පසුගිය ජනපතිවරණයෙන් පසුව අප්‍රසන්න පශ්චාත් මැතිවරණ සමයක් නෑ

76

වැ. බ. පොලිස්පති චුන්නාකම්හිදී කියයි

“මැතිවරණයෙන් පසුව පැවතුණු අප්‍රසන්නම කාලය තමයි මැතිවරණයෙන් පසු කාලය. අපි එකට කිව්වේ පශ්චාත් මැතිවරණ කාලය කියලා. ඒත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව අපට එවැනි අප්‍රසන්න කාලයක් ගෙවුණේ නෑ. අලුත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහිවෙලා” යැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස්පතිවරයා එම අදහස් පළ කළේ යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී පොලිස්පතිවරයා මෙසේද සඳහන් කළේය.

සැමටම නීතිය සමානව ක්‍රියාත්මක කරන්න, සැමටම එක හා සමානව සලකන්න කියලා රජය මට දැනුම් දී තිබෙනවා. නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්න පොලිසියට බලය දී තිබෙනවා. නිසි අයුරින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එය අපේ දුර්වලතාවක්. එය ආයතනයේ දුර්වලතාවක් සහ ආයතන ප්‍රධානීන්ගේ දුර්වලතාවක්. කිසිදු බලපෑමකින් තොරව නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට හොඳ පරිසරයක් ලැබී තිබෙනවා. පොලිස්පතිවරයා සඳහන් කළේය.

ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment