පශ්චාත් නව්‍යවාදය කියන්නෙ තවත් එක් රැල්ලක් පමණයි – ලේඛක – එස්. ආර්. සිරි සේනානායක

128

දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයෙහි යෙදෙන එස්. ආර්. සිරී සේනානායක විසින් රචිත “පුණ්‍ය තීර්ථ” නව කතාව  පසුගියදා කර්තෘ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණවරයෙන් නිකුත් විය. 2000 වසර විfiා්දය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව කතාව බවට පත්වූ “පශ්චිම ප්‍රණමය” රචනා කරමින් සම්මානයට පත් වන එස්. ආර්. සිරී සේනානායක මේ වනවිට නවකතා 09 ක් ඇතුළු කෘතීන් 12 ක් පමණ රචනා කොට ඇති ප්‍රවීන ලේඛකයෙකි. පහත පළවන්නේ ඔහුගේ  නවතම කෘතිය පූජ්‍ය තීර්ථ පිළිබඳ සිදුකළ කතාබහකි.

පශ්චාත් නව්‍යවාදය කියන්නෙ තවත් එක් රැල්ලක් පමණයි - ලේඛක - එස්. ආර්. සිරි සේනානායක

ඔබගේ නවතම නිර්මාණය පුණ්‍ය තීර්ථ ආධ්‍යාත්මික පාරභෞතික ක්‍ෂේත්‍රයක් කලාත්මකව ගවේෂණය වන්නක්. ඒ සඳහා නවමඟ නවදැක්ම ආකෘතියක් උපයෝගීකර ගන්නවා ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළහොත්.

මෙහෙමයි, නවකතා, කාව්‍ය හෝ වෙනත් සාහිත්‍යාංගයක් වුව සාම්ප්‍රදායි හා ඒකාකාරී විෂයවස්තු පාදක කරගෙන සම්පාදනයවන්ට වුවහොත් සහෘදයාට එය නීරසව ඉන් ඔහු හෙම්බත් වෙනවා. වර්තමානයේ වෙනත් සාධකයන්ට පරිබාහිරව විදේශීය පරිවර්තන ඔවුන්ට ආකර්ෂණය වීම ඊට සමීපතම හේතුවක් වශයෙන් මා දකිනවා. ලේඛකයා නිරන්තරයෙන්ම නවමාන නවමංකරා ව්‍යාප්ත විය යුතු වෙනවා. කාලීන සමාජ සංස්ථාව විනිවිද දකිමින් එහි විවිධ පැතිකඩ කලාත්මකව විශ්ලේෂණය කළ යුතුයි. එකාකාරී විෂය ක්‍ෂේත්‍රයක රැඳෙන කෙනකුට එය අසීරු කාර්යයක් විය හැකිය. ඒ සඳහා ඔහුගේ චින්තන ධාරාව විචිත්‍ර පරිකල්පනය, ජීවන දෘෂ්ටිය පරිවර්තනයට භාජනය විය යුතුයි. භාරතයෙන් බුදුසමය වියැකී ගිය, සංදර්භයක, විශේෂයෙන් ථෙරවාදී සම්ප්‍රදායේ අග්‍රස්ථානය බවට සිංහල දේශය පත්වෙනවා. ඒ සම්බන්ධ ගවේෂණ පර්යේෂණ කිරීමෙහි නියැළෙන විදෙස් විද්වතුන්ගේ ගමනාන්තයක් වීමේ ගෞරවයට ද පාත්‍ර වෙනවා. නමුත් ඒ උත්තරීතර තත්ත්වය අද අපෙන් ගිලිහිලා. බෞද්ධ චින්තනයේ පරම නිෂ්ටාව හෙවත් ප්‍රභාස්වර චිත්තය පිළිබඳ දෙස් විදෙස් ප්‍රාමානිකයන් වෙත පවා ඒකමතිකත්වයක් නෑ. අවිනිශ්චිත අවුල් සහගත ස්වභාවයක් විiාමාන වන්නෙ. ඒ නිසා ප්‍රථමයෙන් සිංහල බෞද්ධයා වෙත නිර්මාණය කවරාකාර සත්තාවක් දැයි හා එය භව සංක්‍රමණයට තිත තැබෙන්නක් පමණක් නොව, විඳ ආස්වාදය පරිභෝග කළ හැකි සැපතක් පරම සුඛයක් බවත් ඒකරා එළැඹිය හැකි විiාත්මක සරල ආකෘතියක් හෙළි දරව් කර ගැනීමටත් පුණ්‍ය තීර්ථ දායක වෙනවා. මං හෙළි කරනවා.

● එවැනි භාරදූර සංකීර්ණ පාරභෞතික, විෂය ක්‍ෂේත්‍ර ගවේෂණයක් ඔබ හඳුන්වා දෙනු ලබන්නේ නිවනට කෙටිමඟක් (නව මඟක් නව දැක්මක්) වශයෙන්. එවැනි සංකල්පයක් සඳහා ශාස්ත්‍රීය නිබන්ධයක් ග්‍රන්ථයක් සම්පාදනය කරනු වෙනුවට පුණ්‍ය තීර්ථ වැනි නිර්මාණයක් ඔස්සේ එය පෙළගැස්වීමට ඔබ පෙළඹුනේ ඇයි?

ඒ සඳහා දීර්ඝ වශයෙන් විග්‍රහ කළ යුතු බොහෝ සාධක පවතිනවා. ඉතා කෙටියෙන් අර්ථ දක්වන්නේ නම් ගැඹුරු ශාස්ත්‍රීය නිබන්ධයක පෙළ ගස්සනවාට වඩා නිර්මාණ කෘතියක් වැනි ඵලදායි ව්‍යුහයකින් එය මැනවින් කළ හැකියි මා විශ්වාස කළා. උදාහරණයක් වශයෙන් රුසියාවේ සාර් පාලනය බිඳ දමා ඊට විකල්පයක් වශයෙන් කොමියුනිස්ට් පාලන නන්ත්‍රයක් ස්ථාපිත වීමට පියදෝර් ඩොස්නොව්ස්කි, ලියෝ ටෝල්ස්ටෝයි වැනි අසහාය ලේඛකයන්ගේ මහැඟි නිර්මාණ දායක වුණා. නැවත සෝවියට් දේශය බිඳ වැටීමට එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් නව තාක්‍ෂණය උපයෝගී කොටුගෙන ගිය දැවැන්ත ප්‍රචාරණය ඇතුළු අනෙකුත් පරිශ්‍රමවලට වඩා ස්ටාලින් පාලනයේ ක්‍රෑරකම්, නිලධාරිවාදය ඇතුළු වෙනත් පරපීඩක තත්ත්වයන් විදහා දක්වමින් ලේඛකයන්, කවීන් කළ නිර්මාණ කාර්යභාරය විශිෂ්ටයි. ඒ වගේම සාහිහත්‍යධරයා රාජ්‍යයක් තුළ පවත්නා තවත් රාජ්‍යයක් වශයෙන් සොල්සෙනිස්ට් (නවකතාකරු) ප්‍රකාශ කර තියෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති මගේ ව්‍යායාමය ඵලදායි ප්‍රවේශයක් බව.

● පුණ්‍ය තීර්ථ ඇසුරින් ඔබ පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනය අනුව නිර්මාණය හෙවත් ප්‍රභාස්වර චිත්තයට එළැඹීම නිෂ්ටාව බව එමගින් ගම්‍යවන්නේ ඉතිහාසය අවසන් වනබව ද?

සත්තකින්ම සත්ත්වයාගේ පාරභෞතික පැවැත්ම පූනර් භවය, භව සංක්‍රමණය අහෝසි වෙනවා. එය නිශ්චිතයි, තිරසාරයි, ප්‍රත්‍යක්‍ෂයි. අනුමානයක් නොවෙයි. තෝමස් මූර්ගේ යුතෝජියාව, කාර්ල් මාක්ස්ගේ පන්ති විරහිත අවසාන කොමියුනිස්ට් සමාජය මහාචාර්ය ප්‍රැන්සිස් පුකුයාමගේ නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනි ඉතිහාසයේ අවසාන යැයි කියවෙන මතවාද සංකල්ප ඉක්ම වූ විශිෂ්ට විශ්වසනීය ප්‍රායෝගික එළැඹුමක්.

● වාර්ෂිකව පැවැත්වෙන විවිධ සම්මාන ප්‍රදානෝත්සව අරමුණු කොට ලේඛන ලේඛිකාවන් කඩිමුඩියේ සාහිත්‍ය නිර්මාණ එළිදැක්වීමේ ප්‍රවණතාවයක් ඇතැයි චෝදනා නැඟෙනවා. මේ සම්බන්ධ ඔබගේ දැක්ම කවරාකාර ද?

