සමාජ අසාධාරණය අබියස අරුමැසි වදන් සමූහයකින් සහෘද මනස්හි විප්ලවවාදී චින්තනය අප‍්‍රාණික කිරීමට වෑයම් කරන කවිහු නොවෙති. ඔවුහු පාලක පැලැන්තියේ මෙහෙකරුවෝ ය. ඔවුන් ප‍්‍රතිභා ශක්තියෙන් සුපෝෂිතව කාව්‍යයන් කෙතෙක් නිර්මාණය කළ ද කවියට නිගරු කරන්නන් ය. උත්තම කවියෙකුගේ ස්වභාවය නම් අයුක්තිය අබිමුව රිසි රිසි සේ පන්හි`ද මෙහෙයවීමය. කාව්‍යාලංකාර විධික‍්‍රමයන් එහිලා නොමැති වූව ද සෘජු ප‍්‍රකාශනයක් වූව ද යථාර්ථය සමාජගත කිරීමට උත්තේජනයන් සපයන සෑම වදනක්ම පාහේම දාර්ශනික වූත් නිර්ව්‍යාජ වූත් කවියක් යැයි මාගේ අදහසය. එපරිද්දෙන් කාව්‍ය නිර්මාණයේ නියළැන්නෝ සමාජ ශෝධකයෝ වෙති.
ලාංකීය කාව්‍යඹර එකලූ කිරීමට සමත් වූ එවැනි කවියකු වශයෙන් බුද්ධදාස ගලප්පත්ති කලාකරුවාණන් හඳුනා ගැනීමට පුළුවනි. නව කතාකරුවකු, කෙටි කතාකරුවකු, කාව්‍ය විචාරකයකු වශයෙන් සාහිත්‍යයේ නොයෙකාංගයන් ස්පර්ශ කිරීමට ඔහු සමත් විය. දොළොස් මහේ පහන (1971) කාව්‍ය සංග‍්‍රහයෙන් නිර්මාණකරණය සඳහා ප‍්‍රවේශය ලබන එතුමන්ගේ දහවැනි නිර්මාණය වන්නේ ‘‘පසළොස් පැය” යි. එහි කර්තෘගේ සටහන තුළ මෙවැනි ප‍්‍රකාශයක් වේ.” කවි පොත් දහයක් රචනා කරන්නට මට වසර හතළිස් හතක් ගත වේ. මගේ කවි ලිවීමේ වේගය දැන් ඔබට දැක ගන්නට හැකියි.” බෙන් ජොන්සන් නම් සාහිත්‍ය විචාරකයා විසින් ගද්‍ය රචනය විෂයෙහි දක්වා ඇත්තේ මෙබඳු අදහසකි.” හදිසියේම ලිවීමෙන් හොඳ ලේඛනයක් ඇති කළ නොහැකිය. අපේ ශෛලිය වියළි හෝ හිස් නොවිය යුතුයි.” (බටහිර සාහිත්‍යය විචාර ප‍්‍රවේශය, තිස්ස කාරියවසම්) ඒ නයින් බුද්ධදාස ගලප්පත්ති නිර්මාණකරුගේ කාව්‍ය රචනයෙහි ශක්‍යතාව මැනවින් සුවිශද වේ.
සාක්ෂි තුනක් එහි අන්තර්ගත පළමුවැනි නිර්මාණයයි. සත්‍ය හඬට තීරු ලිපි ලියන ජයතිලක නම් මාධ්‍යවේදියාට අත්වූ ඉරණම පිළිබඳ සාක්ෂි දීමක් එහිදී විස්තර වේ. පළමු සාක්ෂිකාරිය වන්නේ ජයතිලකගේ බිරිඳයි.
කළුපාට වෙස් මුහුණු
කළු පාට අත්වැසුම්
කළු පාට ටී ෂර්ට්
කළු පාට ගිනි අවි
කළු පාටින් මගේ කට වැහුණා
මිස්ටර් ජයතිලක
ඔව් මම ජයතිලක
සත්‍යයේ හඬටයි තීරු ලිපි ලියන්නේ
ඔව් මම තමයි
එයා කියනවා ඇහුණා
වර්තමාන සමාජයේ වාරණ දමන ලද මාධ්‍ය නිදහස පිළිබඳ රචකයා සුසංවේදී වන්නේ කඳුළු සැලීමෙන් පමණක් හෝ කතිකාවතකින් පමණක් හෝ එය නිමා කළ යුතු සිදුවීමක් නොවන බව හඟවමිනි. සාක්ෂි (3) යටතේ දක්වන කාව්‍ය ඛාණ්ඩය මෙවැන්නකි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදේ
සහජීවනේ… පුහ්:
පිදේනි තටුව ගෙනිච්චේ
පාන්දර යාමේ
සාදුකින් පෙළෙන උන්…..
