පසුගිය වසරේ (2023) මුල් මාස පහට සාපේක්ෂව මේ (2024) වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය සියයට 63.8 කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ අනුව 2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014 ක් වූ අයවැය පරතරය, මෙම වසරේ (2024) එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් දක්වා අඩු වූ වී ඇති බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවකදීම රජය විසින් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවද 2024 වසරේදී ලබා දී ඇති රුපියල් බිලියන 1537 ක ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් සම්පූර්ණ කිරීමට ඔවුන් මේ වන විටත් සමත් ව ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එම ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙන්නේ රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන රථ වාහන ආනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක් බව ද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත