පශ්චාත් ගෝලීය මාධ්‍යයේ නව්‍ය ස්වරූපය ජාලතන්ත‍්‍රවාදය යි

646

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ ඇසින්
 
 ගෝලීයකරණ යුගය අවසාන වෙමින් පශ්චාත් ගෝලීය යුගය නැතහොත් පශ්චාත් ගෝලීය ධනවාදය නිර්මාණය වෙමින් පවතී. මෙය ධනවාදයෙන් පසු අවධිය යි. මෙය ‘‘ජාලතන්ත‍්‍රවාදය” බවට පත්වේ. එමෙන්ම ධනවාදී පංතිය 14 වන සියවසේ ආරම්භ වී අවුරුදු 400ක් පමණ පැවති ධනවාදී සමාජය 21වන සියවස වන විට ධනවාදයේ බුරුසුවා පංතිය අභාවයට පත් වූ අතර ඒ වෙනුවට වනය වූ පංතිය ජාලේශ්වරය යි. මෙය ධනවාදයේ විශේෂ අවදියක් ලෙස ද හැඳින්විය හැකියි. ජාලතන්ත‍්‍රවාදය යනු නව සංකල්පයක්. 21වන සියවසේ තමයි මේ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙන්නේ. ජාලතන්ත‍්‍රය හෙවත් ජාලේශ්වරය ඉංග‍්‍රීසියෙන් නෙටොක‍්‍රැසි Netocracy ලෙස ද, ජාලතන්ත‍්‍රවාදය Netocracism ලෙස ද හඳුන්වනවා. 1990 දශකය අවසානයේ ජාලතන්ත‍්‍රවාදය සංකල්පයක් ලෙස වර්ධනය වෙනවා. ඇමෙරිකාවේ Wired සඟරාවේ සංස්කාරක මණ්ඩලය විසින් Netocracy යන වචනය භාවිත කරනවා. පුළුල් ලෙස විද්‍යාත්මක සංකල්පයක් ලෙස කැනේඩියානු රටවල සහ ස්වීඩනයේ මේ පිළිබඳ කෘතියක් ලියා තිබෙනවා. Netocracy නමින් හඳුන්වන එම කෘතිය 21වන ශතවර්ෂය ආරම්භයේ ඇලෙක්සැන්දර් බාත් සහ යන් සොදර් යන පුද්ගලයන් දෙදෙනා විසින් රචනා කර තිබෙනවා. ජාලේශ්වරයේ ප‍්‍රාග්ධනය වන්නේ ධනේශ්වර පංතියේ කාර්මික, භාණ්ඩ, මූල්‍ය ප‍්‍රාග්ධන ස්වරූප නොවන අතර මෙහිදී ප‍්‍රාග්ධනය වන්නේ අවධානය යි (Attention).
 
 යුරෝපය තුළ ජාලේශ්වරය වර්තමානයේ බලය අල්ලා ගෙන සිටින අතර ශ‍්‍රී ලංකාව වැනි රටවල එයට නැඹුරුවක් තිබුණත් බලය අල්ලා ගෙන නැහැ. මේ තත්ත්වය තුළ සමස්ත ලෝකයම සිටින්නේ සංක‍්‍රාන්තික අවධියක යි. එනම් ධනේශ්වර යුගයේ සිට ජාලේශ්වර යුගය දක්වා ගමන් කිරීම සිදුවෙනවා. මෙය සරල පැහැදිලි මාර්ගයක සිදු නොවන අතර යම් යම් ප‍්‍රතිවිරෝධතා සමගයි ගමන් කරන්නේ. ජාලතන්ත‍්‍රවාදයට සමගාමීව සංකල්පයක් ලෙස සමාගම්තන්ත‍්‍රවාදය (Corpocratic) හැඳින්විය හැකියි. සමාගම් ඒකාබද්ධ වී යම් ලෙසකට නිර්මාණය වීම සමාගම්තන්ත‍්‍රවාදයයි. ජාතික රාජ්‍යය තුළ සමාගම් වර්ධනය වී ජාතික රාජ්‍යයයෙන් ඔබ්බට ගොස් පාරජාතික, බහුජාතික, ගෝලීය සමාගම් බවට වර්ධනය වෙනවා. මෙය ද ධනවාදයේ අභාවයත් සමඟ වර්ධනය වන සංකල්පයක්.
 
 ජාලතන්ත‍්‍රවාදය තුළ ආර්ථිකය, භාණ්ඩ සේවා සමඟ කටයුතු කරනවාට වඩා අවධානය (Attention) සමඟ කටයුතු කරයි. එනම් ජාල ඔස්සේ ජනතාව දස ලක්ෂ සංඛ්‍යාවකගේ අවධානය ලබාගැනීමට ප‍්‍රයත්න දැරීම සිදු වෙනවා. ධනේශ්වර යුගයේ නිර්ධන පන්තියක් බිහි කළා වගේ ජාලේශ්වර යුගයේ පරිශීලකයන් බිහි කිරීම සිදුවෙනවා. ජාලේස්වරය තුළ පරිශීලක පරිභෝජනවාදය ප‍්‍රධානතම ලාභාංශය බවට පත්වෙනවා. ඒ සඳහා ජාල ඔස්සේ බලය ව්‍යාප්ත කිරීම සිදුවෙනවා. 1960 වර්ෂයේ අන්තර්ජාලය බිහිවවීමත් සමඟ 80 / 90 ගණන් වල පරිශීලකයන් දැවැන්ත ලෝක ව්‍යාප්ත ජාලයක් බවට පත්වුණා. වර්තමානය වන විට බිලියන ගණනක් එහි විවිධ වේදිකා (platforms) නිර්මාණය වී තිබෙනවා. උදාහරණ – ෆේස්බුක් (facebook), ට්විටර්(twitter), ඉන්ස්ටග‍්‍රෑම් (instagram), වට්ස්ඇප් (Whatsapp)’…
 
 ජාලතන්ත‍්‍රවාදයේ කොටස් තථ්‍යාසන්න අවකාශය (virtual reality) තුළ ව්‍යාප්ත වී තිබෙනවා. ඒවා පාලනය සිදු කරන්නේ පුද්ගලයන් මෙන්ම සීමිත හිමිකාර පිරිසක් සිටිනවා. ඔවුන්ගේ බලය ජාලතන්ත‍්‍රවාදය යි. ජාල පාදක කර කරගෙන තම පාරිභෝගිකයන් පාලනය කිරීම සඳහා ජාලය විසින් මෙහෙයුම් ගෙන යනවා. ජාලේශ්වරය සූක්ෂම මාදිලියක්. නූතන යුගය තුළ ජාලතන්ත‍්‍රවාදය තාක්ෂණය පාලනය කරමින් ප‍්‍රාග්ධනීකරණය පවත්වාගෙන යනවා. එය ධනවාදයට වඩා එහා ගිය එකක්.
 
 ජාලේශ්වරය යනු පශ්චාත් කාර්මික සමාජය තුළ මතුවුණ පන්තියක්. ජාලේශ්වරය මෙන්ම සමාගම්තන්ත‍්‍රවාදය ද ප‍්‍රබල සමාජ මාදිලි ලෙස වර්ධනය වෙනවා. එය අලූත් සමාජ පාලනයක් ලෙස හැඳින්විය හැකියි. ජදඩසා 19 වෛරසය හේතුවෙන් ද ජාතික රාජ්‍ය දුර්වල වෙන්න පටන් ගත්තා. ජාතික රාජ්‍යය තුළ පැවති සෞඛ්‍යය ප‍්‍රතිපත්ති, අධ්‍යාපනය ක‍්‍රමානුකූලව සමාගම්වලට මාරු වුණා. මිනිසුන් පාලනය කිරීම සඳහා තවදුරටත් පොලිසිය, හමුදාව, අධිකරණය, අධ්‍යාපනය ආදී ජාතික රාජ්‍ය තුළ, ධනවාදය තුළ ඇති දේ වෙනසකට ලක් වී ජාල ඔස්සේ මිනිසුන් පාලනය කිරීම සිදුවෙනවා. ඒ සමඟ සමස්ත ජනගහනය චිපිකරණයකට ලක් කිරීම සිදුවෙනවා. ඔවුන් ඒකීය සමස්තයම පාලනයට ලක් කිරීම සිදුවෙනවා. දැනට සංසරණය වන මුදල් අවලංගු වන අතර විද්‍යුත් මුදල් ඒකකයන් ඇතිවීම සිදුවෙනවා. ඒ ඔස්සේ ජාත්‍යන්තර බැංකු පද්ධතිය දුර්වල වීම සිදුවේ සිදුවෙනවා. ජාලේශ්වරය සමඟ සමාජය තුළ විවිධ වෙනස්කම් රාශියක් සිදුවෙනවා. එනම් ජාලේශ්වර සන්නිවේදනය (netocratic communication)  බිහිවෙනවා. එහිදී සංහතික මාධ්‍ය (mass media) වල බලය අඩු වී ජාලේශ්වර මාධ්‍යවල (netocratic media) සන්නිවේදනය වර්ධනය වීම සිදුවෙනවා. ජාලේශ්වර මාධ්‍ය (netocratic media) මඟින් සම්භාව්‍ය ලෙස මාධ්‍ය හා සන්නිවේදනය ඉටුකළ භූමිකාව අතික‍්‍රමණය කර මිනිසුන් මෙහෙයවීම, පාලනය කිරීම, සම්බන්ධීකරණය කිරීම, මිනිසුන් අතර අන්තර් ක‍්‍රියා ඇති කිරීම සිදු කරයි. මෙය සන්නිවේදන මාධ්‍ය තුළ නව සුසමාදර්ශයක්. එහිදී අන්තර්ජාලයට මුල්කරගෙන ස්වයං සන්නිවේදන මාදිලියක් (self comminication system) බිහිවේ. ජාලේශ්වර මාධ්‍යතන්ත‍්‍රය වර්ධනයත් සමඟ මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අවම මට්ටමකට වර්ධනය වෙනවා. යථාර්ථය පිළිබඳ විචාරය නැති වී අධිකතර තොරතුරු වසංගතයක් ඇති වීම මෙන්ම ගුණාත්මක මිනිසුන්ට අවශ්‍ය තොරතුරුවලට වඩා විවිධ නාලිකාවලින් අති විශාල ලෙස අනවශ්‍යය තොරතුරු වර්ධනය වෙනවා. ධනේශ්වර යුගයේ දී පැවති නිදහසවත් මෙහිදී නැතිවී යනවා. මෙහිදී පෙර මිනිසුන් අතර තිබූ සම්බන්ධතා, සජීවි බව නැතිවී යාන්ත‍්‍රික තථ්‍යාසන්න දුරස්ථ සම්බන්ධතා බවට පත්වීම ද සිදු වෙනවා.
 
 කොරෝනා වසංගතය අතරතුර පශ්චාත් ගෝලීය සන්දර්භය තුළ මිනිසාට තෝරාගැනීමට ප‍්‍රධාන අවස්ථා දෙකක් තිබෙනවා. එනම්, මිනිසා සංකේන්ද්‍රණ කඳවුරකට (concentration camp) කොටු වෙනව ද? එනම්, ගෝලීය උපරි රාජ්‍යයේ පශ්චාත් ධනවාදීන්ගේ උපාය මාර්ගවලට අනුව ජාලේශ්වර පන්තියේ මනුෂ්‍ය වර්ගයා අධිතාක්ෂණික ව්‍යුහයන් තුළට සම්බන්ධ වී තථ්‍යාසන්න පාලන ව්‍යුහයන් තුළ කටයුතු කරනවාද? එසේත් නොමැති නම් අනෙක් අවස්ථාව වන්නේ විකල්ප වශයෙන් පශ්චාත් ගෝලීය යුගය තුළ සිදුවන කලාපීයකරණය සහ ස්වදේශීයකරණ ක‍්‍රියාවලිය තුළ ජනතාවගේ ඓතිහාසික අනන්‍යතා සහ මානව ද්‍රව්‍යයන් අනුව තමන්ට ගැළපෙන සමාජ ආර්ථික මාදිලියක් තෝරා ගනිමින් වර්ධනය වෙනවාද? යන තත්ත්වය යි. මෙම අවස්ථා දෙක මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ 21වන සියවසේ පශ්චාත් ගෝලීය අවධිය තුළ එමෙන්ම පශ්චාත් කොරෝනා අවධිය තුළ පැහැදිලිව තිබෙනවා. එය අරගලයක්. මෙම අරගලය ජයග‍්‍රහණය කරයි ද? මේ 2 අතර සංකලනමය තත්ත්වයක් වර්ධනය වෙයිද? යන්න මත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය වෙනවා.
 
 සමේලා රාජපක්ෂ
 ජනමාධ්‍ය අධ්‍යයන අංශය

 කොළඹ විශ්වවිද්‍යාලය
 ශ‍්‍රීපාලි මණ්ඩපය

advertistmentadvertistment
advertistmentadvertistment