මෙකී ස්වභාවය එනම් පාලක පැලැන්තියේ කෲරත්වය යුගයෙන් යුගය අවිපරිණාමීව පවතී. ඒ සඳහා මෙතුමන්ගෙම නිර්මාණයක් වන නිශ්චලයි රාත‍්‍රිය (1992) කාව්‍ය සංග‍්‍රහයේ ‘‘ගලා ගිය වැහි වතුර” මැයෙන් සහෘදයා වෙත තිළිණ කරන ලද පීඩිත පන්තියේ වේදනාත්මක ඉරණම පිළිබඳව සඳහන් කාව්‍ය පන්තිය නිදසුන් සපයයි.
එළි නැගේ සැනෙකින්
බිඳ දමා ගනඳුර
පාලූ මාවතේ කොනේ
නිසල වූ රියක
දැල්වූ පහනකින්
ඇසුණි බර අඩි
පාවහන් හඬ
පැලක දැල්වෙමින් තුබු
පහන් සිළුව
සැනෙකින් නිවුනෙ කිම
හැමුවාද සුළඟක්
වේගයෙන්
ගහ කොළ
බිම පතිත කරනට
තරම් සවි ඇති
නැත කිසිදු සුළ`ගක්
හමාගිය වේගයෙන්
වසාගත් මුහුණවල
කළුම කලූවර මිසක
බොරලූ මත ගැටුණු
බර
පාවහන් හඬ මිසක
සමාන අනුභූතීන් නිර්මාණයන් උදෙසා උපයෝගි කරගැනීම දුගී කවියෙකු වශයෙන් සැලකීමට ඇතැමුන් පෙළඹුණ ද එය එසේම නොවේ. කවියා අපේක්ෂිත ලොව නිර්මාණය වීම සඳහා ස්ව පන්හි`ද මෙහෙයවනු ලබන්නේ දැඩි මානවවාදී ගුණය නිසාවෙනි. එය ගතානුගතික පීඩනය මුසු වූ ලොව විසුණු කර නව ලොවක් තැනීමේ පරම අපේක්ෂාව පිළිබිඹු කරවන්නකි. මහගම සේකරයන් පිළිබඳ කේ. කේ. සමන් කුමාර විචාරකයා විසින් තබන ලද සටහනක් මෙහිදී සිහිපත් වේ. ‘‘සේකරගේ අනාගතවාදය රුසියානු කවියේ අභිසංස්කරණවාදයෙන් ද පෝෂණය වූවකි. අභිසංස්කරණවාදය නැතහොත් සාධනකවාදය අලූතින් යමක් ගොඩනැ`ගීම පිළිබඳ උතෝපියානුවාදයක් සමඟ බද්ධ විය.” (සේකරගේ නොදුටු පැත්ත)
උක්ත කියමන ගලප්පත්ති කිවිඳුන්ට ද පොදු බව මාගේ අදහසයි. ඔහුට ඇවැසි පවතින ක‍්‍රමය වෙනස් කිරීමටයි. ඒ සඳහා මානව වර්ගයා නැවුම් චින්තනයක් කරා මෙහෙය විය යුතු බව ඔහුගේ ආකල්පයයි. මෙම කාව්‍ය නිර්මාණයේ එන ‘‘සෙත් පිරිත” නම් නිර්මාණය එබඳු ආකල්පයෙන් පිරිපුන් වූවකි.