මා අදහස් දැක්වීමට අකමැති විෂයයක් වුණත් ඔබ විමසූ නිසා මගේ ප්‍රතිචාර මෙසේ කැටි කළ හැකියි. මා පෙරත් සඳහන් කළා වගේ සාහිත්‍යධරයකු යනු රාජ්‍යයක් තුළ පවත්වා තවත් රාජ්‍යයක් යන මතයේ සිටිමිනුයි ලිවිසැරියේ නිරත විය යුත්තේ. මූල්‍ය ප්‍රතිලාභ අනිසි ප්‍රසිද්ධිය වැනි අවරගණයේ අපේක්‍ෂාවන් පෙරදැරිව එම උත්තරීත්වය නිඟාවට භාජනය නොකළ යුතුයි. දැන් විශ්වවිiාලවල සිංහල අංශවල සිට රාජ්‍ය අනුමණ්ඩලවල පමණක් නොව විවිධාකාර සම්මාන සඳහා වන සමීක්‍ෂණ විනිශ්චය මණ්ඩල, පශ්චාත් නූතන වාදය කරපින්නාගත් පිරිස එහි පෙර ගමන්කරුවන් පමණක් නොවී නිල හා නොනිල වශයෙන් බලාධිකාරිත්වයකුත් පවරා ගෙන. ඒ ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණයන්ට පමණයි ඔවුන්ගේ පූර්ණ අනුග්‍රහය ආශිර්වාදය ලැබෙන්නෙ. මෙය කෙසේවත් නොසිදුවිය යුතු අවකල්කිරියාවක්. පශ්චාත් නව්‍ය වාදය යනු තවත් රැල්ලක් දාර්ශනික පදනමක් නැති නො වටිනා විලාසිතාවක්, මානවවාදය ඉතිහාසය, සාරධර්ම ඉවතලන උච්ඡේදවාදයක් චාර්මාක දර්ශනයක්. එය යුරෝපය කේන්ද්‍රිත සංකල්පයක් හා අද එහි ප්‍රභාව ක්‍ෂය වෙමින් පවත්නා බව ප්‍රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක සූරීන් පෙන්වා දෙනවා. අනෙක් අතට යථාර්ථවාදය යනු කල්ඉකුත් වූ භාණ්ඩයක් නොව, තවමත් සක්‍රීය අවතක්සේරු නොකළ යුතු ප්‍රබල රීතියක්. විවිධ රටවල ලේඛක ලේඛිකාවන් එය මැනවින් භාවිත කරමින් ලිවිසැරියේ යෙදෙනවා. ඔවුන්ගේ නිර්මාණ සඳහා බූකර් වැනි ජාත්‍යන්තර සම්මාන ත්‍යාග පිරිනැමෙනවා. එවැනි සංදර්භයක ශ්‍රී ලාංකිකයන් පමණක් මෙසේ ඇද බැඳ තබා ඇත්තේ ඇයිද යන්න ගැටලුවක්. කෙසේ වෙතත් මා දැන් කිසිම ආඛ්‍යායන රීතියක් ගැන තැකීමක් නෑ, මා පුණ්‍ය තීර්ථ ඔස්සේ නිවන ප්‍රභාස්වර චිත්තයකරා එළැඹීම සඳහා උපයෝගීකර ගන්නේ විදර්ශනා මාර්ගයයි. රීතියයි. එයත් පහුරක් වශයෙන් පමණයි.

● අවසාන වශයෙන් ඔබගේ නව කෘතිය සඳහා ලැබෙන සහෘද ප්‍රතිචාර ගැන සාකච්ඡා කළහොත්?

‘නිර්වාණය’ යන සකුවදනේ අරුත (තෘෂ්ණාව නැති කිරීම’ යන්නයි. මා උපකල්පනය කළේ එවැනි ගැඹුරු සංකීර්ණ තේමාවක් ඔස්සේ ගලා යන ආඛ්‍යානයක ඉලක්ක කණ්ඩායම අමන්ත්‍රිත පිරිස විය යුත්තේ ගෘහස්ථ බැඳීම්වලින් මිදුණු තරමක් වියපත් – තැන්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි සමාජ ස්ථරයක් විය යුතුයි කියායි. එහෙයින් කර්තෘ ප්‍රකාශයක් වශයෙන් එළිදැක්වූ ‘පුණ්‍යතීර්ථ’ සඳහා මිලක් ඇමුණේ ඩොලරය රු. 200/= සීමාවට අනුරූප රුපියල් ගණනකටයි. ඔබ පිළිගනිද මන්දා මට හිමිවිය යුතු කර්තෘ භාගයවත් මා ගණනය කළේ නෑ. කෙසේ වෙතත් මා අපේක්ෂා නොකළ අයුරින් සමහර විද්වත් යොවුන් ප්‍රජාවගේ ආකර්ෂණය ඒ සඳහා ලැබෙමින් පවතිනවා. ඔවුන් නිර්වාණය හෙවත් ප්‍රභාස්වර චිත්තය කවරාකාර සත්තාවක්දැයි යෝනිසෝමනසි කාරයෙන් තම දෘෂ්ඨිමය නිම් වළලු පුළුල් කර ගැනීමේ වෑයමක නිරත වෙනවා. එය ඉතා ප්‍රශස්ථ ප්‍රවණතාවයක් සේ මා දකිනවා; අගයනවා.

සංස්කරණය – රුවන් ජයවර්ධන
 

advertistmentadvertistment
advertistmentadvertistment