්ය ගුණදාස අමරසේකර” වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සම්බන්ධ විය. එවැනි තත්ත්වයක් යටතේ විදේශීය සහ දේශීය ආයෝජන රටේ මර්මස්ථාන වලට ලබා ගැනීම විමසා බැලිය හැක. විදේශීය ආයෝජන” අත පෙවීම්” මැදිහත් වීම් පිළිබඳව අප විමසා බැලිය යුත්තේ නැගී එන ලෝක බලවතා වන චීනයට එරෙහිව ඇමෙරිකාව” ඉන්දියාව” ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව බලකඳවුරක් වීමද අවධානයට ලක් කිරීමෙනි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වරායවල සිදුකර ඇති ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. චීනයට එරෙහිව ගොඩනගා ඇති එම කඳවුර ඒකාබද්ධ දේශපාලන” ආර්ථික සහ ආරක්ෂක මෙහෙයුමක යෙදී සිටී. එම ගැටුමට ශ‍්‍රී ලංකාව මැදිවී ඇති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාවේ විදේශ” වෙළඳ සහ ආර්ථික ප‍්‍රතිපත්තියද විමසා බැලිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පිටස්තර (දේශීය සහ විදේශීය) ආයෝජන යෙදවූ පර්යන්තය ‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ය.. ඒ 1999දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරියගේ කාලයේදීය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට 15% කොටස් හිමිවිය. දේශීය සහ විදේශීය ආයෝජකයින් අතර ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ද විය. 1999 සැප්තැම්බර් 5” මෙහෙයුම් ඇරඹූ එම පර්යන්තය කොළඹ වරායේ සමස්ත කාර්යක්ෂමතාවයට හේතුවිය. පාර්ලිමේන්තුවේ බලය හිමිකරගත් සියලූම පක්ෂ කොළඹ වරාය ‘රැකියා බැංකුවක්. ලෙස යොදාගත් බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ දෙස් විදෙස් ආයෝජකයන් නව පර්යන්තය ක‍්‍රියාත්මක කිරීම අවධානයට ලක්විය යුතුය. අදාළ ගිවිසුම වසර 30 කට ක‍්‍රියාත්මකය.

හම්බන්තොට වරාය ඉදිකිරීම් ආරම්භ වූයේ 2008 ජනවාරි මාසයේදීය. වන්නියේ යුද බිමේ දරුණු සටන් පැවති කාලයේදී චීනය හම්බන්තොට ආයෝජනය කළේය. ඉතාමත් උණුසුම් දේශපාලන මාතෘකාවක් වූ හම්බන්තොට වරාය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස අවධාරණය කිරීමට එදා එජාපය නොකළ දෙයක් නැත. හම්බන්තොට වරාය 2010 නොවැම්බරයේදී මෙහෙයුම් ආරම්භ කළේ මහත් උත්සවශ‍්‍රියෙනි. නමුත් හම්බන්තොට වරාය මුහුදු වතුරෙන් පිරෙවූ 2010 අගෝස්තු මස පැවැත්වූ ‘කරදියවර මංගල්‍යට. රුපියල් මිලියන 30ක් වැය කිරීම පාර්ලිමේන්තුවේදී හෙළිවිය. එම මුදලෙන් රුපියල් මිලියන 18ක්ම ගෙවා තිබුණේ කලාකරු ජැක්සන් ඇන්තනිගේ ‘ක‍්‍රියේටිව් හෙලංකා. ආයතනයටයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ‍්‍රීලනිප මහා ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන තරඟ කළ 2015 ජනාධිපතිවරණයේදීද හම්බන්තොට වරාය මැතිවරණ වේදිකාවේදී සාකච්ඡාවට ලක් විය. චීනයට එරෙහිව දේශපාලන යුද්ධයක යෙදුනු එජාපය අවසානයේ ශ‍්‍රීලනිප යේද සහයෝගය ඇතිව හම්බන්තොට වරාය වසර 99 බද්ධකට චීනයට භාර දුන්නේය. ඒ 2017 දීය. එම බදුදීම වරාය විකිණීමක් ලෙස කීවත් වරදක් නැත. හම්බන්තොට වරායෙන් 15% කොටස් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් කළේ එවකට ශ‍්‍රීලනිපය නියෝජනය කළ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාය. අර්ජුන රණතුංග කිසිසේත් එම ගිවිසුමට අත්සන් නොකිරීමට තීරණය කළ නිසා” ඔහුට එම ඇමැති ධුරයෙන් ඉවත් වීමට සිදු විය. වරාය සහ නාවික අමාත්‍යංශය මෛත‍්‍රිපාල සිරිසේන පිළ නියෝජනය කළ මහින්ද සමරසිංහට හිමිවිය. මහා මැතිවරණයේදී ජනතාව ප‍්‍රතික්ෂේප කළ සමරසිංහ එක්සත් ජනතා නිදහස් සංවිධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය. ඒ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත් වීම තුළය. පරාජිත අපේක්ෂකයින් දුසිම් භාගයකට වැඩි ප‍්‍රමාණක් පත් කිරීමට එරෙහිව එදා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ඩිව් ගුණසේකර අධිකරණයට ගියේය. සිදුවූ දෙයක් නැත. ඒවා අතුරු කතාය.