සෙත් පිරිත් අසමින්
නින්දට යන්නෝ
සෙත් පිරිත් අසමින්ම
උදෑසන පිබිදෙත්
කිසිවෙකුත් හෝ
යළි නො පිබිදුන හොත්
පෙරදා නින්දෙන්
ඒ සෙත් පිරිත් බලයෙන් ම බව
ඔබ දත යුතු
ජවහර්ලා නේරු විසින් භෞතිකවාදීන් පුරාණ වේදය නිර්දය ලෙස විවේචනය කළයුරු දක්වන තැනදි මෙසේ සඳහන් කරන ලදී. ‘‘ඔවුහු සියලූ’’ ආකාරයේ ඉන්ද්‍රජාල සහ මිථ්‍යා විශ්වාසවලට බලවත් සේ දොස් පැවරූහ. ‘‘(දර්ශනවාදය යනු කුමක් ද, ජී. කිරිලෙන්හෝ, එල්. කොර්ෂුනොවා) එබ`දු අදහසක් මෙහිදී ප‍්‍රකාශිත වේයැයි පැවසුවහොත් එය සාවද්‍ය වේ. මන්දයත් මානව කේන්ද්‍රි බුදු දහමේ අධිෂ්ඨානය හා පුද්ගල වීර්ය නිර්මාණවාදී පදනමකින් වියුක්තව සාකච්ඡුා කරන හෙයිනි. බුදු දහමෙහි හරය නොදැන ජනප‍්‍රිය පරිභෝජනවාදී ආගමක් ලෙස බුදු දහම ඇදහීමේ අනිටු විපාකයන් පවසන්නක් ලෙස ඉහත කවිය විද්‍යමාන වේ.
බොහෝ කාව්‍ය නිර්මාණයන්හි සුලභ මාතෘකා, සුලභ අනුභූතීන් මෙන්ම ප‍්‍රකාශයන් මඟින් ඉදිරිපත් කරන බවක් නූතනයෙහි දක්නට ලැබුණ ද පසළොස් පැය තුළ සුලභ මාතෘකාවන්ට දුලබ අනුභූතීන් විෂය වී ඇති ආකාරයක් විද්‍යමාන වේ. ඒ සඳහා ‘‘මනාලියයි මා” මැයෙන් නිර්මාණය කර ඇති කාව්‍ය නිදසුන් සපයයි. එහිදී අනුභූතීය වශයෙන් රචකයා තෝරාගනු ලබන්නේ වෙළෙඳ පුවරුවක දුටු අබරණ විකිණීම සඳහා භාවිතයට ගත් කාන්තාවකි. එයින් පැල්පතක කඳුළු නූතනයේදී වෙළෙඳ උපාංගයක් වන අන්දම මැනවින් පෙන්වාදෙයි.
කැඩපත අබිමුව
මාල හත නොපෙනෙනා ගෙළ වට
පාළු අතැඟිලි කනකර
සුසුමක් පා කරමි
වැතිරී සයනයෙහි
නිවා දමා පහන්
කුටිය වසාගත්
ගන අඳුර මැද
මෙවැනි නිර්මාණ රැසක් අන්තර්ගත කාව්‍ය සංග‍්‍රහයක් ලෙස ‘‘පසළොස් පැය” හඳුනා ගැනීමට පුළුවනි. එය ශෝකාන්තයක් හෝ විලාපයක් හෝ නොව චින්තන විප්ලවයේ අබිමානය විදහලන නිර්මාණ සංග‍්‍රහයකි. රස විඳිය හැකි රස විඳිය යුතු සහෘද මනසට සමීප වූවකි. මෙම සටහන ආචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් ‘‘කැටපත් පවුර” (1972) කාව්‍ය සංග‍්‍රහයට තැබූ සටහනකින් නිමා කරමි. හේතුව නම් දසවැනි නිර්මාණය තුළ ඔහුගේ සාර්ථකත්වය කෙබඳු වන්නේ දැයි සහෘද ජනයාට තීරණය කිරීමට පහසු වන බැවිනි.
‘‘බුද්ධදාස ගලප්පත්ති සියුම් නිර්මාණ ශක්තියකින් පමණක් නොව තියුණු විචාර බුද්ධියකින් ද ප‍්‍රගතිශීලී දෘෂ්ටියකින් ද යුතු වටිනා තරුණ කවියකු බව මේ කාව්‍ය සංග‍්‍රහය කියවන කල්හි වැටහේ. ඔහු සැබැවින්ම සමාජවාදී කවියකු සේ හඳුන්වාදීම වැරදී ද?”
තැන්නහේනේ නාගිත හිමි
සංස්කරණය – රුවන් ජයවර්ධන