ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්රික් මහ රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අය මෙසේ මිය ගොස් ඇත.මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි නායකයෙකු වන පස් පොඩ්ඩා නැමැති අය මිය ගියේය.
|