පැරාලිම්පික් ගිය අයගේ වගතුග
අනිල් ප්‍රසන්න ජයලත්ය. අම්පාර, උහන වෑරන්කැටගොඩ නම් ගම්මානයේ හැදී වැඩුණු අනිල් පාසල් ගියේ වැරන්කැටගොඩ මහා විද්‍යාලයටයි. කලා අංශයෙන් උසස් පෙළ හදාරා A සමාර්ථයන් සහිතව ඉහළින් සමත් වූ අනිල්ගේ එදවස සිහිනය වූයේ ගුරුවරයකු වීමයි. එළිවෙනකන් පාඩම් කර ඒ සිහිනය එළි කරගන්නට සිතුවද ගෙදරදොරේ ආර්ථික ගැටලු ඔහුගෙ සිහිනය බොඳ කළේය.
නිතර යන එන ගමේ කඩයේ බිත්තියේ ගසා තිබූ පෝස්ටරයක් අනිල් දකින්නේ ඒ අතරය. එහි සිටි කමාන්ඩෝ භටයන්ගේ නිර්භීත රුවට හිත යන අනිල් 2004දී රැකියාව ලෙස හමුදාව තෝරා ගනී. එහෙත් 2009 පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී එල්ල වූ දරුණු ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දණහිස කුඩු වී ගියේය. අවුරුදු එකහමාරක් තිස්සේ රෝහලේ ඇදක් උඩ නොවිඳිනා දුක් විඳ අවසානයේ අනිල් හිතේ හයියෙන් නැගී සිටියේය. ක්‍රීඩාවට පිවිසි අනිල් 2014 ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 200 රන් පදක්කමද මීටර් 100 හා දුර පැනීම රිදී පදක්කම්ද දිනාගනී. 2017දී ආර්ථික අපහසුතා හේතුවෙන් හමුදා රැකියාවට හා ක්‍රීඩාවට සමුදී සිල්ලර කඩයක් හා මල් පොච්චි වැඩපළක් ඇරඹුවද කොරොනා වසංගතය හේතුවෙන් එයද අඩපණ විය. වසර 5කට පසු නැවතත් ක්‍රීඩාපිටියට පිවිසෙන අනිල් 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදෙන්නේ හිතේ හයියේ ජවය පෙන්වමිනි. 2024 ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස්
තරඟාවලියේ රිදී පදක්කම දිනාගන්නටද ඔහු සමත්වෙයි. මෙවර පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ මීටර් 100 හොඳම අටදෙනා අතරට පැමිණ පදක්කමක් කරායාම ඔහුගේ අරමුණයි.