කිළිනොච්චිය පළාතේ නීති විරෝධී ලෙස වැලි බොරලූ හා පස් කපන පිරිසට එරෙහිව නිලධාරීන් නීති මගින් කටයුතු කිරීමට සාකච්ඡුා පවත්වන අතරවාරයේ ජාවාරම්කරුවන් මේ වන විට කරච්චි ප‍්‍රදේශයේ අක්කර 250 ක් පමණ විනාශ කොට ඇති බව ප‍්‍රදේශවාසීහු කියා සිටිති.

ගත වූ මාස දෙක ඇතුළත ජාවාරම්කරුවන් කිළිනොච්චියේ වැසියන්ට අයත් බලපත‍්‍ර සහිත ඉඩම්වලින් පස් බොරලූ හා වැලි කපමින් එම ඉඩම් විනාශ කරණු ලැබුවත් නිලධාරීන් ඔවුන්ගේ එම ක‍්‍රියාවන් මැඬ පැවැත්වීමට ගන්නා උත්සාහයන් ඉතා අවම මට්ටමක පවතින බව කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති.
ඔවුන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ වහාම මේ ක‍්‍රියාව නතර කොට කිළිනොච්චියේ වැසියන්ගේ ඉඩම් හා පරිසරය ආරක්ෂා කොට දෙන ලෙසයි.
දිනසේන රතුගමගේ