හම්බන්තොට ගිවිසුමට එරෙහිවූ අර්ජුන රණතුංග අවසන් මහමැතිවරණයේදී පරාජය විය. ඔහු එජාප අපේක්ෂකයෙකු ලෙස ගම්පහින් තරඟ කළේය. පොහොට්ටු පක්ෂයෙන් කළුතරට තරඟ කළ මහින්ද සමරසිංහ පාර්ලිමේන්තුවට පත්විය. මෑතකදී එජාපය” ශ‍්‍රීලනිපය සහ පොහොට්ටු පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයා වොෂිංටන් නුවර ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම ලැබිය.

යහපාලන රජය සහ ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගිවිසුම් ගත විය. එවකට ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර පැවති බල අරගලය අතරේ 2019 මැයි මාසයේ ක‍්‍රියාත්මක කළ එම මෙහෙයුමට ජපානයද පාර්ශවකරුවකු විය. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇති කරගත් එම අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට කොටස් 51%ක් හිමිවිය. ඉතිරි කොටස් 49% ඉන්දියාවට සහ ජපානයට හිමිවිය. පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී එම අවබෝධතා ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වූ එදා ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්වූ අද බලයේ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. වෘත්තීය සමිති විරුද්ධ විය. ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මත ශ‍්‍රී ලංකාව එක පාර්ශිකව එම ගිවිසුමෙන් ඉවත් විය. නැගෙනහිර පර්යන්තය වෙනුවට යෝජිත බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට ඉන්දියාවට ආරාධනා කළේය. ඉන්දියාව එම යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දැක්වුයේ නැත.

නමුත් පසුගිය සැප්තැම්බර් 30 දින බටහිර පර්යන්තය සම්බන්ධයෙන් වර්තමාන රජය කළ යෝජනාව ක‍්‍රියාත්මක විය. ඒ ඉන්දියාවේ අදානි සමාගම සමඟය. නැගෙනහිර පර්යන්තයට ආයෝජනය කිරීමට සිටි ජපානය වෙනුවට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ගිවිසුමේ පාර්ශවකරුවෙකු ලෙස අදානි සමඟ එකතු වූ අතර එම ආයෝජකයින්ට පිළිවෙලින් 34% සහ 51% හිමි විය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුපුරුදු කොටස් 15% හිමිවිය. මෙහිදී අවධාරණය කළ යුතු එලෙසෙම අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කොළඹ වරායේ කළ දෙවන ආයෝජනය මෙය වීමයි. ‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් . හිද ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ ශ‍්‍රී ලංකාවේ ඉහළම ආදායම් ලබන සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්ය. මෙම ගිවිසුම අනුව බටහිර පර්යන්තය ගොඩනැගීම” ක‍්‍රියාත්මක කිරීම සහ නැවත ශ‍්‍රී ලංකාවට භාරදීම ගිවිසුම් ගතවූ දින සිට වසර 35 කින් විය යුතුය. අදාළ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධිකය. වසර 5 කට පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නා රජයක් වසර 35 ක් ගිවිසුමකට ඇතුළුවීම කල්පනාකාරීව කළ යුතුය. විදේශීය ආයෝජන සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යය. එවැනි ආයෝජන පාර්ලිමේන්තුව හරහා විමසීමකට ලක්විය යුතු නොවේද. හම්බන්තොට වරාය 99-වසර බද්දකට යටත්ව චීනයට පැවරීම අදහා ගත නොහැක. චීනයට දොස් පවරා පලක් නැත. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් හම්බන්තොට ගිවිසුම සම්බන්ධව ක‍්‍රියාකළ පාර්ලිමේන්තු නියෝජිතයින් සහ නිලධාරීන්ගෙන් මෙවැනි ගිවිසුම් ගතවීමක් කළේ මන්දැයි විමසා බැලිය හැක.

එවකට රජය ජැක්සන් ඇන්තනි ලවා රුපියල් මිලියන 18 සංදර්ශනයක් මාගම්පුර වරායේ පැවැත්වූයේ එම වරාය ගත් චීනයට හිලව් වීමට දැයි ඇසීමට ජනතාවට අයිතියක් ඇත. පාර්ලිමේන්තුවට එවැනි අයිතියක් ඇතිද? ශ‍්‍රීලනිපයේ සහ එජාපයේ වගකීම ‘විගණනය. කළ හැකිය. හම්බන්තොට වරාය චීනයට පැවරීම රටට ඉතාමත් අහිතකර සහ විනාශකාරී බව හිටපු අධිකරණ ඇමැති ආචාර්ය සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට දන්වා ඇත. හම්බන්තොට ගිවිසුම පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් තුළින් අහෝසි කළ යුතු බවට එතුමා කළ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව නීතිපති ඉවත දැම්මේය. ඒ පාර්ලිමේන්තුවේ මහා ලේකම් දම්මික දසනායක නීතිපතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලෙසිනි. කලක් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වූ අද පොහොට්ටු පක්ෂය නියෝජනය කරන විජේදාස රාජපක්ෂ අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවට එල්ලවූ 2019 පාස්කු ප‍්‍රහාරය ගැඹුරින් විමසා බැලිය යුතු වන්නේ චීනය හම්බන්තොට ස්ථානගතවීමද අවධානයට ලක් කිරීමෙන් බවයි.

වර්තමාන රජයේ පාර්ශවකරුවෙකු වන කොමියුනිස්ට් පක්ෂය කෙරවළපිටියේ පිහිටි යුගදනවි බලාගාරය සහ ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවට පැවරීමට එරෙහිව ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ පක්ෂයේ ප‍්‍රකාශයක් වන ඔක්තෝබර් 10” 2021 ‘ඇත්ත. සතිඅන්ත පුවත්පත හරහා පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශ කර ඇත. ඇමැති මණ්ඩලය අනුමත කරන ලද 2019 අගෝස්තු මස ගැසට් කළ ජාතික බලශක්ති සහ ශ‍්‍රී ලංකා විදුලිබල පනතට එරෙහිව ඇමෙරිකානු සමාගමක් සමග ගිවිසුම් ගතවීම ප‍්‍රධාන ලේකම්වරයා පැහැදිළි කර ඇත. නමුත් පාර්ලිමේන්තුවේ එක ආසනයක් (මාතර වීරසුමන වීරසිංහ) හිමි කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය පාර්ලිමේන්තුවේ ආසන 117 හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානයට යොමු නොවන බව පැහැදිළිය. තනි පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සරල බහුතරය හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් හිමි රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය දරයි. කොළඹ වරාය ව්‍යාපෘතියට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රටේ ඉහළම උසාවියේ ගොනුකළ නඩුවට පෙනී සිටි විජයදාස රාජපක්ෂ අදාළ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේදී තම ඡන්දය පාවිච්චි කළේ නැත.

advertistmentadvertistment